Monday, May 28, 2018
i-Roof විදෙස් වෙළඳපොල ජයගනී
ඉන්දියාවේ බැංගලෝර් හි ප‍්‍රධාන ගොඩනැගිළි ද්‍රව්‍ය සමාගමක් වෙත අපනයනය කෙරෙන පළමු i-Roof තොගය පසුගිය පෙබරවාරී මස මුල් සතියේදී නැව්ගත කෙරුණි. තවත් විදේශ රටවල් කිහිපයකටම ඉදිරි මාස කිහිපයේදී i-Roof අපනයනය කෙරෙණු ඇත. i-Roof සඳහා දැනට ඇණවුම් ලැබී ඇති සෙසු විදේශීය රටවල් වන්නේ බංග්ලාදේශය, ඝානා, මලාවි, මැඩගස්කරය හා ඊජිප්තුවය.
වාස්තු විද්‍යා රහස් කිහිපයක්

ඉන්දීය වාස්තු විද්‍යාවට හා ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ඔබට ඔබේ නිවසට වාසනාව ගෙන එන කාරනා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට අපි හිතුවා.
ගෙවත්තේ පිටුපසට හෝ වම් කෙලවරට වන්නට සුලං පෙත්තක් සවි කිරීම මගින් නිවැසියන්ට ධනය ආකර්ෂණය වනවා.
ඔබේ නිවසට කෙනෙක් ඇතුල් වෙද්දීම හොඳ හැඟීමක් දැනෙන්නට ඕනෑ. ඇතුල් වන දොරකඩ නිල පාට පාපිස්නාවක් තැබීම වාසනාව ගෙන එනවා.
අන්නාසි කියන පලතුර වාසනාව විහිදෙන පළතුරක් ලෙස සැලකෙනවා. මේ නිසා ඇත්ත අන්නාසි ගෙඩියක් නැත්නම් ප්ලාස්ටික් වලින් හදපු එකක් හෝ ගෙදර මේසයක් උඩ තැබීම වාසනාවන්තයි. අන්නාසි තිබෙන රූප බිත්තියේ එල්ලීමත් හොඳයි. මේ මගින් මුදල් වාසනාව වැඩි කරනවා.
සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද?
සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද
i-panel සිවිලිම නිසා ගෙදර රස්නෙ අඩුවෙනවා. ඊට හේතුව මේ
පැනල් ලංකාවේ හදන්නේ ලංකාවේ අධික උෂ්නත්වය පවතින කළාප වලට වගේම නුවරඑළිය වගේ සීත
කළාප වලටත් එකසේ ගැලවපන විදිහට. I-panel සිවිලිම
ගැහුව කියන්නේ ගෙදර සිවිලිමට ඉහලින් තව සිවිලිමක් ගැහුව වගේ. මොකද i-panel නිර්මාණය කරලා තියෙන්නේ මැද කුහරයක් සහිතව. මේ
කුහරය නිසා i-panel සිවිලිම් පැනලය හොද තාප පරිවාරකයක් වෙලා. තාප
පරිවාරකයක් නිසා වහලෙන් යට රස්නෙ පහලට එන්නෙත් නෑ. කාබරයක උණුසුම සිවිලිමෙන් ඉහලට
යන්නත් බෑ, ඒක නිසා සීත කලාප වල රස්නය රදවා ගන්නත් මේ
සිවිලිම කදිමයි. තද රස්නෙ හොදටම මට්ටු කරන විසදුම් සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයෙන්
තරම් කවුරුත් හදුන්වලා දීලා නෑ.
හරිත රසායනය (Green Chemistry) යනු කුමක් ද?
Friday, May 26, 2017
දේශගුණ විපර්යාස හමුවේ අපේ වගකීම්
රටක උන්නතියෙහි පදනම ඉහළ සාක්‌ෂරතාවයි. දේශගුණික විපර්යාස හා ඉන් මිහිතලයට එල්ල වන පෙර නො වූ විරූ පාරිසරික තර්ජන පිළිබඳව ගෝලීය ප්‍රජාව ගේ දැනුවත්භාවය වඩාත් හොඳින් ඉහළ නැංවීම, ඒවා අවම කරගැනීමට මහෝපකාරී වේ. පරිසරය ආරක්‌ෂා කිරීම පිළිබඳ අවධානය හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ධෛර්යවත් කිරීම සඳහා සියලු ලෝකවාසී ප්‍රජාව දැනුමින් සවිබල ගැන්වීම කාලීන අවශ්‍යතාවකි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම නිසා සිදු වන දේශගුණ විපර්යාස මිනිසා ගේ පැවැත්මට ඇති ප්‍රධාන අභියෝගය ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායුවල ප්‍රතිඵලයක් වේ.
වන විනාශය හා වන හායනයෙන් සිදු වන හරිතාගාර විමෝචන අඩු කිරීම REDD+
පුරාවස්‌තු සංරක්‌ෂණයට නව තාක්‌ෂණය
Sunday, January 10, 2016
සිවිලිම් විදුලි පංකා සඳහා ලොව පළමු වරට ටයිමරයක් නිපදවූ අපේ මහාචාර්යවරයාට මේ වසරේ නව නිපැයුම්කරුවන් ගේ කොමිසම විසින් පිරිනමනු ලබන දසිස් සම්මානයෙන් පිදුම් ලබයි
විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?
Wednesday, January 6, 2016
පිළිකාකාරක මාරාන්තික ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට හේතු බව සොයාගත් මහාචාර්ය සරත් ගුණතිලකට ඇමෙරිකාවෙන් සම්මානයක්
මහාචාර්ය සරත් ගුණතිලක ලෝන්ග් බීච්හි කැලිෆොaනියා විශ්වවිද්‍යාලයයේ සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ධුරයක් හොබවන අතර සේවානියුක්තික සෞඛ්යය පිළිබඳ නාගරික රාජ්‍ය රෝහලේ අධ්‍යක්‌ෂ තනතුර ද හොබවයි.
චිකාගෝහි දී පැවැති ඇමෙරිකාවේ මහජන සෞඛ්‍ය සංගමයේ වාර්ෂික සැසියේ දී මේ සම්මාන ප්රදානය සිදු කෙරිණි.
Friday, December 18, 2015
ශ්‍රී ලංකාවේ සෑම නිවසකම, ගොඩනැඟිල්ලකම දැනටමත් පවතින ඇස්‌බැස්‌ටස් සෙවිලිද ඉවත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි
එහෙත්, සැබෑව නම්, ඇස්‌බැස්‌ටස් භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක් නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්‌බැස්‌ටස් භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක් සමාජයේ ප්‍රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි.
Tuesday, December 15, 2015
රජයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඇස්‌බැස්‌ටස් යොදාගැනීම නවතියි
මේ විද්වත් හමුවට සෞඛ්‍ය පරිසර යනාදී ක්‌ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය ආයතන ප්රධානීන් මෙන්ම ඇස්බැස්ටස් කර්මාන්තයේ නියෑළෙන්නන් නියෝජනය කරන පිරිස් ද සහභාගි වී ඇත.
2018 වසරේ පටන් මෙරටින් ඇස්බැස්ටස් තුරන් කරන බව ජනාධිපතිවරයා මින් පෙර ප්රකාශ කර තිබිණි.







