හරිත ගොඩනැගිලි නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ
අප ජීවත් වන නිවස හෝ රැකියාව කරන ස්‌ථානය ප්‍රියමනාප තැනක් නම් එහි නිරතුරු රැෙදන්නට මෙන්ම කරන කාර්යය සතුටින් කරන්නට අපට සිතේ. ස්‌ථානයක් ප්‍රියමනාප වන්නට භෞතික සාධක මෙන්ම අභෞතික සාධක ද බලපායි. මෙහි ලා අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ එවැනි එක් භෞතිsක සාධකයක් පිළිබදව ය. එය නම් ගොඩනැගිල්ලක් හරිතකරණයට බදුන් කරවීමෙන් ලැබෙන ප්‍රයෝජන ය.
මීට කෙටි කලකට ඉහත දී එනම් 2018 වසරේ මුල් භාගයේ දී ඉන්දුනීසියාවේ Sumatera Utara විශ්වවිද්‍යාලයයේ H. Tamiami ඇතුළු පිරිස ඉතා අගනා අධ්‍යයනයක් කළ හ.
එය නම් හරිත ගොඩනැගිලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවට සිදු කරන බලපෑම විමර්ශනය කිරීමයි. මූලික ව ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට එය හේතු වේ දැයි බැලීම මෙහි දී සිදු විය. මීට අදාළ අධ්‍යයනය Material Science and Engineering ජර්නලයේ නවතම කලාපයේ (2018 පළමු කාර්තුව) පළ වී තිබේ.
පර්යේෂකයන් මෙහි දී කළේ ඉන්දුනීසියාවේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල තුනක් තෝරාගෙන එම විශ්වවිද්‍යාලයකින් සිසුන් 50 බැගින්
එක්‌රැස් කරගැනීමයි. මෙලෙස එක්‌රැස් කරගත් 150 දෙනාට ප්‍රශ්නාවලියක් ලබා දෙන ලදි.
එම ප්‍රශ්නාවලියේ දී විමසන ලද මූලික ප්‍රශ්නයක් වූයේ හරිත ගොඩනැගිලිවල ජීවත් වීමෙන් ජීවන තත්ත්වයෙහි ගුණාත්මක බව ඉහළ නගියි ද යන්නයි. ඔවුන්ගේ විශ්වවිද්‍යාල ගොඩනැගිලිවල පවත්නා හරිත බවෙහි ප්‍රමාණය ගැන ද විමසා තිබිණි. මේ දත්ත මගින් Multiple Regresion (බහුපුනර්කරණීය) ආකෘතියක් ද ගොඩනගන ලදි. එහි ප්‍රතිඵලය වූයේ හරිත සංකල්පය ජීවන රටාවේ ගුණාත්මක බව ඉහළ නැංවීම කෙරෙහි 95%ක් තරම් ඉහළ ප්‍රතිශතයකින් බලපාන බවයි.
