ඇස්බැස්ටස් සෙවිලි තහඩු භාවිතය අද ශ්‍රී
ලංකාවට අලුත් දෙයක් නොවේ. යමක්කමක් උපයාගෙන ගෙයක් දොරක් ගොඩනඟා ගන්නා අයකුට
නිවසේ වැඩකටයුතු නිමා වූ බවට හුස්මක් කටක් ගන්නට ලැබෙන්නේ වහලට සෙවිල්ලක් යොදා
ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකාවේ ඇති හැකි පැරැන්නන් තමන්ගේ නිවසේ සෙවිල්ලට උළු යොදා
ගත්තද, වර්තමානයේදී බහුලව යොදාගනු පෙනෙන්නේ ඇස්බැස්ටස්ය.
එයට ප්‍රධාන හේතුවක්ද තිබේ. එනම්, ඇස්බැස්ටස්
සෙවිලි භාවිතය උළුවලට වඩා පහසු වනවා සේම, වහලයේ
ලී සැකිල්ලට උළු තරම් වියදමක් දැරීමට අවශ්‍ය නොවීමද නිසාය.
එහෙත්, සැබෑව නම්, ඇස්බැස්ටස් භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක් නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්බැස්ටස් භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක් සමාජයේ ප්රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි.