Monday, May 28, 2018

වාස්තු විද්‍යා රහස් කිහිපයක්


ඉන්දීය වාස්තු විද්‍යාවට හා ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ඔබට ඔබේ නිවසට වාසනාව ගෙන එන කාරනා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට අපි හිතුවා.

ගෙවත්තේ පිටුපසට හෝ වම් කෙලවරට වන්නට සුලං පෙත්තක් සවි කිරීම මගින් නිවැසියන්ට ධනය ආකර්ෂණය වනවා.

ඔබේ නිවසට කෙනෙක් ඇතුල් වෙද්දීම හොඳ හැඟීමක් දැනෙන්නට ඕනෑ. ඇතුල් වන දොරකඩ නිල පාට පාපිස්නාවක් තැබීම වාසනාව ගෙන එනවා.

අන්නාසි කියන පලතුර වාසනාව විහිදෙන පළතුරක් ලෙස සැලකෙනවා. මේ නිසා ඇත්ත අන්නාසි ගෙඩියක් නැත්නම් ප්ලාස්ටික් වලින් හදපු එකක් හෝ ගෙදර මේසයක් උඩ තැබීම වාසනාවන්තයි. අන්නාසි තිබෙන රූප බිත්තියේ එල්ලීමත් හොඳයි. මේ මගින් මුදල් වාසනාව වැඩි කරනවා.

සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද?

සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද
i-panel සිවිලිම නිසා ගෙදර රස්නෙ අඩුවෙනවා. ඊට හේතුව මේ පැනල් ලංකාවේ හදන්නේ ලංකාවේ අධික උෂ්නත්වය පවතින කළාප වලට වගේම නුවරඑළිය වගේ සීත කළාප වලටත් එකසේ ගැලවපන විදිහට. I-panel සිවිලිම ගැහුව කියන්නේ ගෙදර සිවිලිමට ඉහලින් තව සිවිලිමක් ගැහුව වගේ. මොකද i-panel නිර්මාණය කරලා තියෙන්නේ මැද කුහරයක් සහිතව. මේ කුහරය නිසා i-panel සිවිලිම් පැනලය හොද තාප පරිවාරකයක් වෙලා. තාප පරිවාරකයක් නිසා වහලෙන් යට රස්නෙ පහලට එන්නෙත් නෑ. කාබරයක උණුසුම සිවිලිමෙන් ඉහලට යන්නත් බෑ, ඒක නිසා සීත කලාප වල රස්නය රදවා ගන්නත් මේ සිවිලිම කදිමයි. තද රස්නෙ හොදටම මට්ටු කරන විසදුම් සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයෙන් තරම් කවුරුත් හදුන්වලා දීලා නෑ.

හරිත රසායනය (Green Chemistry) යනු කුමක්‌ ද?

රසායනික කර්මාන්ත බොහොමයක්‌ ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද සමය අවසානයේ ඇති වූ කාර්මික වර්ධනයත් සමඟ ය. ආරම්භයේ දී මේ කර්මාන්ත කිසිවක්‌ විසින් එම කර්මාන්ත හේතුවෙන් පරිසරයට ඇති විය හැකි බලපෑම පිළිබඳ අවධානයක්‌ යොමු නො කරන ලදි. එම නිසා එම කර්මාන්ත හේතුවෙන් ඇති වන අතුරු ඵල හා අපද්‍රව්‍ය කෙළින් ම පරිසරයට මුදාහැරීමක්‌ සිදු කරන ලදී. එහෙත් කාලයක්‌ ගත වත් ම මේ ඵල හා අපද්‍රව්‍ය හේතුවෙන් ඇති විය හැකි පාරිසරික

Friday, May 26, 2017

දේශගුණ විපර්යාස හමුවේ අපේ වගකීම්

1970 වර්ෂයේ සිට මිහිතලය සුරැකීම සඳහා විවිධ පාරිසරික තේමාවන් ඔස්‌සේ ගෝලීය ප්‍රජාව විසින් සැම වර්ෂයක ම අප්‍රේල් මස 22 වැනි දින ලෝක මිහිතල දිනය සමරනු ලබයි. මෙවර එහි තේමාව "පාරිසරික හා දේශගුණික සාක්‌ෂරතාව" වේ.