මේ අධ්‍යයනය සදහා යොදාගත් Sumatera විශ්වවිද්‍යාලයයේ සිටි සිසුන් ගණන 33,000ක් විය. Negeri නම් විශ්වවිද්‍යාලයේ සිසුන් ගණන 16,525ක් විය. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙතරම් විශාල පිරිසකගේ දත්ත රැස් කරමින් හරිත ගොඩනැගිලිවල ප්‍රතිලාභ නිර්ණය කළ පළමු අධ්‍යයනය මෙය බවයි. මෙහි දී ගෘහස්‌ථ සෞඛ්‍ය හා පහසුකම් සැලසීsම, ශක්‌ති සංරක්‍ෂණය, ගොඩනැගිල්ල තුළ දී ලැබෙන මානසික සහනය, අධ්‍යයන කටයුතු සදහා හරිත ක්‍රමයේ වැදගත්කම, කාර්යක්‍ෂමතාව වැනි තොරතුරු විමසා තිබිණි. මේ අධ්‍යයනයේ දී පෙනී ගිය වැදගත් කරුණක් වූයේ හරිතවත් බව ඉහළ ස්‌ථානවල පරිසර දූෂණය ඉතා පහළ බවයි. වායු දූෂණය, මෙන්ම ශබ්ද දූෂණය ද මේ විශ්වවිද්‍යාල තුනේ ම ඉතා පහළ අගයක තිබිණි. සරසවියේ හරිත බව තමන්ගේ අධ්‍යයන කටයුතු හොදින් කරගෙන යැමට පිටුබලයක් වූ බව බහුතරයක් දෙනා පවසා තිබිණි. දේශන ඇසීමට ප්‍රිය උපදවන වාතාවරණයක් පැවැති නිසා ම බොහෝ දෙනා දේශන මඟ නො හැර විශ්වවිද්‍යාලයයට පැමිණ තිබිණි. සිය මිතුරු මිතුරියන් සමඟ පවතින සබඳතාවලට මෙන් ම කථිකාචාර්ය - ශිෂ්‍ය සබඳතාවලට ද හරිතවත් බව බලපෑ බව ඔවුහු පැවසූ හ.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගොඩනැඟිලිවල ස්‌වරූපය/ස්‌වභාවය කෙරෙහි ඉතා සංවේදී බව මේ අධ්‍යයනය පෙන්වා දෙයි. අධ්‍යයනය සඳහා යොදාගත් විශ්වවිද්‍යාල තුන ම ඉතා ඉහළ මට්‌ටමෙන් තම ගොඩනැඟිලි තුළ හරිත සංකල්පය පවත්වාගෙන ගොස් තිබිණි. විශේෂයෙන් ම වැඩියෙන් ශාක වැවීම හා ගෘහ අලංකරණය කෙරෙහි විශ්වවිද්‍යාල බලධාරීන් අවධානය දක්‌වා තිබිණි.
හරිත ගොඩනැඟිල්ලක් යනු කුමක් ද?
හරිත ගොඩනැඟිල්ලක් යනු ඉදිකිරීම් ක්‍රමවේදය, ඉදි කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිඵල, ගොඩනැඟිල්ල හා එහි භාවිතයන්, තිරසාර සංකල්පයට අනුගත වන්නකි. කෙසේ වෙතත් යම් ගොඩනැඟිල්ලක් වටා කොළ පාට ගෑ පමණින් හෝ ගස් ටිකක් ඒ අසල හෝ ඒ මත වැවූ පමණින් එය හරිත ගොනැඟිල්ලක් වන්නේ නැත. එසේ ම අප යම් තැනකට හරිත බෝඩ් එක එල්ලූ පමණින් එය හරිත ගොඩනැඟිල්ලක් වන්නේ ද නැත. ජාත්‍යන්තර වශයෙන් හරිත ගොඩනැඟිල්ලක් සේ පිළිගන්නට නම් ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලයේ අනුමැතිය ලද යුතු ය. මේ ආයතනය හරිත ගොඩනැඟිලි සඳහා සහතික හා ශ්‍රේණි (Rating) සැපයීමේ ක්‍රියාදාමයක යෙදේ.
හරිත ගොඩනැගිලි කවුන්සිලය
හරිත ගොඩනැගිලි සදහා නිර්නායක සකසන හා ශ්‍රේණිගත කිරීම් ලබා දෙන ජාත්‍යන්තර ආයතනය වන World Green Bilding Council ඇරඹුණේ 1993 වසරේ දී ඇමෙරිකාවේ දී ය. ඒ සදහා මුල් වූයේ රික් ෆේරඩ්්‍රඩ් ගොම්ෆ්‍රයිඩ් සහ මයික් ඉටලියානෝ ය. ඔවුන්ගේ අරමුණ වූයේ තිරසර වූ ගොඩනැගිලි පද්ධතියක් බිහි කරලීමට ය. ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවක් මේ ආයතනයේ සාමාජිකත්වය ලබා ඇත. මේ ආයතනයේ එක් අරමුණක් වන්නේ හරිත සංකල්පය වර්ධනයත්, ගොඩනැගිලි හරහා සිදු වන කාබන්ඩයොක්‌සයිඩ් විමෝචනය පහත හෙළීමත් ය. ඉදිරියේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 2කින් පහළ දැමීම ද ඔවුන්ගේ අරමුණයි.
