Friday, December 11, 2015

ඇස්‌බැස්‌ටස්‌ තහනමේ විද්‍යාත්මක පදනමක් නැද්ද

ඇස්‌බැස්‌ටස්‌තහනම සම්බන්ධයෙන් අප රට තුළ කිසියම් සංවාදයක්‌ ඉදිරියේ දී ඇති විය හැකි ලකුණු පහළ වෙමින් ඇත. ඒ, මෙරට රාජ්‍ය නායකයා ඇස්‌බැස්‌ටස්‌ තහනම් කිරීම සම්බන්ධව පැහැදිලි තීරණයක්‌ ගෙන තිබිය දී ව්‍යාපාරික ප්‍රජාව එම තීරණයෙහි විද්‍යාත්මක පදනමක්‌ නැතැයි පෙන්වා දෙමින් සිටින බැවිනි.
ව්‍යාපාරික ප්‍රජාව අවධාරණය කර සිටින කරුණක්‌ වන්නේ සෞඛ්‍යයට අහිතකර යෑයි ලෝකයේ සම්මත ව ඇති ඇස්‌බැස්‌ටස්‌ වර්ග කිසිවක්‌ තම නිෂ්පාදන කටයුතුවලට යොදා නො ගන්නා අතර යොදාගන්නා වර්ගය වන ක්‍රිසොටයිල් (Chrysotile) නමැති වර්ගය ශරීර සෞඛ්‍යයට අහිතකර නැති බවයි. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය Chrysotile Asbestos - 2014 නමැති ප්‍රකාශනයකින් තරයේ පවසා සිටින්නේ ක්‍රිසොටයිල් ද පිළිකාකාරක බව මේ වන විට තහවුරු වී ඇති බැවින් කිසිදු ඇස්‌බැස්‌ටස්‌ වර්ගයක්‌ භාවිතයට නුසුදුසු බව ය.

මේ ලිපියේ ප්‍රධාන දේහයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම ප්‍රකාශනයෙහි එක්‌ පරිච්ඡේදයක පළ ව ඇති මේ හා අදාළව පොදු ජනයාට පැනනැඟෙන ප්‍රශ්න පිළිතුරු ගෙනහැර දැක්‌වෙයි.
ප්‍රශ්නය ( ක්‍රිසොටයිල් ඇස්‌බැස්‌ටස්‌ ප්‍රභේදයක්‌ නො වන්නේ ය යන මතය සත්‍යයක්‌ ද?
පිළිතුර ( නැහැ. ක්‍රිසොටයිල් යනු ඇස්‌බැස්‌ටස්‌ ස්‌වරූප හයෙන් එකක්‌. අනෙක්‌වා වන්නේ ක්‍රොසිඩොලයිට්‌ (Crocidolite), ඇමොසයිට්‌ (Amosite), ට්‍රෙමොලයිට්‌ (Tremolite), ඇක්‌ටිනොලයිට්‌ (Actinolite) හා ඇන්තොෆයිලයිට්‌ (Anthophyllite)
ප්‍රශ්නය ( ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්තිය කුමක්‌ ද?
ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්තිය ඉතා ම පැහැදිලි හා නිශ්චිත එකක්‌. ඇස්‌බැස්‌ටස්‌ මගින් පෙනහලු පිළිකා, ස්‌වරාල පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, මීසොතෙලියොමා (Mesothelioma) වැනි පිළිකා හටගන්නවා. ඊට අමතරව ඇස්‌බෙස්‌ටෝසීස්‌ රෝගය ද ඇති වනවා. ඇස්‌බැස්‌ටස්‌ මගින් ඇති වන රෝග, වළක්‌වාගත හැකියි. එමෙන් ම වළක්‌වාගත යුතුයි. මේ රෝග වැළැක්‌වීමේ ඉතා ම කාර්යක්‌ෂම ක්‍රමය නම් සියලු ම ආකාරයේ ඇස්‌බැස්‌ටස්‌ ස්‌වරූප භාවිතය නවතාලීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත රෝග මැඩලීමේ ගෝලීය ව්‍යාපාරය ලෝකයේ රටවලට ඒ අරමුණ දිනාගැනීමට උදව් කරනවා.
ප්‍රශ්නය ( ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳව මේ තරම් අවධානය දක්‌වන්නේ ඇයි?
