Showing posts with label සිවිලිමක් ගැන හිතන ඔබට. Show all posts
Showing posts with label සිවිලිමක් ගැන හිතන ඔබට. Show all posts

Sunday, June 5, 2022

කලවැද්දා, උගුඩුවා, තලගොයා, වදුරා සහ සිවිලම

කලවැද්දා, උගුඩුවා, තලගොයා, වදුරා සහ සිවිලම

සිවිලිමක් ඉදිකරන ඔබට වැදගත් සතුන් කිහපයක් තමයි කලවැද්දා, උගුඩුවා, තලගොයා සහ වදුරා, මේ සත්තු එලවන්න සිවිලිමේ රතිඤ්ඤා පත්තු කලාද, සිවිලිමට කරන්ට් වයර් ඇල්ලුවද, සිවිලිමේ සත්තු මැරෙන්න වහ තිබ්බද, සිවිලිමේ ලයිට් පත්තු කලාද, සිවිලිමට මිරිස් දුම ඇල්ලුවද? සිවිලිමේ අමනුෂ්‍ය දෝෂ මකන්න කට්ටඩියො ගෙනාවද මේ මොකකින්වත් මේ සත්තු එලවන්න බැරි වුනා නේද?
මේ සතුන් ඔබේ සිවිලමට ඇතුල් වුනොත් ඔබේ ජීවිතය පවා අප්‍රසන්න එකක් බවට පත්වෙනවා. වසර 05ක් පැරණි අම්පාරේ එකම සිවිලිම ප්‍රදර්ශනාගාරයට සිවිලිමක් ඉදිකරගැනීමට පැමිනෙන ඔබට මෙම සතුන්ගෙ කරදරය හා ඊට සූදානම් වන ආකාරය පිළිබඳ දැනුවත් භාවයක් හදනවා.

කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?



👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද? 👀 සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි 👀 ගෙදරට සිවිලිමක් අවශ්‍යනම් මේ ගැන හිතන්න.... අප ජීවත්වන පරිසරයේ අපිට පෙනෙන හා නොපෙනෙන දේවල් ඇත. නොපෙනෙන දේවල් තිබුනත් දැනුම භාවිතයෙන් නොපෙනෙන දේ ගැන අදහසක් ගන්න පුලුවන්. ඉදිකිරීම් කර්මාන්තයේදීද මෙම පෙනෙන දේ සහ නොපෙනෙන දෙය අතර වටිනාකම

Monday, May 28, 2018

සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද?

සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද
i-panel සිවිලිම නිසා ගෙදර රස්නෙ අඩුවෙනවා. ඊට හේතුව මේ පැනල් ලංකාවේ හදන්නේ ලංකාවේ අධික උෂ්නත්වය පවතින කළාප වලට වගේම නුවරඑළිය වගේ සීත කළාප වලටත් එකසේ ගැලවපන විදිහට. I-panel සිවිලිම ගැහුව කියන්නේ ගෙදර සිවිලිමට ඉහලින් තව සිවිලිමක් ගැහුව වගේ. මොකද i-panel නිර්මාණය කරලා තියෙන්නේ මැද කුහරයක් සහිතව. මේ කුහරය නිසා i-panel සිවිලිම් පැනලය හොද තාප පරිවාරකයක් වෙලා. තාප පරිවාරකයක් නිසා වහලෙන් යට රස්නෙ පහලට එන්නෙත් නෑ. කාබරයක උණුසුම සිවිලිමෙන් ඉහලට යන්නත් බෑ, ඒක නිසා සීත කලාප වල රස්නය රදවා ගන්නත් මේ සිවිලිම කදිමයි. තද රස්නෙ හොදටම මට්ටු කරන විසදුම් සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයෙන් තරම් කවුරුත් හදුන්වලා දීලා නෑ.