ගොඩනැගිල්ලකට හරිත සහතිකය ලැබෙන්නේ කලෙස ද?
ශ්‍රී ලංකාව ද ලෝක Green Building Council හි සාමාජිකත්වය දරන අතර එම සාමාජික ආයතනය වන්නේ ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයයි. ලංකාවේ මෙය ක්‍රියාත්මක වන්නේ කෙලෙස ද යන්න ගැනත් හරිත ගොඩනැගිල්ලක් බවට ගොඩනැගිල්ලක් පත් කරගන්නේ කෙලෙස ද යන්න ගැනත් විමසීමට අපි ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලයේ අධ්‍යක්‌ෂ ලයනල් නවගමුව මහතාට කතා කළෙමු.
මේ ඔහු විදුසරට දැක්‌වූ අදහසයි.
"අද ලෝකය මුහුණ දෙන විශාලතම ප්‍රශ්නයක් වන්නේ දේශගුණ විපර්යාසයයි. පෘථිවියට කාබන්ඩයොක්‌සයිඩ් විශාල ප්‍රමාණයක් ගොඩනැගිලි හරහා එක් වනවා. මේ ප්‍රමාණය අඩු කරන්නට හරිත ගොඩනැගිලි සංකල්පය යොදාගත හැකියි. ලෝකයේ හරිත ගොඩනැගිලි සංකල්පය වර්ධනය කරන හා එයට අදාළ සක්‍රිය ව මෙහෙයුම්වල යෙදෙන ජාත්‍යන්තර ආයතනයක් තමයි ලෝක හරිත ගොඩනැගිලි කවුන්සිලය. මේ ආයතනය තමයි ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගිල්ලකට හරිත තත්ත්වයට අදාළ සහතික ලබා දෙන්නේ. ලංකාවේ ඒ කාර්යය කරන්නේ අපගේ ආයතනයයි.
යම් ගොඩනැගිල්ලක් හරිත ද නැද්ද කියා බලන්නට නිර්ණායක තිබෙනවා. විශේෂයෙන් ම ගොඩනැගිල්ල පරිසර හිතකාමී නම් අපට හැකියි එයට හරිත ගොඩනැගිල්ලක් ලෙස නම් කොට සහතිකයක් දෙන්නට. එය මනින්න වාස්‌තු විද්‍යාත්මක ක්‍රමවේද හා වෙනත් ක්‍රමවේද යොදාගන්නවා. අප ගොඩනැගිලි සදහා Rating Sysem (ශ්‍රේණිගත කිරීම් රටාවක්) හදුන්වා දී තිබෙනවා. මේ ශේ්‍රණිගත කිරීමේ දී ලකුණු ලබා දෙන්නේ 100න්. ලකුණු 40ට වැඩි නම් Certified නම් සහතිකය දෙනවා. 50ට වැඩි නම් රිදී සම්මානය ද, 60ට වැඩි නම් රන් සම්මානය ද, 70ට වැඩි නම් ප්ලැටිනම් සම්මානය ද ලබා දෙනවා. ලංකාවේ ආයතන සිමිත සංඛ්‍යාවකටයි ප්ලැටිනම් තත්ත්වය ලබා දී තිබෙන්නේ. මාස් හෝල්ඩින්හි ගාමන්ට් (තුරුලිය) එක, බ්‍රැන්ඩික්‌ස් ගොඩනැගිලි, කණ්‌ඩලම හෝටලය, බඩල්ගම වාරියෝ සිස්‌ටම්ස් යනාදිය ප්ලැටිනම් තත්ත්වය ලබාගෙන තිබෙනවා. මේවාට මේ සම්මාන දුන්නේ ඉතා පුළුල් ලෙස කරුණු සලකා බලලයි. අපේ ආයතනය සතු ව විශේෂඥ උපදේශක මණ්‌ඩලයක් හා විශිෂ්ට කාර්ය මණ්‌ඩලයක් සිටිනවා. අපගේ උපදේශන මණ්‌ඩලය මහාචාර්යවරුන් රැසකගෙන් හා වෙනත් විවිධ උගතුන් රාශියකගෙන් සමන්විතයි. මේ සහතිකය දීමේ දී අප ගොඩනැගිල්ලේ ව්‍යqහය ගැන විමර්ශනය කරනවා. සාදා ඇති ප්‍රදේශය ගැන බලනවා. එය ගොඩනැගිල්ලක් හදන්න සුදුසු තැනක් ද යන්න විමසනවා. එය ගොඩනැගිල්ලක් හදන්න සුදුසු තැනක් ද, ජල සංරක්‌ෂණය, ශක්‌ති සංරක්‌ෂණය, ගොඩනැගිල්ලේ වායු තත්ත්වය ගැන කරුණු සොයනවා. ගොඩනැගිලි හදනකොට පරිසර සංරක්‌ෂණය ගැන කර ඇති නවෝත්පාදන (innovations) ගැනන් සොයනවා."
