Tuesday, June 7, 2022
දිලීර හෙවත් පුස් විවිධත්වය, සිවිලිමත් පුස් කයිද?
Monday, December 10, 2018
චීනය ප්ලාස්ටික් ආනයනය තහනම් කරයි
පසුගිය වර්ෂයේ දී චීන රජය එරටට ආනයනය කරනු ලබන ඇතැම් පසුභාවිත අපද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ ය. 1980 දශකයේ පමණ සිට චීනය ප්ලාස්‌ටික් ඇතුළු ද්විතීයික අමුද්‍රව්‍ය හෙවත් භාවිත කරන ලද ද්‍රව්‍ය ආනයනය කිරීමේ යෙදී සිටියේ ය. ඒවා යොදාගන්නා ලද්දේ ප්‍රතිචක්‍රීකරණය මඟින් විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි දේ ලබාගැනීම සඳහා ය. එමඟින් සම්පත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ආනයනය කරන රටවල් අතර මුල් තැන චීනයට හිමි විය. සංඛ්‍යාලේඛන ආශ්‍රිත ව දක්‌වන්නේ නම්, 1992 වර්ෂයේ සිට 2016 දක්‌වා ගත වූ කාලයේ දී ලෝකයේ එක් රටකින් තවත් රටකට අපනයනය කරන ලද ප්ලාස්‌ටික් අපද්‍රව්‍ය අතරන් 45%ක් පමණ ආනයනය කර ඇත්තේ චීනයයි.
Friday, September 7, 2018
ප්ලාස්‌ටික් බීම බටවලට එරෙහි ව යම් සමාජ මතයක් තැනීම
"මෙය එක් බීම බටයක් පමණයි"
බිලියන 8ක ජනතාවක් එසේ පැවසූ හ.
මේ වැකියෙන් දැක්‌වෙන්නේ සැලකිය යුතු පිරිසක් අතර ඇති එක්‌තරා පොදු හැඟීමකි. වරක් භාවිතයෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික් බීම බට (ස්‌ට්‍රොa) එසේ ඉවත දැමීම නිසා සැලකිය යුතු පරිසර දූෂණයක් ඇති වෙයි. මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව අතර ඇති හැඟීමක් වන්නේ මා භාවිත කරන්නේ එක බීම බටයක් පමණයි යන අදහසයි. එහෙත් බොහෝ දෙනා එසේ සිතා ප්ලාස්‌ටික් බීම බට භාවිත කරන විට පරිසරයට එකතු වන බීම බට ප්‍රමාණය අති විශාල ය. තම තමන් පෞද්ගලික ව පරිහරණය කරනු ලබන්නේ එකක් පමණක් වුව ද, සියලු දෙනා එසේ පරිහරණය කිරීමෙන් සමස්‌තයක් ලෙස පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය ගැන අවබෝධයක් නොමැති වීම මෙයට නිදසුනකි. මෙය අදාළ වන්නේ ප්ලාස්‌ටික් බීම බටවලට පමණක් නො වෙයි. වරක් භාවිතයෙන් පසු ඉවත ලන බොහෝ ප්ලාස්‌ටික් නිෂ්පාදනවලට ද මෙය අදාළ ය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු දැවැන්ත අන්තර්ජාතික සමුළුව සයිටීස්
ශ්‍රී ලංකාවේ මේ වන විට විශාල උත්සව හා සමුළු පැවැත්වී තිබෙනවා. 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය නායක සමුළුව එවැන්නක්. එහෙත් ලබන වසරේ මැයි මාසයේ 23 වැනි දා සිට ජූනි මාසයේ 03 වැනි දා දක්‌වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ව ඇති සයිටීස් සමුළුව එතෙක් මෙතෙක් ලංකාවේ පැවත්වෙන අති දැවැන්ත ම සමුළුව වීමට නියමිතයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙවැනි සමුළුවක සත්කාරක රට වීමේ අවස්‌ථාව තවත් දශක ගණනාවකට පසුව වත් අප වැනි රටකට නැවත හිමි වනු ඇත් ද යන්න අවිනිශ්චිතයි. එබැවින් ජාතියක් වශයෙන් එහි ඇති වටිනාකම හා එය හා සබැඳී ඇති අවස්‌ථාවල ඇති විභවය වටහාගෙන ඉන් උපරිම ඵල ප්‍රයෝජන නෙළාගැනීමට සමස්‌ත ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සියලු දෙනා ම එකාවන් ව පෙළගැසිය යුතුයි.
