2017 සහ 2018 අයවැය යෝජනා මල්ඵල ගන්වමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන -හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලාංකිකයින් ඈත අතීතෙය් පටන් ලෝකය සමඟ වාණිජ කටයුතුවල නිරත වූ ජාතියක් වූ අතර ඒ හරහා ප්‍රසිද්ධ දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් ද බිහිවිය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයොජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ගොඩනැංවීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මූල්‍යහා මූල්‍ය නොවන පහසුකම් ලබාදෙන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව, බැංකු විසින් අදාළ පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇත.
Showing posts with label ව්‍යපාර. Show all posts
Showing posts with label ව්‍යපාර. Show all posts
Sunday, August 19, 2018
එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා ව්‍යවසායකයා
ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය බඳු , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ නියුතුවූවන් නගාසිටුවීම සඳහා මනා සම්බන්ධීකරණයෙන් යුක්ත ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථාන ජාලයක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා, ඒ ඔස්සේ දේශීය ව්‍යවසායක ප්‍රජාව බලගැන්විය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනයේ විධායක කමිටු සාමාජික, සාර්ක් කලාපීය වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජික සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ව්‍යවසායක සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයෙකු වූ ආචාර්ය ක්‍රිෂාන්ත විසෙන්තිගේ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතිකරලීම උදෙසා වහා සිදු කළ යුත්තේ කුමක්දැයි කථිකාවේ සංවර්ධනාත්මක පියවරක් ලෙස රජය මෙය සලකයි.
සාර්ව්‍ථක යවසායකයකු වීමට සිහින දකින ඔබට වැදගත්ම කරුණු කිහිපයක්
රටක විවිධ පාරිසරික හා සමාජ තත්ත්වයන් යටතේ ව්‍යවසායකයන් බිහිවීම සහ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය වන අතර ව්‍යවසායකයා පිළිබඳ වැදගත් නිර්වචන කිහිපයක් පහත දැක්වේ.
ව්‍යවසායකයා යනු
ව්‍යවසායකයා අවධානම් දරන්නෙකි (Risk Taker) - Cantillon - 1775
ව්‍යවසායකයා සංවිධායකයෙකි (Organizer) - ව්‍යවසායකයා නිෂ්පාදන සාධක සංයෝග කරනු ලබන ආර්ථික නියෝජිතයෙකි. නැතිනම් සංවිධායකයෙකි - J B Say
ව්‍යවසායකයා නවෝත්පාදන සිදුකරන්නෙකි (Innovator) - ව්‍යවසායකයා යනු නවෝත්පාදන තුලින් ලාභ උපරිම කිරීමට උත්සාහ කරන ආරථික මිනිසෙකි - J A Schumpeter - 1991
ව්‍යවසායකයා නිතරම වෙනසක් සොයන ඊට ප්‍රතිචාර දැක්වීමෙන් එය තමන්ගේ වාණිජමය අවස්ථාවක් බවට පත්කර ගන්නෙකි - Peter Drucker

Subscribe to:
Posts (Atom)