Sunday, January 10, 2016

සිවිලිම් විදුලි පංකා සඳහා ලොව පළමු වරට ටයිමරයක්‌ නිපදවූ අපේ මහාචාර්යවරයාට මේ වසරේ නව නිපැයුම්කරුවන් ගේ කොමිසම විසින් පිරිනමනු ලබන දසිස්‌ සම්මානයෙන් පිදුම් ලබයි

සිටුවා තබන වර්ගයේ විදුලි පංකාවල ඇති, සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් දක්නට නැති විශේෂාංගයක් වන්නේ ටයිමර් ක්රියාකාරිත්වයයි. ටයිමරයකින් කෙරෙන්නේ පංකාව ක්රියාත්මක විය යුතු කාලය පරිපථයක් මාර්ගයෙන් කල් තබා පංකාවට දැනුම් දීමකි. එවිට පංකාව අවශ් වේලාව තුළ පමණක් ක්රියාත්මක වී ඉබේ නතර වෙයි.

විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?

Wednesday, January 6, 2016

පිළිකාකාරක මාරාන්තික ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගයට හේතු බව සොයාගත් මහාචාර්ය සරත් ගුණතිලකට ඇමෙරිකාවෙන් සම්මානයක්‌

ශ්‍රී ලංකාවේ සහ මධ්යම ඇමෙරිකාවේ සැලකිය යුතු අන්දමින් ව්යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගයට කෘෂි රසායන බලපාන ආකාරය සම්බන්ධ පෙරළිකාර කල්පිතයක් ඉදිරිපත් කිරීම අගයමින් ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමය විසින් මහාචාර්ය සරත් ගුණගිලක මහතා වෙත ඉකුත් දා සම්මානයක් පිරිනමන ලදි. 

මහාචාර්ය සරත් ගුණතිලක ලෝන්ග් බීච්හි කැලිෆොaනියා විශ්වවිද්යාලයයේ සෞඛ් විද්යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ධුරයක් හොබවන අතර සේවානියුක්තික සෞඛ්යය පිළිබඳ නාගරික රාජ් රෝහලේ අධ්යක් තනතුර හොබවයි.

චිකාගෝහි දී පැවැති ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමයේ වාර්ෂික සැසියේ දී මේ සම්මාන ප්රදානය සිදු කෙරිණි. 

Friday, December 18, 2015

ශ්‍රී ලංකාවේ සෑම නිවසකම, ගොඩනැඟිල්ලකම දැනටමත් පවතින ඇස්‌බැස්‌ටස්‌ සෙවිලිද ඉවත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි

ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු භාවිතය අද ශ්‍රී ලංකාවට අලුත් දෙයක්‌ නොවේ. යමක්‌කමක්‌ උපයාගෙන ගෙයක්‌ දොරක්‌ ගොඩනඟා ගන්නා අයකුට නිවසේ වැඩකටයුතු නිමා වූ බවට හුස්‌මක්‌ කටක්‌ ගන්නට ලැබෙන්නේ වහලට සෙවිල්ලක්‌ යොදා ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකාවේ ඇති හැකි පැරැන්නන් තමන්ගේ නිවසේ සෙවිල්ලට උළු යොදා ගත්තදවර්තමානයේදී බහුලව යොදාගනු පෙනෙන්නේ ඇස්‌බැස්‌ටස්‌ය. එයට ප්‍රධාන හේතුවක්‌ද තිබේ. එනම්ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි භාවිතය උළුවලට වඩා පහසු වනවා සේමවහලයේ ලී සැකිල්ලට උළු තරම් වියදමක්‌ දැරීමට අවශ්‍ය නොවීමද නිසාය.

එහෙත්සැබෑව නම්ඇස්‌බැස්‌ටස්‌ භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක්‌ නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක්‌ සමාජයේ ප්‍රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි. 