රටක උන්නතියෙහි පදනම ඉහළ සාක්‌ෂරතාවයි. දේශගුණික විපර්යාස හා ඉන් මිහිතලයට එල්ල වන පෙර නො වූ විරූ පාරිසරික තර්ජන පිළිබඳව ගෝලීය ප්‍රජාව ගේ දැනුවත්භාවය වඩාත් හොඳින් ඉහළ නැංවීම, ඒවා අවම කරගැනීමට මහෝපකාරී වේ. පරිසරය ආරක්‌ෂා කිරීම පිළිබඳ අවධානය හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ධෛර්යවත් කිරීම සඳහා සියලු ලෝකවාසී ප්‍රජාව දැනුමින් සවිබල ගැන්වීම කාලීන අවශ්‍යතාවකි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම නිසා සිදු වන දේශගුණ විපර්යාස මිනිසා ගේ පැවැත්මට ඇති ප්‍රධාන අභියෝගය ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායුවල ප්‍රතිඵලයක්‌ වේ.

වන විනාශය හා වන හායනයෙන් සිදු වන හරිතාගාර විමෝචන අඩු කිරීම REDD+

වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ සහභාගිත්වය ඇති ව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා වෙනත් පාර්ශ්ව ගණනාවක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා UN-REDD වැඩසටහන මගින් සකසන ලද ජාතික REDD+ ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්‌ම (NRIFAP), ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීම පසුගිය සතියේ (09 දා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි. 

පුරාවස්‌තු සංරක්‌ෂණයට නව තාක්‌ෂණය


තාක්‌ෂණය දිනෙන් දින දියුණු වන්නේ නො සිතන තරම් ශීඝ්‍රයෙනි. එහෙත් එකී තාක්‌ෂණයේ ප්‍රතිලාභ රටේ දියුණුවට හා දීර්ඝකාලීන යහපැවැත්මට ඵලදායී ලෙස අප යොදාගන්නේ ද යන්න නැවත වරක්‌ සිතාබැලිය යුතු ය. මේ ලිපිය දිගහැරෙන්නේ පුරාවිද්‍යා ස්‌මාරක සංරක්‌ෂණය උදෙසා මෑතක දී අප රටට හඳුන්වා දුන් දියුණු තාක්‌ෂණික ක්‍රමවේදයක්‌ ගැන ඔබව දැනුවත් කිරීමට ය. 

Sunday, January 10, 2016

සිවිලිම් විදුලි පංකා සඳහා ලොව පළමු වරට ටයිමරයක්‌ නිපදවූ අපේ මහාචාර්යවරයාට මේ වසරේ නව නිපැයුම්කරුවන් ගේ කොමිසම විසින් පිරිනමනු ලබන දසිස්‌ සම්මානයෙන් පිදුම් ලබයි

සිටුවා තබන වර්ගයේ විදුලි පංකාවල ඇති, සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් දක්නට නැති විශේෂාංගයක් වන්නේ ටයිමර් ක්රියාකාරිත්වයයි. ටයිමරයකින් කෙරෙන්නේ පංකාව ක්රියාත්මක විය යුතු කාලය පරිපථයක් මාර්ගයෙන් කල් තබා පංකාවට දැනුම් දීමකි. එවිට පංකාව අවශ් වේලාව තුළ පමණක් ක්රියාත්මක වී ඉබේ නතර වෙයි.

විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?

Wednesday, January 6, 2016

පිළිකාකාරක මාරාන්තික ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගයට හේතු බව සොයාගත් මහාචාර්ය සරත් ගුණතිලකට ඇමෙරිකාවෙන් සම්මානයක්‌

ශ්‍රී ලංකාවේ සහ මධ්යම ඇමෙරිකාවේ සැලකිය යුතු අන්දමින් ව්යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගයට කෘෂි රසායන බලපාන ආකාරය සම්බන්ධ පෙරළිකාර කල්පිතයක් ඉදිරිපත් කිරීම අගයමින් ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමය විසින් මහාචාර්ය සරත් ගුණගිලක මහතා වෙත ඉකුත් දා සම්මානයක් පිරිනමන ලදි. 

මහාචාර්ය සරත් ගුණතිලක ලෝන්ග් බීච්හි කැලිෆොaනියා විශ්වවිද්යාලයයේ සෞඛ් විද්යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ධුරයක් හොබවන අතර සේවානියුක්තික සෞඛ්යය පිළිබඳ නාගරික රාජ් රෝහලේ අධ්යක් තනතුර හොබවයි.

චිකාගෝහි දී පැවැති ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමයේ වාර්ෂික සැසියේ දී මේ සම්මාන ප්රදානය සිදු කෙරිණි. 