මනුෂ්‍යයා තුළ නිදන්ගත ශ්වසන ආබාධ හා පිළිකා ඇති කරන්නට ඇස්‌බැස්‌ටස්‌ හේතු වන බවට පැහැදිලි විද්‍යාත්මක සාක්‌ෂ්‍ය පවතිනවා. බෝ නො වන රෝග මර්දනයට කටයුතු කරමින් සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයට මේ ගැන උනන්දුවක්‌ දක්‌aවන්නට සිදු වනවා. සෞඛ්‍ය සත්කාරක වියදම් අඩු කරගනිමින් තිරසාර සෞඛ්‍ය වැය ක්‍රමයක්‌ තහවුරු කරන්නට මේ රෝග මර්දනය හේතු වන බව පෙනී යනවා. ලෝක තත්ත්වය සැලකූ කල මරණ සඳහා දෙවැනියට වැඩියෙන් ම බලපාන හේතුව වන්නේ පිළිකායි. 2008 දී පිළිකාවලින් පමණක්‌ මරණ මිලියන 7.6ක්‌ වාර්තා වූවා. තවත්a නව රෝගීන් මිලියන 12.7ක්‌ ඒ වසරේ දී හඳුනාගනු ලැබුවා. පිළිකාවලින් 19%කට ම පමණ පාරිසරික හේතු බලපානවා. වර්තමානයේ දී ලොව වෙසෙන මිනිසුන් ගෙන් මිලියන 125ක්‌ පමණ ම වැඩපොළේ දී (සේවා ස්‌ථානය) ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්‌තමේන්තුවලට අනුව හැම අවුරුද්දක දී ම අවම වශයෙන් මෙලෙස සේවා ස්‌ථානවල දී ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වන 1,07,000ක්‌ පමණ ම ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත පෙනහලු පිළිකා, මීසොතෙලියොමා ඇතුළු පිළිකා නිසා මරු දකිනවා. වෘත්තීයමය හේතු මත ඇති වන පිළිකාවලින් සිදු වන මරණවලින් අඩකට ම වගකිව යුතු වන්නේ ඇස්‌බැස්‌ටස්‌.
ක්‍රිසොටයිල් හා අනෙකුත් ඇස්‌බැස්‌ටස්‌ ගැනත් ඒවායේ කළමනාකරණය ගැනත් ලෝක සෞඛ්‍ය සංවිධානය අදහස්‌ පළ කරන්නේ කුමන අධිකාරී බලයක්‌ මත ද?
එක්‌සත් ජාතීන් ගේ සංවිධානයෙහි සෞඛ්‍යයට අදාළ මෙහෙයුම් හා සම්බන්ධීකරණ අධිකාරී බලය ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයටයි. ගෝලීය සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් මගපෙන්වීමක්‌ හා නායකත්වයක්‌ ලබා දීම එහි වගකීමක්‌. සෞඛ්‍යමය පර්යේෂණවලට දායක වෙමින් ද, ප්‍රමිතීන් සකසමින් ද ප්‍රතිපත්ති සංවිධානය කරමින් ද රටරටවලට තාක්‌ෂණික සහයෝගය ලබා දෙමින් ද ඒ කාර්යය ඉටු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණ ගැනීමේ දේහය ලෙස කටයුතු කරන්නේ ලෝක සෞඛ්‍ය පර්ෂදයයි (WHA).
ඒ පර්ෂදය වාර්ෂිකව හමු වී තීරණ ගැනීම සිදු කරනවා. එහි සාමාජික රාජ්‍ය සංඛ්‍යාව 194ක්‌. මෙහි මුඛ්‍ය කටයුත්ත වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති සම්පාදනයයි.
ඇස්‌බැස්‌ටස්‌වලට සම්බන්ධ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්තිවලට අදාළව යෝජනා (WHA Resolution) තුනක්‌ පවතිනවා. ඒවා නම් 2005 WHA58.22-2007, WHA 60.26 හා 2013 WHA 66.10යි. මේ හැම යෝජනාවක්‌ මගින් ම ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත රෝග විශේෂයෙන් ම පිළිකා මර්දනය ගැන සාකච්ඡා කර තිබෙනවා.
ප්‍රශ්නය ( මිනිසුන් කෙලෙස ද ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වන්නේ?
