Sunday, July 8, 2018

"ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටයාර 8000 ක් වසරකදී විනාශයි" අප රටේ ඇත්තේ ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීමේ අවශ්‍යතාවයකි

ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටෙයාර 8000 ක් සෑම වසරක් ඇතුළත විනාශ කෙරෙන බව පරිසරවේදීහු පවසති.

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ යළි පදිංචි කිරීම් හේතුවෙන් වසර කිහිපයක් ඇතුළත විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3000 ක් පමණක් බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී හේමන්ත විතානගේ පවසයි.

මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවත්නා 29.7% ක් වූ වන ආවරණය 2022 වනවිට 32% ක් දක්වා වැඩි කිරීම රජයේ අරමුණ වී තිබේ.

එම අරමුණ ඉටුකිරීමට නම් අදාළ කාලපරිච්ඡේදය තුළ හෙක්ටෙයාර් 150,650 ක වන බිම් ප්‍රමාණයක් ඇති කළ යුතු බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම සිවිල් සංවිධාන එක් වී එම ක්‍රියාකාරී සැළැස්ම සකස් කොට තිබුනි.



"මේ වනාන්තර වටේ ඉන්න පුංචි මිනිස්සු හේනක් කොටාගෙන ජීවත් වෙන එක තමයි වනාන්තරවලට තියෙන ලොකුම තර්ජනය කියල මුල් කාලෙදි අපි දුටුවේ," මේ පරිසර වේදීන් මුල් කාලයේ නැගූ තර්කයකි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වනාන්තර විනාශයට ප්‍රධානම හේතුව එය නොවන බව අලුත්ම වර්ථාවලින් පෙනී යයි.

"අවුරුද්දකට විනාශවන හෙක්ටයාර 8000 න් බහුතරයක් විනාශ වෙන්නේ සංවර්ධන වැඩසටහන්වලට, විශේෂයෙන් වාර්මාර්ග සකස් කිරීමේදී. ඊළඟට වගා සඳහා මහා පරිමාණ හෙළිකිරීම්. ඒ වගේම නැවත පදිංචි කිරීම සඳහා හෙළිකිරීම්. ඊළඟට සාමාන්‍ය ජනතාව කරන හෙළිකිරීම්," ආදී ක්‍රම වලිනි.

වනාන්තර ප්‍රමාණය 1%කින් වැඩිකිරීම යනු හෙක්ටයාර 65,000 ක් අලුතින් වනාන්තර එකතුවීම අත්‍යවශ්‍ය කරුණක් වශයෙන් පවතී.

ඒ සඳහා දැනට භාවිතයට ගෙන නොමැති මුඩු ඉඩම් සංවර්ධනය කරමින් සිය ඉලක්කය සපුරාගත හැකි මට්ටමක පවතී.

වන ආවරණය වැඩිකිරීම සඳහා වූ ඒකාබද්ධ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාවට නෑගීම අපවැනි රටක අත්‍යාවශ්‍ය කරුණකි.

එමෙන්ම වනාන්තර ආශ්‍රිත නීති ක්‍රියාත්මක කිරීම මඟින් දැනට වසරකට විනාශවන හෙක්ටයාර 8,000ක ප්‍රමාණය, 36% ක ප්‍රමාණයකින් අඩුකර ගැනීම අපේක්ෂා කෙරෙන අතර හායනයට (ක්ෂය වී යෑම) ලක්වූ වනාන්තර හා වන ජීවී පද්ධති ප්‍රතිස්ථාපනය මගින් හෙක්ටයාර හතළිස් දහසක භූමි ප්‍රමාණයක් වනාන්තර පද්ධතියට එකතු කිරීමට පසුගිය කාලයේ සැලසුම් සකස් විය. වන විනාශය වඩාත් වැඩියෙන්ම සිදුවන දිස්ත්‍රික්ක ලෙස අනුරාධපුරය, මොනරාගල, හම්බන්තොට, අම්පාර හා පුත්තලම හඳුනාගෙන තිබෙන අතර අලුතෙන් ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීමේ අවශ්‍යතාවය අප රටේ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කල යුතුය. මේ සදහා විකල්ප දේ සෑම කේෂ්ත්‍රයකටම හදුන්වාදීම අත්‍යවශ්‍යම කටයුත්තකි.

රටේ මෙම ජාතික අවශ්‍යතාවයට උර දෙමින් රශ්මා එන්ටර්ප්‍රයිසස් ආයතනය ඉදිකිරීම් කේෂ්ත්‍රෙය් විකල්ප ගනනාවක් ඉදිරිපත් කොට ඇත.

සිවිලිම ඉදිකිරීමේදී දැව පෙනුම ලබා දෙන සිවිලිම් හදුන්වාදීම

වැහිපීලි ඉදිකිරීමේදී වඩිම්බුව සදහා Zn/Al හෙවත් මල නොබැදෙන යකඩ තහඩු භාවිතය

වහල ඉදිකිරීමේදී දැව වෙනුවට යකඩ භාවිතය

බිමට දැව වර්ග යොදනවා වෙනුවට දැව පෙනුම හෝ තමා කැමති ඕනෑම පෙනුමක් දිය හැකි Epoxy රෙසින හදුන්වාදීම.

පැන්ට්‍රි කබඩ් සදහා ඇලුමිනියම් භාවිතය

ආදී ක්‍රම මගින් ගස් කැපීම වෙනුවට විකල්ප භාවිතා කිහිපයක්ම රශ්මා එන්ටර්ප්‍රයිසස් හදුන්වා තිබේ.

No comments:

Post a Comment