Showing posts with label වාස්තු විද්‍යාව. Show all posts
Showing posts with label වාස්තු විද්‍යාව. Show all posts

Saturday, October 9, 2021

වාස්තු විද්‍යාවෙන් ලැබෙන ශක්තිය ඔබේ නිවසට එක්කරන්න. අවශ්‍ය සෙවන නම් සුදුසුම I-panel සිවිලිමක්,

 
වාස්තු විද්‍යාවෙන් ලැබෙන ශක්තිය ඔබේ නිවසට එක්කරන්න.
අවශ්‍ය සෙවන නම් සුදුසුම I-panel සිවිලිමක්, 
මිනිසාගේ මෙන්ම සියලු සතුන්ගේම ජීවය බදු ගස් වැල් දේවත්වයෙන් ආරක්ෂා කරගැනීමේ යුතුකම අප සැවොම ඉටු කළ යුතුය. ගස්වැල් විනාශ නොකර අවශ්‍ය පෝෂණයන් ලබා දෙමින් රැක ගැනීම , රුක් රෝපණය කිරීම , විශේෂයෙන්ම ඖෂධ පැලෑටි රෝපණය මහත්පල මහානිසංස ගෙන දෙන කාර්යයකි. රුක් රෝපණයෙහි ඇති වැදගත්කම හේතුවෙන් අවුරුදු නැකැත් අතරට රුක් රෝපණ නැකත අලුතින් එක් කොට ඇත. එම නිසා සැවොම සෞභාග්‍යය උදා කරගැනීම සදහා ගස් වැල් රෝපණය කිරීම කල යුතුය. එහෙත් රුක් රෝපණය නිසි තැන නිසි පරිද්දෙන් කල යුතු අතර එසේ නොවුනහොත අසුබ ඵල ගෙනෙනෙ බවට වාස්තු විද්‍යාවේ සදහන් වේ.

Sunday, July 8, 2018

පොඩි පොඩි වෙනස්කම් කරල වාස්තු දෝෂ මග හැරගන්න කරගන්න පුළුවන් දේවල් 09ක්

වාස්තු විද්‍යාවේ වඩාත්ම වැදගත් අංගයක් නම් ධනාත්මක ශක්තියයි. නිවසට ධනාත්මක ශක්තිය ලැබේ නම් බොහොමයක් දෝෂ මඟහරවා ගත හැකි බව කියවෙනව. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබ ඉන්න නිවසේ වාස්තු විද්‍යාව ගැන ඔබ දත යුතු මූලිකම කාරණා කීපයක් ඉදිරිපත් කරන්නයි. ගෙයි බිත්ති කඩලා දොරවල් කඩල හදන දේවල් නෙවෙයි මේ. පොඩි පොඩි වෙනස්කම් කරල වාස්තු දෝෂ මග හැරගන්න කරගන්න පුළුවන් දේවල් ටිකක්.

තමන්ගෙම කියල නිවසක් ගොඩ නගා ගන්න හීනෙ හැබෑ කරගන්න තබන පලවෙනි පියවර තමයි තමන් කැමති විදියට නිවාස සැලස්මක් ඇඳගන්න එක. හැබැයි ඉතින් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට කියල සැලැස්මක් ඇඳගත්තට පස්සෙ ලංකාවේ අපේ සිරිත ඕක වාස්තු විද්‍යාඥයෙක් ලඟට අරන් ගිහින් වාස්තු දෝෂ බලවන එක. කොහොම වාස්තු බලල හැදුවත් අපි කරන සමහර වැරදි නිසා නිවසේ අර කලින් කිව්ව ධනාත්මක ශක්තිය ගිලිහිලා යන පොඩි පොඩි වැරදි අපි අතින් වෙන්න පුළුවන්. මේ කියන්නෙ එහෙම දේවල් කීපයක්. ඔබත් වාස්තු පිලිගන්න කෙනෙක් නම් මේ උපදෙස් ඔබට වටීවි.

Monday, May 28, 2018

වාස්තු විද්‍යා රහස් කිහිපයක්


ඉන්දීය වාස්තු විද්‍යාවට හා ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ඔබට ඔබේ නිවසට වාසනාව ගෙන එන කාරනා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට අපි හිතුවා.

ගෙවත්තේ පිටුපසට හෝ වම් කෙලවරට වන්නට සුලං පෙත්තක් සවි කිරීම මගින් නිවැසියන්ට ධනය ආකර්ෂණය වනවා.

ඔබේ නිවසට කෙනෙක් ඇතුල් වෙද්දීම හොඳ හැඟීමක් දැනෙන්නට ඕනෑ. ඇතුල් වන දොරකඩ නිල පාට පාපිස්නාවක් තැබීම වාසනාව ගෙන එනවා.

අන්නාසි කියන පලතුර වාසනාව විහිදෙන පළතුරක් ලෙස සැලකෙනවා. මේ නිසා ඇත්ත අන්නාසි ගෙඩියක් නැත්නම් ප්ලාස්ටික් වලින් හදපු එකක් හෝ ගෙදර මේසයක් උඩ තැබීම වාසනාවන්තයි. අන්නාසි තිබෙන රූප බිත්තියේ එල්ලීමත් හොඳයි. මේ මගින් මුදල් වාසනාව වැඩි කරනවා.