ආශ්වාසය මගින්, පතල් හා යන්ත්‍රසූත්‍ර ආශ්‍රිතව වැඩ කෙරෙන තැන්වල දී හා ඇස්‌බැස්‌ටස්‌ නිපදවන වගේ ම භාවිත කරන ස්‌ථානවල දී අධිග්‍රහණය (Ingestion) මගින් නිරාවරණය වීම සිදු වනවා. ගොඩනැගිලි කර්මාන්තයේ දී සිදු කරන ඇස්‌බැස්‌ටස්‌ කැපීම් හා වෑද්දුම්වල දී සිදු වන නිරාවරණය වීම් ද මීට ඇතුළත්. නඩත්තු කටයුතුවල දී හා කැඩී බිඳී යැම්වල දීත් මෙය සිදු වනවා. ඇස්‌බැස්‌ටස්‌ සාමාන්‍යයෙන් පාවිච්චි වන්නේ කෙඳිතිමය මිශ්‍රණයක්‌ (සිමෙන්ති, ප්ලාස්‌ටික්‌ හෝ රෙසින වැනි දේ සමග බැඳුණු) ලෙසයි. එසේ නැතිනම් වියන ලද රෙද්දක්‌ ලෙසයි. වහල සෙවිලි කිරීමට, ජල නළ සෑදීමට, තාප හා විද්යුත් පරිවාරක සෑදීමට, ගින්නට ඔරොත්තු දෙන බ්ලැන්කට්‌ සෑදීමට, ගෑස්‌කට්‌ස්‌ (Gaskets) තැනීමට, වාහනවල බ්‍රේක්‌ පෑඩ්ස්‌ වැනි දේ සෑදීමට යනාදී ලෙස විශාල පරාසයක කටයුතුවලට ඇස්‌බැස්‌ටස්‌ යොදාගන්නවා. ගොඩනැගිලි නඩත්තු කටයුතුවල දී කැඩී බිඳී යැම්වල දී හා ගොඩනැගිලි අපද්‍රව්‍ය ඉවත් කරලීමේ දීත් ස්‌වාභාවික ආපදා අවස්‌ථාවල දීත් ඇස්‌බැස්‌ටස්‌ කෙඳිතිවලට නිරාවරණය වීම සිදු වනවා.
ප්‍රශ්නය ( පරිසරයේ වෙනත් පිළිකාකාරක රැසක්‌ පැවතිය දී ඇස්‌බැස්‌ටස්‌වලට පමණක්‌ මෙලෙස විශේෂ අවධානයක්‌ යොමු කරන්නේ ඇයි?
පරිසර සාධක ඇති වන ඇතැම් පිළිකා බහුපිළිකාකාරක නිශ්චායක (Multiple Carcinogenic Determinant) සහිත ඒවායි.
එහෙත් සමහර පිළිකා තනි පිළිකාකාරක නිසා ඇති වන දේ. එයට හොඳ ම උදාහරණයක්‌ වන්නේ ඇස්‌බැස්‌ටස්‌.
ඒවාට නිරාවරණය වීම පහසුවෙන් වළක්‌වාගත හැකියි. මීසොතෙලියොමා වැනි ඇතැම් ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත පිළිකා රෝගවල ගුප්ත කාලය අවුරුදු 40ක්‌ තරම් දිගු එකක්‌ වනවා.
මේ හේතුව නිසා ම ඇස්‌බැස්‌ටස්‌ හා බැඳුණු රෝගවල පීඩනය ඇස්‌බැස්‌ටස්‌ බොහෝ කලකට පෙර තහනම් කළ රටවල පවා මේ මොහොතේ දීත් දැනෙන්නට ඉඩ තිබෙනවා. එනම් යම් රටක්‌ ඉක්‌මන් වූ තරමින් අවදානම යම් පමණකට හෝ අඩුකරගත හැකියි. එක්‌ අතකින් ගුප්ත කාලය දිගු වන නිසා මේ රෝගය හා රෝගයට අදාළ කාරක කෙරෙහි අවධානය අඩුවන්නට ඉඩ තිබෙනවා.
හැම ඇස්‌බැස්‌ටස්‌ වර්ගයකින් ම (ක්‍රිසෝලයිට්‌ ද ඇතුළත්ව - ක්‍රිසෝලයිට්‌ දැනටත් වැඩියෙන් ම නිෂ්පාදනය වන හා භාවිත වන වර්ගයයි) මනුෂ්‍යයා තුළ පිළිකා ඇති වනවා. එහෙත් මේවාට අදාළ පිළිකාකාරකවල අවදානම සම්බන්ධ දේහලීය අගය තවම හඳුනාගෙන නැහැ.

