Wednesday, January 6, 2016

පිළිකාකාරක මාරාන්තික ග්ලයිෆොසේට්‌ වකුගඩු රෝගයට හේතු බව සොයාගත් මහාචාර්ය සරත් ගුණතිලකට ඇමෙරිකාවෙන් සම්මානයක්‌

ශ්‍රී ලංකාවේ සහ මධ්යම ඇමෙරිකාවේ සැලකිය යුතු අන්දමින් ව්යාප්ත වෙමින් පවතින වකුගඩු රෝගයට කෘෂි රසායන බලපාන ආකාරය සම්බන්ධ පෙරළිකාර කල්පිතයක් ඉදිරිපත් කිරීම අගයමින් ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමය විසින් මහාචාර්ය සරත් ගුණගිලක මහතා වෙත ඉකුත් දා සම්මානයක් පිරිනමන ලදි. 

මහාචාර්ය සරත් ගුණතිලක ලෝන්ග් බීච්හි කැලිෆොaනියා විශ්වවිද්යාලයයේ සෞඛ් විද්යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ධුරයක් හොබවන අතර සේවානියුක්තික සෞඛ්යය පිළිබඳ නාගරික රාජ් රෝහලේ අධ්යක් තනතුර හොබවයි.

චිකාගෝහි දී පැවැති ඇමෙරිකාවේ මහජන සෞඛ් සංගමයේ වාර්ෂික සැසියේ දී මේ සම්මාන ප්රදානය සිදු කෙරිණි. 


සැම වසරක ඇමෙරිකානු මහජන සෞඛ් සංගමයේ වෘත්තීය සෞඛ්යය සහ ආරක්ෂණ අංශය විසින් විශේෂ සම්මාන ප්රදානයක් සිදු කෙරෙන අතර එයට හිමිකම් ලබන්නේ ජාතික හෝ ජාත්යන්තර මට්ටමින් පුද්ගල සෞඛ්යය හා ආරක්ෂණය උදෙසා කැපකිරීම් කළ ඉහළ මට්ටමේ කාර්යසාධනයක් සහිත පුද්ගලයන් හෝ ආයතනයන් වේ. මහාචාර්ය ගුණතිලකට හිමි වූයේ ඇමෙරිකාවෙන් බාහිර රටක (ජාත්යන්තර) වෘත්තීය සෞඛ් ගැටලුවක් විසඳීම අරභයා ඇමෙරිකානු පුරවැසියකු විසින් සිදු කරන ලද කාර්යභාරය අගැයීමේ සම්මානයයි.

මහාචාර්ය ගුණතිලක මහතා රජරට විශ්විද්යාලයයේ ආචාර්ය චන්න සුදත් ජයසුමන මහතා සමග එක් බැර ලෝහ ග්ලයිෆොසේට් වල්නාශකය සමග බැඳී වකුගඩු කරා ගොස් වකුගඩු අකර්මණ් කරන ආකාරය සම්බන්ධව 2014 වසරේ දී කල්පිතයක් ඉදිරිපත් කළ අතර පසුව එය කල්පිතයක මට්ටමින් ඔබ්බට ගමන් කරමින් ශ්රී ලංකාවේ ග්ලයිෆොසේට් තහනම් කිරීම සඳහා සවිමත් පදනමක් සැපයී . මේ පර්යේෂකයන් දෙපළ මේ වන විට මේ කරුණ අරභයා ජාත්යන්තර විද්යාත්මක පර්යේෂණ පත්රිකා 5ක් එළිදක්වා තිබේ.

මේ වන විට ප්රංශය හා නෙදර්ලන්තය වැනි දියුණු රටවල් ග්ලයිෆොසේට් අලෙවියට තහංචි පනවා ඇති අතර ස්විට්සර්ලන්තයේ හා ජර්මනියේ මුල් පෙළේ සමාගම් මේ නිෂ්පාදනය වෙළෙඳපොළෙන් ඉවත් කරගනිමින් සිටියි. ග්ලයිෆොසේට් තහනම් කර හෝ භාවිතය දැඩි ලෙස සීමා කර හෝ ඇති සෙසු රටවල් වන්නේ බ්රසීලය, චිලී, කොලම්බියාව, ආර්ජන්ටිනාව, එල් සැල්වදොaරය සහ බර්මියුඩාවයි. ලෝක සෞඛ් සංවිධානය ග්ලයිෆොසේට් මිනිසාට පිළිකාකාරක විය හැකි යෑයි අනතුරු හඟවා තිබේ.

No comments:

Post a Comment