Friday, December 18, 2015

ශ්‍රී ලංකාවේ සෑම නිවසකම, ගොඩනැඟිල්ලකම දැනටමත් පවතින ඇස්‌බැස්‌ටස්‌ සෙවිලිද ඉවත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි

ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු භාවිතය අද ශ්‍රී ලංකාවට අලුත් දෙයක්‌ නොවේ. යමක්‌කමක්‌ උපයාගෙන ගෙයක්‌ දොරක්‌ ගොඩනඟා ගන්නා අයකුට නිවසේ වැඩකටයුතු නිමා වූ බවට හුස්‌මක්‌ කටක්‌ ගන්නට ලැබෙන්නේ වහලට සෙවිල්ලක්‌ යොදා ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකාවේ ඇති හැකි පැරැන්නන් තමන්ගේ නිවසේ සෙවිල්ලට උළු යොදා ගත්තදවර්තමානයේදී බහුලව යොදාගනු පෙනෙන්නේ ඇස්‌බැස්‌ටස්‌ය. එයට ප්‍රධාන හේතුවක්‌ද තිබේ. එනම්ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි භාවිතය උළුවලට වඩා පහසු වනවා සේමවහලයේ ලී සැකිල්ලට උළු තරම් වියදමක්‌ දැරීමට අවශ්‍ය නොවීමද නිසාය.

එහෙත්සැබෑව නම්ඇස්‌බැස්‌ටස්‌ භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක්‌ නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක්‌ සමාජයේ ප්‍රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි. 

Tuesday, December 15, 2015

රජයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඇස්‌බැස්‌ටස්‌ යොදාගැනීම නවතියි

අලුතින් ඉදි කරනු ලබන රජයේ ගොඩනැඟිලි සඳහා ඇස්බැස්ටස් වෙනුවට සෞඛ් හිතකාමී විකල්ප යොදාගැනීම පිණිස ඉකුත් සතියේ ජනාධිපතිවරයා ගේ ප්රධානත්වයෙන් පැවැති විද්වත් හමුවක දී මූලික එකඟතාවකට පැමිණ ඇත.

මේ විද්වත් හමුවට සෞඛ් පරිසර යනාදී ක්ෂේත් නියෝජනය කරන රාජ් ආයතන ප්රධානීන් මෙන්ම ඇස්බැස්ටස් කර්මාන්තයේ නියෑළෙන්නන් නියෝජනය කරන පිරිස් සහභාගි වී ඇත.

2018 වසරේ පටන් මෙරටින් ඇස්බැස්ටස් තුරන් කරන බව ජනාධිපතිවරයා මින් පෙර ප්රකාශ කර තිබිණි.

Friday, December 11, 2015

ඇස්‌බැස්‌ටස්‌ තහනමේ විද්‍යාත්මක පදනමක් නැද්ද

ඇස්‌බැස්‌ටස්‌තහනම සම්බන්ධයෙන් අප රට තුළ කිසියම් සංවාදයක්‌ ඉදිරියේ දී ඇති විය හැකි ලකුණු පහළ වෙමින් ඇත. ඒ, මෙරට රාජ්‍ය නායකයා ඇස්‌බැස්‌ටස්‌ තහනම් කිරීම සම්බන්ධව පැහැදිලි තීරණයක්‌ ගෙන තිබිය දී ව්‍යාපාරික ප්‍රජාව එම තීරණයෙහි විද්‍යාත්මක පදනමක්‌ නැතැයි පෙන්වා දෙමින් සිටින බැවිනි.
ව්‍යාපාරික ප්‍රජාව අවධාරණය කර සිටින කරුණක්‌ වන්නේ සෞඛ්‍යයට අහිතකර යෑයි ලෝකයේ සම්මත ව ඇති ඇස්‌බැස්‌ටස්‌ වර්ග කිසිවක්‌ තම නිෂ්පාදන කටයුතුවලට යොදා නො ගන්නා අතර යොදාගන්නා වර්ගය වන ක්‍රිසොටයිල් (Chrysotile) නමැති වර්ගය ශරීර සෞඛ්‍යයට අහිතකර නැති බවයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය Chrysotile Asbestos - 2014 නමැති ප්‍රකාශනයකින් තරයේ පවසා සිටින්නේ ක්‍රිසොටයිල් ද පිළිකාකාරක බව මේ වන විට තහවුරු වී ඇති බැවින් කිසිදු ඇස්‌බැස්‌ටස්‌ වර්ගයක්‌ භාවිතයට නුසුදුසු බව ය.