මේ නිගමනය ඉදිරිපත් කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය විසින් වසර 15ක්‌ තිස්‌සේ සිදු කරන ලද අධ්‍යයන හා තක්‌සේරු පාදක කරගෙනයි.
ඉතා ම මෑතක දී පළ කරන ලද මෙවැනි වාර්තාවකට නිදසුනක්‌ වන්නේ 2012 IARC වාර්තාවයි. මේ නිගමනවලින් පිළිබිඹු වන්නේ ජාත්‍යන්තර මට්‌ටමේ විශේෂඥයන් පවා ඇස්‌බැස්‌ටස්‌ සෞඛ්‍යයට හානි පමුණුවන්නේ යෑයි පිළිගන්නා බවයි.
ඊට අමතරව පෙන්වා දෙනු ලබන තව කරුණක්‌ වන්නේ ඇස්‌බැස්‌ටස්‌වලට හා දුම්පානයට එකවර නිරාවරණය වීම නිසා පෙනහලු පිළිකා වර්ධනය වීමේ අවදානම ඉහළ යන බවයි.
ප්‍රශ්නය ( ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය විසින් ඉදිරිපත් කරන ලද ඇස්‌බැස්‌ටස්‌වලට අදාළ ඇගයීම් කිසිදු බලපෑමකින් තොර ස්‌වාධීන එකක්‌ යෑයි සහතික විය හැකි ද?
ඔව්. හැම ආකාරයකින් ම ස්‌වාධීනව මෙය සිදු කරන්නට හැම පියවරක්‌ ම ගෙන තිබෙනවා. රාජ්‍යයක, ජාතික ආයතනයක හෝ විශේෂ අභිලාෂ කණ්‌ඩායම්වල (Special Interrest Groups) අදහස්‌ මෙහි සෘජු ව ම නියෝජනය වන්නේ නැහැ. කෙසේ වෙතත් ඔවුන් ලොව සියලු ආගම්වල නියෝජිතයන් ගෙන් ද උපදෙස්‌ ලබාගෙන තිබෙනවා. සම්පූර්ණ වාර්තාව ජාත්‍යන්තර සම්පරීක්‌ෂණයකට (Peer Review) බඳුන් කරනු ලැබුවා.
ප්‍රශ්නය ( මොන වගේ පියවරක්‌ ද රටවල් විසින් ජාතික මට්‌ටමෙන් ගනු ලැබ ඇත්තේ?
බොහෝ රටවල් දැනටමත් ඇස්‌බැස්‌ටස්‌ භාවිතය නීත්‍යනුකූලව තහනම් කරලා. 2013 අවසන් වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රාජ්‍ය 50ක්‌ එය සිදු කර තිබුණා. ඒ, මහජන සෞඛ්‍යය රැකගැනීමේ අරමුණෙන්.
ජාත්‍යන්තර මට්‌ටමෙන් ගෙන ඇති පියවර මොනවා ද?
1992 දී බලාත්මක වූ හානිකර අපද්‍රව්‍ය ඉවත් කිරීම හා ඒවායේ රටවල් අතර අපනයනයේදී හා ආනයනයෙදී පාලනයට අදාළ බේසල් (Bazel) සම්මුතිය ඊට නිදසුන්. රටවල් 181ක්‌ මීට සම්බන්ධ වූවා.
හානිකර අපද්‍රව්‍යවලින් ඇති වන අනර්ථකාරී ප්‍රතිඵලවලින් මානව සෞඛ්‍යය හා පරිසරය
රැකීමයි එහි අරමුණ වූයේ. ඇස්‌බැස්‌ටස්‌ (දූවිලි හා කෙඳිති) මේ සම්මුතිය යටතේ ලැයිස්‌තුගත කර තිබෙනවා පාලිත අපද්‍රව්‍ය (Controlled waste) හැටියටග මේ සම්මුතියේ කොටස්‌කරුවන් බැඳී සිටිනවා මෙවැනි අපද්‍රව්‍ය තහනම් කරන්නට හෝ අවම වශයෙන් ඒවා අපනයනය නොකර හිඳින්නට.