Saturday, August 18, 2018
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය ලෝක Green Building Council හි සාමාජිකත්වය දරයි
අප ජීවත් වන නිවස හෝ රැකියාව කරන ස්‌ථානය ප්‍රියමනාප තැනක් නම් එහි නිරතුරු රැෙදන්නට මෙන්ම කරන කාර්යය සතුටින් කරන්නට අපට සිතේ. ස්‌ථානයක් ප්‍රියමනාප වන්නට භෞතික සාධක මෙන්ම අභෞතික සාධක ද බලපායි. මෙහි ලා අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ එවැනි එක් භෞතිsක සාධකයක් පිළිබදව ය. එය නම් ගොඩනැගිල්ලක් හරිතකරණයට බදුන් කරවීමෙන් ලැබෙන ප්‍රයෝජන ය.
මීට කෙටි කලකට ඉහත දී එනම් 2018 වසරේ මුල් භාගයේ දී ඉන්දුනීසියාවේ Sumatera Utara විශ්වවිද්‍යාලයයේ H. Tamiami ඇතුළු පිරිස ඉතා අගනා අධ්‍යයනයක් කළ හ.
එය නම් හරිත ගොඩනැගිලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවට සිදු කරන බලපෑම විමර්ශනය කිරීමයි. මූලික ව ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට එය හේතු වේ දැයි බැලීම මෙහි දී සිදු විය. මීට අදාළ අධ්‍යයනය Material Science and Engineering ජර්නලයේ නවතම කලාපයේ (2018 පළමු කාර්තුව) පළ වී තිබේ.
Sunday, July 8, 2018
ගස් වැවීමට වඩා ගස් කැපීම නැවතීම යුගයේ අවශ්‍යතාවයයි
මේ කෙටි පොදු පුර්විකාව ගෙන ආවේ,පරිසරය පුජනීය බවත්, එය සුරක්ෂිත කිරිමට වත්මන් සමාජය රිසියෙන්-නිසියෙන් ක්‍රියා නොකරන බවත් පැහැදිලි කිරිම පහසු කර ගැනිම පිණිසයි.
පරිසරය පෙරටුකොට, බිදියි මිනිසා පළමු, සිව්වන, සිල් පද
"ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටයාර 8000 ක් වසරකදී විනාශයි" අප රටේ ඇත්තේ ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීමේ අවශ්‍යතාවයකි
ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ යළි පදිංචි කිරීම් හේතුවෙන් වසර කිහිපයක් ඇතුළත විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3000 ක් පමණක් බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී හේමන්ත විතානගේ පවසයි.
මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවත්නා 29.7% ක් වූ වන ආවරණය 2022 වනවිට 32% ක් දක්වා වැඩි කිරීම රජයේ අරමුණ වී තිබේ.
එම අරමුණ ඉටුකිරීමට නම් අදාළ කාලපරිච්ඡේදය තුළ හෙක්ටෙයාර් 150,650 ක වන බිම් ප්‍රමාණයක් ඇති කළ යුතු බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම සිවිල් සංවිධාන එක් වී එම ක්‍රියාකාරී සැළැස්ම සකස් කොට තිබුනි.
Saturday, July 7, 2018
වසර 2ක නියගයේ විපාක අවසන් වන ලකුණු
ඉකුත් සමයේ දේශගුණ විපර්යාසවල බලපෑම් ශ්‍රේණියකට හසු ව අඩපණ ව තිබූ මෙරට කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය මේ වසරේ නැවත හිස ඔසවන ලකුණු පෙන්නුම් කරන බව Oxford Bñiness Group (OBG) නමැති සංවිධානය නිකුත් කර ඇති වාර්තාවක දැක්‌වේ.
OBG යනු ගෝලීය පර්යේෂණ සහ උපදේශන ආයතනයක් වන අතර ලෝකයේ රටවල් 32ක විද්‍යාත්මක පර්යේෂණ හා විශ්ලේෂණ පාදක කරගත් වාර්ෂික ආයෝජන හා ආර්ථික වාර්තා සැකසීම මේ ආයතනය මඟින් සිදු කෙරෙයි. මේ සඳහා ඒ ඒ රටවල් තුළ ම සිදු කරන ලද අධ්‍යයන යොදාගනු ලැබේ.
