Friday, December 18, 2015

ශ්‍රී ලංකාවේ සෑම නිවසකම, ගොඩනැඟිල්ලකම දැනටමත් පවතින ඇස්‌බැස්‌ටස්‌ සෙවිලිද ඉවත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි

ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු භාවිතය අද ශ්‍රී ලංකාවට අලුත් දෙයක්‌ නොවේ. යමක්‌කමක්‌ උපයාගෙන ගෙයක්‌ දොරක්‌ ගොඩනඟා ගන්නා අයකුට නිවසේ වැඩකටයුතු නිමා වූ බවට හුස්‌මක්‌ කටක්‌ ගන්නට ලැබෙන්නේ වහලට සෙවිල්ලක්‌ යොදා ගැනීමෙන් පසුවය. ශ්‍රී ලංකාවේ ඇති හැකි පැරැන්නන් තමන්ගේ නිවසේ සෙවිල්ලට උළු යොදා ගත්තදවර්තමානයේදී බහුලව යොදාගනු පෙනෙන්නේ ඇස්‌බැස්‌ටස්‌ය. එයට ප්‍රධාන හේතුවක්‌ද තිබේ. එනම්ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි භාවිතය උළුවලට වඩා පහසු වනවා සේමවහලයේ ලී සැකිල්ලට උළු තරම් වියදමක්‌ දැරීමට අවශ්‍ය නොවීමද නිසාය.

එහෙත්සැබෑව නම්ඇස්‌බැස්‌ටස්‌ භාවිතය හොඳ නැතැයි සමාජයේ පවතින මතය අනුව යමින් අපහසුවෙන් හෝ උළු වහලයක්‌ නිර්මාණය කර ගන්නෝද වෙති. කවුරුන් කෙසේ කීවත් ඇස්‌බැස්‌ටස්‌ භාවිතයෙන් පිළිකා ඇතිකරන බවට වන මතයක්‌ සමාජයේ ප්‍රබලව මුල්බැසගෙන තිබෙන බව සත්‍යයකි. 

Tuesday, December 15, 2015

රජයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඇස්‌බැස්‌ටස්‌ යොදාගැනීම නවතියි

අලුතින් ඉදි කරනු ලබන රජයේ ගොඩනැඟිලි සඳහා ඇස්බැස්ටස් වෙනුවට සෞඛ් හිතකාමී විකල්ප යොදාගැනීම පිණිස ඉකුත් සතියේ ජනාධිපතිවරයා ගේ ප්රධානත්වයෙන් පැවැති විද්වත් හමුවක දී මූලික එකඟතාවකට පැමිණ ඇත.

මේ විද්වත් හමුවට සෞඛ් පරිසර යනාදී ක්ෂේත් නියෝජනය කරන රාජ් ආයතන ප්රධානීන් මෙන්ම ඇස්බැස්ටස් කර්මාන්තයේ නියෑළෙන්නන් නියෝජනය කරන පිරිස් සහභාගි වී ඇත.

2018 වසරේ පටන් මෙරටින් ඇස්බැස්ටස් තුරන් කරන බව ජනාධිපතිවරයා මින් පෙර ප්රකාශ කර තිබිණි.

Friday, December 11, 2015

ඇස්‌බැස්‌ටස්‌ තහනමේ විද්‍යාත්මක පදනමක් නැද්ද

ඇස්‌බැස්‌ටස්‌තහනම සම්බන්ධයෙන් අප රට තුළ කිසියම් සංවාදයක්‌ ඉදිරියේ දී ඇති විය හැකි ලකුණු පහළ වෙමින් ඇත. ඒ, මෙරට රාජ්‍ය නායකයා ඇස්‌බැස්‌ටස්‌ තහනම් කිරීම සම්බන්ධව පැහැදිලි තීරණයක්‌ ගෙන තිබිය දී ව්‍යාපාරික ප්‍රජාව එම තීරණයෙහි විද්‍යාත්මක පදනමක්‌ නැතැයි පෙන්වා දෙමින් සිටින බැවිනි.
ව්‍යාපාරික ප්‍රජාව අවධාරණය කර සිටින කරුණක්‌ වන්නේ සෞඛ්‍යයට අහිතකර යෑයි ලෝකයේ සම්මත ව ඇති ඇස්‌බැස්‌ටස්‌ වර්ග කිසිවක්‌ තම නිෂ්පාදන කටයුතුවලට යොදා නො ගන්නා අතර යොදාගන්නා වර්ගය වන ක්‍රිසොටයිල් (Chrysotile) නමැති වර්ගය ශරීර සෞඛ්‍යයට අහිතකර නැති බවයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය Chrysotile Asbestos - 2014 නමැති ප්‍රකාශනයකින් තරයේ පවසා සිටින්නේ ක්‍රිසොටයිල් ද පිළිකාකාරක බව මේ වන විට තහවුරු වී ඇති බැවින් කිසිදු ඇස්‌බැස්‌ටස්‌ වර්ගයක්‌ භාවිතයට නුසුදුසු බව ය.