Showing posts with label සිවිලිම පුවත්. Show all posts
Showing posts with label සිවිලිම පුවත්. Show all posts

Monday, June 6, 2022

කූරගල පුදබිමේ ඉදිවුන i-panel සිවිලිම

බෞද්ධයන්ගේ පූජා භූමියක් ලෙස වන්දනාමාන කටයුතු ආරම්භවන විට කූරගල පුණ්‍ය භූමියේ ධර්ම ශාලාව හා ධාතු මන්දිරයේ සිවිලිම සදහා i-panel නිෂ්පාදන භාවිතා කොට ඇති බව දුටු අප මහත් සතුටට පත් වුනෙමු!
මේ පුන්‍ය කර්මයට දායක වූ සහෝදර සිවිලිම ප්‍රදර්ශනාගාර හිමිකරු ඇතුලු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනා අතර,
ශ්‍රී ලංකාවේ දේශගුණයට පාරිසරික තත්වයන්ට ගැලපෙන ලෙස පරිසර හිතකාමී බලශක්ති හිතකාමී සිවිලිම් නිෂ්පාදන හදුන්වාදුන් idea සමූහ ව්‍යපාරයට තම අනාගත අරමුණු සාර්ථක වේවායිද ප්‍රාර්ථනා කරමු!
සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය

Monday, May 28, 2018

i-Roof විදෙස් වෙළඳපොල ජයගනී

වහලය සෙවිලිකිරීමේ පෙරළිකාර නිෂ්පාදනයක් ලෙස අයිඩියා සමූහ ව්‍යාපාරය (Idea Group) මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් i-Roof විදෙස් වෙළෙඳපොල ජය ගනිමින් තම ප‍්‍රථම නිෂ්පාදන තොගය පසුගියදා අපනයනය කෙරුණි.

ඉන්දියාවේ බැංගලෝර් හි ප‍්‍රධාන ගොඩනැගිළි ද්‍රව්‍ය සමාගමක් වෙත අපනයනය කෙරෙන පළමු i-Roof තොගය පසුගිය පෙබරවාරී මස මුල් සතියේදී නැව්ගත කෙරුණි. තවත් විදේශ රටවල් කිහිපයකටම ඉදිරි මාස කිහිපයේදී i-Roof අපනයනය කෙරෙණු ඇත. i-Roof සඳහා දැනට ඇණවුම් ලැබී ඇති සෙසු විදේශීය රටවල් වන්නේ බංග්ලාදේශය, ඝානා, මලාවි, මැඩගස්කරය හා ඊජිප්තුවය.

Thursday, September 3, 2015

මිතුරු වෙසින් සෙවන සදන මාරකය

ඔබ අප සෑම දෙනා ගේ ම පාහේ එදිනෙදා ජීවිත අව්වෙන් වැස්‌සෙන් බේරා දෙන්නේ ඇස්‌බැස්‌ටස්‌. ලොකු කුඩා භේදයක්‌ නොමැති ව ගමේත් නගරයේත් බොහෝ දෙනකු ගේ නිවාසවල වහළය සෙවිලි කර ඇත්තේ ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩුවලින්. මෙය නිවාසවලට පමණක්‌ නො ව කාර්යාලපාසල්රෝහල් ආදී අපේ ජීවිත ගැටගැසී ඇති අනෙකුත් ගොඩනැඟිලිවලටත් පොදු කතාන්දරයයි. සෙවිලි කිරීමට පමණක්‌ නො ව සිවිලිම් සඳහාත් භාවිත වන මේ ඇස්‌බැස්‌ටස්‌ බැලු බැල්මට පෙනී යන්නේ අපේ කටයුතු පහසු කරදෙන හිත මිතුරෙකු ලෙසයි. 

අතීතයේ දී මෙය මුළු ලෝකයට ම පොදු පිළිගැනීම වුවත් අද වන විට එය බොහෝ සේ වෙනස්‌ වී තිබෙනවා. ඒ මේ සමීප මිතුරා මරණීය තර්ජනයක්‌ වසන් කරගෙන සිටින බවට හෙළිදරව් වී තිබීමත් සමගයි.

Wednesday, September 2, 2015

ඔබේ සිවිලිමත් අමනුෂ්‍ය වාසභවනක්ද? නිවෙසට සිවිලිම සවිකරන නිවැරැදි ක්‍රමය වාස්තු විද්‍යාත්මක ඇසකින්

ඔබගේ නිවෙස තුළ දුකශෝකයමානසික ආතතිය රෝග පීඩාහිත් රිදවීම්රණ්ඩු සරුවල්සතුරු කරදර වැනි අයහපත් දෑ නිතර සිදුවන්නේ නම් මෙන්ම නිතර නිවෙස අපිරිසුදු වන්නේ නම් එවැනි තත්ත්ව සඳහා හේතු වන වාස්තු ශිල්පීය පැතිකඩ පිළිබඳ ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. වාස්තු ශිල්පය තුළ පෙන්වා දෙන පරිදි ඔබගේ ගෘහය තුළ බලවත් වන්නා වූ ප්‍රධාන කොටස් දෙකක් සිටින බව හඳුන්වා දිය හැකියි.

• සම්‍යදෘෂ්ටික භූමිගත හා රුක්‍ෂගත භූමි වාසී දෙවිවරු
• අමනුෂ්‍යප්‍රේත හා භූත පිරිස්
ඔබගේ ගෘහය තුළ බලවත් වන්නේ දෙවියන්ද නැත්නම්

නිවාස ණයක් ගැන හිතන ඔබට සම්පත් සෙවණ නිවාස ණය

තමන්ට අයත් නිවසක පදිංචි වන්නේ කවදාද කියන සිහිනයක්‌ සමඟ ජීවත් වන සෑම කෙනකුටම ඒ සිහිනය සැබෑ කර ගැනීමේදී මතුවන ලොකුම ගැටලුව වන්නේ ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් මුදලක්‌ තමන් ළඟ නොතිබීමයි.

නමුත්, ඒ ගැටලුවෙන් මිදී සිතට සැනසුමක්‌ ලැබෙන හිසට සෙවණක්‌ තනා ගැනීමේ හැකියාව ඇති කරගන්නට නම් ඔබ ගත යුතු නිවැරදිම තීරණය වන්නේ සම්පත් බැංකුව විසින් හඳුන්වාදී ඇති සම්පත් සෙවණ ණය යෝජනා ක්‍රමයේ ඔබගේ ආදායම මෙන්ම ජීවන රටාවටත් වඩා ගැලපෙන ණය ක්‍රමය තෝරා ගැනීම පමණි.

සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් හා ශාඛා ණය, සමන් හේරත් මහතා පුවත්පතකට දැක්වූ අදහස්.

ප්‍ර. සම්පත් සෙවණ නිවාස ණය ලබාගත හැක්‌කේ කුමන අවශ්‍යතාවයන් සඳහාද?

Friday, August 7, 2015

සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය ඉදිකිරීමට පෙර තත්වය

සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය ආරම්භයට පෙර තත්වය හා සිවිලිම ප්‍රදර්ශනාගාරය එක්කල නව අර්ථය