Sunday, January 10, 2016

සිවිලිම් විදුලි පංකා සඳහා ලොව පළමු වරට ටයිමරයක්‌ නිපදවූ අපේ මහාචාර්යවරයාට මේ වසරේ නව නිපැයුම්කරුවන් ගේ කොමිසම විසින් පිරිනමනු ලබන දසිස්‌ සම්මානයෙන් පිදුම් ලබයි

සිටුවා තබන වර්ගයේ විදුලි පංකාවල ඇති, සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් දක්නට නැති විශේෂාංගයක් වන්නේ ටයිමර් ක්රියාකාරිත්වයයි. ටයිමරයකින් කෙරෙන්නේ පංකාව ක්රියාත්මක විය යුතු කාලය පරිපථයක් මාර්ගයෙන් කල් තබා පංකාවට දැනුම් දීමකි. එවිට පංකාව අවශ් වේලාව තුළ පමණක් ක්රියාත්මක වී ඉබේ නතර වෙයි.

විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?

Wednesday, January 6, 2016

පිළිකාකාරක මාරාන්තික ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගයට හේතු බව සොයාගත් මහාචාර්ය සරත් ගුණතිලකට ඇමෙරිකාවෙන් සම්මානයක්‌

ශ්‍රී ලංකාවේ සහ මධ්යම ඇමෙරිකාවේ සැලකිය යුතු අන්දමින් ව්යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගයට කෘෂි රසායන බලපාන ආකාරය සම්බන්ධ පෙරළිකාර කල්පිතයක් ඉදිරිපත් කිරීම අගයමින් ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමය විසින් මහාචාර්ය සරත් ගුණගිලක මහතා වෙත ඉකුත් දා සම්මානයක් පිරිනමන ලදි. 

මහාචාර්ය සරත් ගුණතිලක ලෝන්ග් බීච්හි කැලිෆොaනියා විශ්වවිද්යාලයයේ සෞඛ් විද්යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ධුරයක් හොබවන අතර සේවානියුක්තික සෞඛ්යය පිළිබඳ නාගරික රාජ් රෝහලේ අධ්යක් තනතුර හොබවයි.

චිකාගෝහි දී පැවැති ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමයේ වාර්ෂික සැසියේ දී මේ සම්මාන ප්රදානය සිදු කෙරිණි.