Tuesday, December 15, 2015

රජයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඇස්‌බැස්‌ටස්‌ යොදාගැනීම නවතියි

අලුතින් ඉදි කරනු ලබන රජයේ ගොඩනැඟිලි සඳහා ඇස්බැස්ටස් වෙනුවට සෞඛ් හිතකාමී විකල්ප යොදාගැනීම පිණිස ඉකුත් සතියේ ජනාධිපතිවරයා ගේ ප්රධානත්වයෙන් පැවැති විද්වත් හමුවක දී මූලික එකඟතාවකට පැමිණ ඇත.

මේ විද්වත් හමුවට සෞඛ් පරිසර යනාදී ක්ෂේත් නියෝජනය කරන රාජ් ආයතන ප්රධානීන් මෙන්ම ඇස්බැස්ටස් කර්මාන්තයේ නියෑළෙන්නන් නියෝජනය කරන පිරිස් සහභාගි වී ඇත.

2018 වසරේ පටන් මෙරටින් ඇස්බැස්ටස් තුරන් කරන බව ජනාධිපතිවරයා මින් පෙර ප්රකාශ කර තිබිණි.

Friday, December 11, 2015

ඇස්‌බැස්‌ටස්‌ තහනමේ විද්‍යාත්මක පදනමක් නැද්ද

ඇස්‌බැස්‌ටස්‌තහනම සම්බන්ධයෙන් අප රට තුළ කිසියම් සංවාදයක්‌ ඉදිරියේ දී ඇති විය හැකි ලකුණු පහළ වෙමින් ඇත. ඒ, මෙරට රාජ්‍ය නායකයා ඇස්‌බැස්‌ටස්‌ තහනම් කිරීම සම්බන්ධව පැහැදිලි තීරණයක්‌ ගෙන තිබිය දී ව්‍යාපාරික ප්‍රජාව එම තීරණයෙහි විද්‍යාත්මක පදනමක්‌ නැතැයි පෙන්වා දෙමින් සිටින බැවිනි.
ව්‍යාපාරික ප්‍රජාව අවධාරණය කර සිටින කරුණක්‌ වන්නේ සෞඛ්‍යයට අහිතකර යෑයි ලෝකයේ සම්මත ව ඇති ඇස්‌බැස්‌ටස්‌ වර්ග කිසිවක්‌ තම නිෂ්පාදන කටයුතුවලට යොදා නො ගන්නා අතර යොදාගන්නා වර්ගය වන ක්‍රිසොටයිල් (Chrysotile) නමැති වර්ගය ශරීර සෞඛ්‍යයට අහිතකර නැති බවයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය Chrysotile Asbestos - 2014 නමැති ප්‍රකාශනයකින් තරයේ පවසා සිටින්නේ ක්‍රිසොටයිල් ද පිළිකාකාරක බව මේ වන විට තහවුරු වී ඇති බැවින් කිසිදු ඇස්‌බැස්‌ටස්‌ වර්ගයක්‌ භාවිතයට නුසුදුසු බව ය.

Thursday, September 3, 2015

දුටු ගැමුණු රජ දවස රහතන් වහන්සේලාට සෙවන දුන් අම්පාර පියංගල වන සෙනසුන

අම්පාරේ සිට නුවර පාරේ සැතපුම් 30ක් පමණ දුර ගොස් බක්කිඇල්ල, රජගලතැන්න, පසු කර වම් පසට වෙන්නට පියංගල ආරණ් සේනාසනයේ නාම පුවරුව හමුවේ. අම්පාරේ සිට මහියංගනය, මහඔය, බිබිල යන බස්රථවලින්ද රජගලතැන්න, නුගේලන්ද, යන බස්රථවලින්ද ගොස් බක්කිඇල්ල, කඩමණ්ඩියෙන් බැස ටික දුරක් අම්පාර නුවර පාරේ ඉදිරියට යෑමෙන් පියංගල ආරණ් සේනාසන භූමියට පැමිණිය හැකිය.
කටාරම් කොටා බ්රහ්මීය අක්ෂර සදහන් ලේඛන සහිත ලෙන් 26 පමණ භූමිය පුරා විසිරි ඇත. . අතීතයේ කටාරම් කොටූ ලෙන් කීපයක්ම වරිච්චි