2018-2022 අතර කාලය තුළ ක්‍රියාවට නැංවීමට නියමිත මේ සැලැස්‌ම වනාන්තර කේන්ද්‍රීය වූ තිරසර සංවර්ධනයක් අරමුණු කරගත් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග 13කින් සමන්විත වැඩපිළිවළකි. මේ සඳහා කෙරෙන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100කි.
වන විනාශය හා වන හායනයෙන් සිදු වන හරිතාගාර විමෝචන අඩු කිරීම, දේශගුණ විපර්යාසය පාලනය කිරීම සඳහා REDD+ මගින් හඳුනාගෙන ඇති යාන්ත්‍රණයකි.
ඡායාරූපයේ දැක්‌වෙන්නේ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Una McCauley මහත්මිය විසින් ජාතික REDD+ ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්‌මේ පළමු පිටපත ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කරන ලද අවස්‌ථාවයි. පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ද ඡායාරූපයේ සිටියි.
No comments:
Post a Comment