වාර්තාවේ දැක්‌වෙන ආකාරයට, දේශීය සහල් නිෂ්පාදනය ශක්‌තිමත් වීම සහ යළි හඳුන්වා දෙන ලද තීරු බදු හේතුවෙන් විදෙස් කරා ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගෙන ජාතික ආදායම් ඉහළ නංවාගැනීමට මේ වසරේ දී මෙරටට අවස්‌ථාව සැලසෙනු ඇත.
Monday, May 28, 2018
හරිත රසායනය (Green Chemistry) යනු කුමක් ද?
Friday, May 26, 2017
දේශගුණ විපර්යාස හමුවේ අපේ වගකීම්
රටක උන්නතියෙහි පදනම ඉහළ සාක්‌ෂරතාවයි. දේශගුණික විපර්යාස හා ඉන් මිහිතලයට එල්ල වන පෙර නො වූ විරූ පාරිසරික තර්ජන පිළිබඳව ගෝලීය ප්‍රජාව ගේ දැනුවත්භාවය වඩාත් හොඳින් ඉහළ නැංවීම, ඒවා අවම කරගැනීමට මහෝපකාරී වේ. පරිසරය ආරක්‌ෂා කිරීම පිළිබඳ අවධානය හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ධෛර්යවත් කිරීම සඳහා සියලු ලෝකවාසී ප්‍රජාව දැනුමින් සවිබල ගැන්වීම කාලීන අවශ්‍යතාවකි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම නිසා සිදු වන දේශගුණ විපර්යාස මිනිසා ගේ පැවැත්මට ඇති ප්‍රධාන අභියෝගය ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායුවල ප්‍රතිඵලයක් වේ.
වන විනාශය හා වන හායනයෙන් සිදු වන හරිතාගාර විමෝචන අඩු කිරීම REDD+
පුරාවස්‌තු සංරක්‌ෂණයට නව තාක්‌ෂණය
Sunday, January 10, 2016
සිවිලිම් විදුලි පංකා සඳහා ලොව පළමු වරට ටයිමරයක් නිපදවූ අපේ මහාචාර්යවරයාට මේ වසරේ නව නිපැයුම්කරුවන් ගේ කොමිසම විසින් පිරිනමනු ලබන දසිස් සම්මානයෙන් පිදුම් ලබයි
විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?
Wednesday, January 6, 2016
පිළිකාකාරක මාරාන්තික ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට හේතු බව සොයාගත් මහාචාර්ය සරත් ගුණතිලකට ඇමෙරිකාවෙන් සම්මානයක්
මහාචාර්ය සරත් ගුණතිලක ලෝන්ග් බීච්හි කැලිෆොaනියා විශ්වවිද්යාලයයේ සෞඛ්‍ය විද්යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ධුරයක් හොබවන අතර සේවානියුක්තික සෞඛ්යය පිළිබඳ නාගරික රාජ්‍ය රෝහලේ අධ්යක්ෂ තනතුර ද හොබවයි.
චිකාගෝහි දී පැවැති ඇමෙරිකාවේ මහජන සෞඛ්‍ය සංගමයේ වාර්ෂික සැසියේ දී මේ සම්මාන ප්රදානය සිදු කෙරිණි.
Friday, December 18, 2015
ශ්‍රී ලංකාවේ සෑම නිවසකම, ගොඩනැඟිල්ලකම දැනටමත් පවතින ඇස්‌බැස්‌ටස් සෙවිලිද ඉවත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි
එහෙත්, සැබෑව නම්, ඇස්බැස්ටස් භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක් නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්‌බැස්‌ටස් භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක් සමාජයේ ප්‍රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි.
Tuesday, December 15, 2015
රජයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඇස්‌බැස්‌ටස් යොදාගැනීම නවතියි
මේ විද්වත් හමුවට සෞඛ්‍ය පරිසර යනාදී ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය ආයතන ප්රධානීන් මෙන්ම ඇස්බැස්ටස් කර්මාන්තයේ නියෑළෙන්නන් නියෝජනය කරන පිරිස් ද සහභාගි වී ඇත.
2018 වසරේ පටන් මෙරටින් ඇස්බැස්ටස් තුරන් කරන බව ජනාධිපතිවරයා මින් පෙර ප්රකාශ කර තිබිණි.