Thursday, September 3, 2015

මිතුරු වෙසින් සෙවන සදන මාරකය

ඔබ අප සෑම දෙනා ගේ ම පාහේ එදිනෙදා ජීවිත අව්වෙන් වැස්‌සෙන් බේරා දෙන්නේ ඇස්‌බැස්‌ටස්‌. ලොකු කුඩා භේදයක්‌ නොමැති ව ගමේත් නගරයේත් බොහෝ දෙනකු ගේ නිවාසවල වහළය සෙවිලි කර ඇත්තේ ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩුවලින්. මෙය නිවාසවලට පමණක්‌ නො ව කාර්යාලපාසල්රෝහල් ආදී අපේ ජීවිත ගැටගැසී ඇති අනෙකුත් ගොඩනැඟිලිවලටත් පොදු කතාන්දරයයි. සෙවිලි කිරීමට පමණක්‌ නො ව සිවිලිම් සඳහාත් භාවිත වන මේ ඇස්‌බැස්‌ටස්‌ බැලු බැල්මට පෙනී යන්නේ අපේ කටයුතු පහසු කරදෙන හිත මිතුරෙකු ලෙසයි. 

අතීතයේ දී මෙය මුළු ලෝකයට ම පොදු පිළිගැනීම වුවත් අද වන විට එය බොහෝ සේ වෙනස්‌ වී තිබෙනවා. ඒ මේ සමීප මිතුරා මරණීය තර්ජනයක්‌ වසන් කරගෙන සිටින බවට හෙළිදරව් වී තිබීමත් සමගයි.

Wednesday, September 2, 2015

මාරාන්තික ඇස්බැස්ටෝස් සදහා විකල්පයක්

අඩු වියදමින් සිවිලිමක් නිර්මාණය කිරීමේදී ඇස්බැස්ටෝස් අපේ රටේ ජනප්‍රිය අමුද්‍රව්‍යයක් වුනා. ෆිනිෂින් වහල යනුවෙන් අපේ රටේ ප්‍රසිද්ධ වහල ක්‍රමයටද ඇස්බැස්ටෝස් භාවිතා කරනවා. ෆිනිෂින් වහලයකදී ලොව පුරා සම්මතය වුනේ දැව යොදා නිමා කිරීමයි. ආර්ථික හා පාරිසරික ගැටලු  නිසා වහලට දැව භාවිතා කිරීම අවසන් වෙද්දී විකල්පය වුනේ ඇස්බැස්ටෝස්.
මෙය ලංකාවේදී විකල්පයක් වුනාට යුරෝපා සංගමයට අයත් රටවල් සියල්ල ඇතුළු ජාතීන් 50 කට වඩා සියලුම ආකාරයේ ඇස්‌බැස්‌ටෝස්‌ තහනම් කලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ අඩුම තරමින් 107,000 කට ජනතාවක්‌ ඇස්‌බැස්‌ටෝස්‌ නිසා මියයන බවයි.

Saturday, August 8, 2015

ජලයෙන් හානිනොවන ලංකාවට ගැලපෙන I-panel

සිවිලිමක අවශ්‍යතාවය කල්පනා කරන අයෙකුට ප්‍රධාන වශයෙන්ම එහි සෞන්දර්යාත්මක අගයට මුල් තැනක් හිමි වේ. නමුත් එවැනි සෞන්දර්යාතමක පැත්තකින්ම පමනක් සිවිලිමක් සවි කරගැනීමේ ගැටලු රාශියක් ලාංකිකයන්ට තිබුනි. මූලිකවම එහි වියදම විශාල අගයක් ගත් නිසා කැත වසා ගැනීමේ අරමුනෙන් සිවිලිම් ගසා ගැනීමට ලාංකිකයන් පෙළබුනා. අද වන විට ඒ කැත වසා ගැනීමේ සිවිලිම් කලාව නිසා තම නිවසට ගැටලු ගනනාවක් එක් කර ගැනීමට අපට සිදු වෙලා. සිවිලිමක් සවි කිරීමේදී සැලකිය යුතු කරුණු ගනනාවක් ඇති අතර ඉන් ප්‍රධාන කරුණක් ලෙස ජලයෙන් සිදුවන හානිය සැලකිය යුතුයි. ඝර්ම කලාපීය රටක ජීවත්වන අපට පසුගිය කාලයේ යුරෝපයේ සිවිලිම් කලාවෙන් විශාල බලපෑමක් එල්ල කලා.