Sunday, July 8, 2018

පොඩි පොඩි වෙනස්කම් කරල වාස්තු දෝෂ මග හැරගන්න කරගන්න පුළුවන් දේවල් 09ක්

වාස්තු විද්‍යාවේ වඩාත්ම වැදගත් අංගයක් නම් ධනාත්මක ශක්තියයි. නිවසට ධනාත්මක ශක්තිය ලැබේ නම් බොහොමයක් දෝෂ මඟහරවා ගත හැකි බව කියවෙනව. මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ඔබ ඉන්න නිවසේ වාස්තු විද්‍යාව ගැන ඔබ දත යුතු මූලිකම කාරණා කීපයක් ඉදිරිපත් කරන්නයි. ගෙයි බිත්ති කඩලා දොරවල් කඩල හදන දේවල් නෙවෙයි මේ. පොඩි පොඩි වෙනස්කම් කරල වාස්තු දෝෂ මග හැරගන්න කරගන්න පුළුවන් දේවල් ටිකක්.

තමන්ගෙම කියල නිවසක් ගොඩ නගා ගන්න හීනෙ හැබෑ කරගන්න තබන පලවෙනි පියවර තමයි තමන් කැමති විදියට නිවාස සැලස්මක් ඇඳගන්න එක. හැබැයි ඉතින් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට කියල සැලැස්මක් ඇඳගත්තට පස්සෙ ලංකාවේ අපේ සිරිත ඕක වාස්තු විද්‍යාඥයෙක් ලඟට අරන් ගිහින් වාස්තු දෝෂ බලවන එක. කොහොම වාස්තු බලල හැදුවත් අපි කරන සමහර වැරදි නිසා නිවසේ අර කලින් කිව්ව ධනාත්මක ශක්තිය ගිලිහිලා යන පොඩි පොඩි වැරදි අපි අතින් වෙන්න පුළුවන්. මේ කියන්නෙ එහෙම දේවල් කීපයක්. ඔබත් වාස්තු පිලිගන්න කෙනෙක් නම් මේ උපදෙස් ඔබට වටීවි.

ගස් වැවීමට වඩා ගස් කැපීම නැවතීම යුගයේ අවශ්‍යතාවයයි

එකිනෙකට සම්බන්ධ, කාලීන වශයෙන් ඉහළ වැදගත් කමක් ගන්නා,අංශ කිහිපයක් ගැන විග්‍රහ කිරිම මෙම ලියමනෙහි අරමුණයි. මිල කළ නොහැකි දායාදය වන පරිසරය, ජන දිවියේ ආධ්‍යාත්මය මුදුන් කරන ආගම දහම හා එම අංශ සම්බන්ධ කරමින් සම්මත සමාජයක් ගොඩනගා ගැනිම යන පරමාර්ථ මෙහිදි ප්‍රමුඛ වේ. වත්මන් සමාජය තුල විෂමාචාරයේ චිරස්ථිතියක් ස්ථාවර වෙමින් තිබේ.එයින් කියැවෙන්නේ බහුතර පිරිසකගේ අධ්‍යාත්මයේ වියවුලක් පවතින බවයි.මානසික වශයෙන් ආධ්‍යාත්මික සංවර්ධනය,මානව සම්පත තුල ගොඩ නැගෙන්නකි.එමෙන්ම එය සංවර්ධන අංශ වලින් උසස්ම සංවර්ධනය ද වේ.ආර්ථික අයහපත,සෞඛ්‍ය,පාරිසරික ඇතුළු භෞතික සංවර්ධනයට අයත් සියලු තන්ත්‍ර නිවැරදිව උස් තලයකට ගෙන ආ හැක්කේ ආධ්‍යාත්මික සංවර්ධනයේ එළියෙන් බව සැම තරාතිරමක පුද්ගලයෙකු කඩිනමින් හැදිනගත යුතු වේ.

මේ කෙටි පොදු පුර්විකාව ගෙන ආවේ,පරිසරය පුජනීය බවත්, එය සුරක්ෂිත කිරිමට වත්මන් සමාජය රිසියෙන්-නිසියෙන් ක්‍රියා නොකරන බවත් පැහැදිලි කිරිම පහසු කර ගැනිම පිණිසයි.

පරිසරය පෙරටුකොට, බිදියි මිනිසා පළමු, සිව්වන, සිල් පද

"ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටයාර 8000 ක් වසරකදී විනාශයි" අප රටේ ඇත්තේ ගස් වැවීමට වඩා ගස් කැපීම වැළැක්වීමේ අවශ්‍යතාවයකි

ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් හෙක්ටෙයාර 8000 ක් සෑම වසරක් ඇතුළත විනාශ කෙරෙන බව පරිසරවේදීහු පවසති.

ශ්‍රී ලංකාව පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ විල්පත්තු රක්ෂිතය ආසන්නයේ යළි පදිංචි කිරීම් හේතුවෙන් වසර කිහිපයක් ඇතුළත විනාශ වී තිබෙන්නේ හෙක්ටයාර 3000 ක් පමණක් බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ පරිසරවේදී හේමන්ත විතානගේ පවසයි.

මේ තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවත්නා 29.7% ක් වූ වන ආවරණය 2022 වනවිට 32% ක් දක්වා වැඩි කිරීම රජයේ අරමුණ වී තිබේ.

එම අරමුණ ඉටුකිරීමට නම් අදාළ කාලපරිච්ඡේදය තුළ හෙක්ටෙයාර් 150,650 ක වන බිම් ප්‍රමාණයක් ඇති කළ යුතු බව ද පරිසරවේදීහු පෙන්වා දෙති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම සිවිල් සංවිධාන එක් වී එම ක්‍රියාකාරී සැළැස්ම සකස් කොට තිබුනි.

Saturday, July 7, 2018

වසර 2ක නියගයේ විපාක අවසන් වන ලකුණු




ඉකුත් සමයේ දේශගුණ විපර්යාසවල බලපෑම් ශ්‍රේණියකට හසු ව අඩපණ ව තිබූ මෙරට කෘෂිකාර්මික ක්‌ෂේත්‍රය මේ වසරේ නැවත හිස ඔසවන ලකුණු පෙන්නුම් කරන බව Oxford Bñiness Group (OBG) නමැති සංවිධානය නිකුත් කර ඇති වාර්තාවක දැක්‌වේ.

OBG යනු ගෝලීය පර්යේෂණ සහ උපදේශන ආයතනයක්‌ වන අතර ලෝකයේ රටවල් 32ක විද්‍යාත්මක පර්යේෂණ හා විශ්ලේෂණ පාදක කරගත් වාර්ෂික ආයෝජන හා ආර්ථික වාර්තා සැකසීම මේ ආයතනය මඟින් සිදු කෙරෙයි. මේ සඳහා ඒ ඒ රටවල් තුළ ම සිදු කරන ලද අධ්‍යයන යොදාගනු ලැබේ.

වාර්තාවේ දැක්‌වෙන ආකාරයට, දේශීය සහල් නිෂ්පාදනය ශක්‌තිමත් වීම සහ යළි හඳුන්වා දෙන ලද තීරු බදු හේතුවෙන් විදෙස්‌ කරා ඇදී යන විශාල මුදල් ප්‍රමාණයක්‌ ඉතිරි කරගෙන ජාතික ආදායම් ඉහළ නංවාගැනීමට මේ වසරේ දී මෙරටට අවස්‌ථාව සැලසෙනු ඇත.