හරිත ගොඩනැගිල්ලක ප්‍රයෝජන
හරිත ගොඩනැගිලි තුළ ජීවත් වීමෙන් ජීවන තත්ත්වයෙහි ගුණාත්මක බව ඉහළ යන බව අප පළමුව සදහන් කළ අධ්‍යයනයෙන් පෙනී යයි. එනම් මූලික ව ම හරිත ගොඩනැගිලි යනු ජීවන තත්ත්වයෙහි ගුණාත්මක බව ඉහළ නංවන දෙයකි. තව ද එය මූලික ව ම පරිසර හිතකාමී ක්‍රියාදාමයක කොටස්‌කරුවෙක් ද වෙයි. හරිත ගොඩනැගිල්ලකින් අපේක්‌ෂා කෙරෙන මූලික ම කරුණක් වන්නේ ගෘහස්‌ථ ගොඩනැගිල්ල ඇතුළත හා පිටත පරිසරයේ පරිසර දූෂණය ශුන්‍යයට ගෙන ඒම හෝ අවම වශයෙන් හැකිතාක් පහළ තත්ත්වයක පවත්වාගැනීමයි. එසේ ම ශක්‌ති කාර්යක්‌ෂමතාව ඉහළ නංවා ශක්‌ති සංරක්‌ෂණය තහවුරු කිරීම දෙවැනි අරමුණයි. තුන්වැනි අරමුණ වන්නේ ගොඩනැගිල්ලේ නිවසක අයගේ හෝ ඊට යන එන අයගේ හෝ මානසික හා කායික සෞඛ්‍යය ඉහළ තත්ත්වයක පවත්වාගෙන යැමට අවශ්‍ය පහසුකම් සැපයීමයි.
හරිත ගොඩනැගිලි මානසික හා ශාරීරික සෞඛ්‍යයට හිතකරයි
Green Building and Health මැයෙන් ඇමෙරිකාවේ Public Health විශ්වවිද්‍යාලයයේ Josheph G. Allen ඇතුළු පිරිස විසින් කරන ලද අධ්‍යයනය මගින් පෙන්වා දී ඇත්තේ හරිත ගොඩනැගිලි තුළ ජීවත් වන පුද්ගලයකුට එසේ නො වන පුද්ගලයන්ට සාපේක්‌ෂ ව ඉහළ සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි වන බවයි.
ගොඩනැගිලි මගින් සියයට හතළිහකට ආසන්න කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක් විමෝචනය වනවා
ඇමෙරිකානු හරිත ගොඩනැගිලි කවුන්සිලය නිකුත් කළ වාර්තාවකට අනුව ඇමෙරිකාවේ නිකුත් වන CO2 වලින් 40%ක් ම මුක්‌ත වන්නේ ගොඩනැගිලිවලිනි. මේ විමෝචන සදහා හේතු වන්නේ ගොඩනැගිලි තුළ සිදු වන රත් කිරීම්, සිසිලනයන්, ඉන්ධන ආලෝකවත් කිරීම්වලට අදාළව කෙරෙන පොසිල ඉන්ධන දහනය ආදියයි.
මනෝඡ් රත්නායක
No comments:
Post a Comment