Thursday, February 20, 2020

කොන්ක්‍රීට් වහලයෙන් රත්වන නිවසට ලාංකික විද්‍යාඥයාගෙන් විසදුම්

දිවා කාලයේදී ගොඬනැගිලි තුළ ඇතිවන අධික උණුසුම හේතුවෙන් ඔබත් අපහසුතාවයට පත් වී තිබෙනවාද? ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ මෙලෙස ගොඬනැගිලි ඇතුළත උණුසුම් වීම වැළක්විය නොහැකියි. විශේෂයෙන්ම වර්තමාන ඉදිකිරීම් වලදී භාවිතා කරන පැතලි කොන්ක්‍රීට් වහල (ස්ලැබ්) නිසා එම ගොඬනැගිලි වල අභ්‍යන්තර උෂ්ණත්වය සැළකිය යුතු මට්ටමකින් ඉහළ යෑමට හේතූ වනවා. මේ නිසා එම ගොඬනැගිලිවල වාසය කරන්නන් අපහසුතාවයට පත් වනවා මෙන්ම ගොඬනැගිලි ඇතුළත සුදුසු උෂ්ණත්වයක පවත්වාගෙන යෑමට අමතර පිරිවැයක් දැරිය යුතුයි. අද ශ්‍රී ලාංකීය පර්යේෂණ පිටුව වෙන් වන්නේ මේ ප්‍රශ්නයට දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සාර්ථක විසඳුමක් ලබා දීමට සමත් වූ

ලෝක මිහිතල දිනය 2020 පාසල් චිත්‍ර තරගය

ජගත් මිහිතල දිනය අප්‍රේල් 22 දින මෙවර සමරණු ලබ
න්නේ සිය 50 වන සංවස්තරය ලෙසයි. අම්පාර අධ්‍යාපන කලාපය තුල පාසල් දරුවන්ට මෙම අවස්ථාව උදාකොට ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ සිවිලිම ප්‍රදර්ශනාගාර මෙම තරගය සංවිධානය කරනු ලබයි.පරිසර හිතකාමී නිෂ්පාදනයන්හි වාසි තේමාව කොට ගත්  මෙම චිත්‍ර තරගය පෝස්ටර් චිත්‍ර තරගයක් වන අතර චිත්‍ර භාරගන්නා අවසන් දිනය 2020 අප්‍රෙල් 05දිනයි. විද්වත් මඩුල්ලක් හමහි ජයග්‍රාාකයින් තෝරනු ලබයි. ජයග්‍රාහී දරුවාගෛ් පාසලට සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයට නිෂ්පාදන සපයන මීගමුව කර්මාන්ත ශාලාව සංචාරයකට අවස්තාවක් ලබා දෙන අතර. ජයග්‍රාහී දරුවන්ට මුදලින් තෑගි සහ සහතික පත් හිමි වේ.