ඉතා මෑතක දී රොටඩෑම් සම්මුතියේ පාර්ශ්වකරුවන් වූ රටවල් 154කින් බහුතරය ප්‍රකාශ කර තිබෙනවා ක්‍රිසොටයිල් සම්මුතිය ඇමුණුම් 3 යටතට වර්ග කළ යුතු බව. මෙසේ ලැයිස්‌තුගත කිරීම් වැදගත්කම වන්නේ එවිට ක්‍රිසොටයිල් ආනයනයේ දී ඉතා දැඩි නීති රීති ක්‍රියාත්මක කරනු ලැබීමකට යටත් වන නිසයි. කෙසේ වෙතත් මේ වනතුරු ම රටවල් සුළු සංඛ්‍යාවක්‌ ක්‍රිසොටයිල් එලෙස ලයිස්‌තුගත කිරීම වළක්‌වා තිබෙනවා.
ක්‍රිසොටයිල් අනෙක්‌ ඇස්‌බැස්‌ටස්‌ වර්ගවලට වඩා අඩුවෙන් හානිකර බවට පවතින මතය සත්‍යයක්‌ ද? එනිසා ම එක ම විදිහට පාලන ක්‍රමවේදවලට යටත් විය යුතු නැහැ නේ ද?
විද්‍යාත්මක සාක්‌ෂ්‍ය ඉතා පැහැදිලියි. වෙනත් වර්ගවල ඇස්‌බැස්‌ටස්‌වලට වඩා ප්‍රබලතාවෙන් වැඩි වුවත් නැතත් ක්‍රිසොටයිල් පෙනහැල්ලේ, ස්‌වරාලයේ හා ඩිම්බකෝෂයේ පිළිකාත්, මීසොතෙලියොමා පිළිකාත් ඇත් කරන්නට හේතු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර පිsළිකා පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබෙනවා. සොටයිල් නිෂ්පාදන අවස්‌ථාවේ දී වෙනත් කිසියම් භෞතික ද්‍රව්‍යයක්‌ සමග බැඳී තිබෙනවා ද (උදාහරණ( සිමෙන්ති සමග) නැද්ද යන කරුණ මේ අධ්‍යයන ප්‍රතිඵලවල නිගමන වෙනස්‌ කරන්නට බලපාන්නේ නැහැ.
භාවිතය නියාමනය කළත්, ක්‍රිසොටයිල් ඇතුළත් නිෂ්පාදන (වහලල ජල නළ) පළුදු වූ හෝ කැඩී බිඳී ගිය විට ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති පරිසරයට නිදහස්‌ කරනවා. මේ නිදහස්‌ වීම් බොහෝ විට සිදු වන්නේ මේ නිෂ්පාදන සවි කිරීමෙන් යම් කලකට පසුවයි. මේ අවදානම සම්පූර්ණයෙන් ම මගහැරගත හැකි වන්නේ මේ නිෂ්aපාදන සම්පූර්ණයෙන් ම පිටුදැකීමෙන් පමණයි.
දැනට සිදු වන හෝ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත ක්‍රිසොටයිල් ධූලකතාවට අදාළ අධ්‍යයන මගින් දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය දරන මතය වෙනස්‌ විය හැකි ද?
කිසිසේත් ම නැහැ. නැවත නැවත ඉදිරිපත් කරන ලද විද්‍යාත්මක සාක්‌ෂ්‍ය මත පදනම් ව ඇති මතය වන්නේ ක්‍රිසොටයිල් පිළිකාකාරකයක්‌ වන බව හා ඇස්‌බෙස්‌ටෝසීස්‌ වැනි රෝග සාදන බවයි. එමෙන් ම සියලු ආකාරවල ඇස්‌බැස්‌ටස්‌ (ක්‍රිසොටයිල් ඇතුළත් ව) භාවිතයෙන් ඉවත් කිරීම ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත රෝගවලින් මිදීමට ඇති හොඳ ම ක්‍රමය බව ද අප විශ්වාස කරනවා. අප විසින් දක්‌වන ලද පිළිකාවලට අමතරව වෙනත් පිළිකා ද ක්‍රිසොටයිල් නිසා සෑදෙන්නට ඉඩ ඇති බව දැනට කෙරෙන අධ්‍යයන මගින් පෙනෙනවා. මේ අධ්‍යයන දිගින් දිගට ම කළ යුතුයි. විශේෂයෙන් ම ස්‌ත්‍රීන්ට පමණක්‌ විශේෂිත වූ පිළිකා ගැන එවැනි අධ්‍යයනවල දී අවධානය යොමු කර තිබෙනවා.
ක්‍රිසොටයිල් වෙනුවට ගත හැකි ආදේශකවල විශේෂයෙන් ම ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස) විෂ සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු මොනවා ද?
බොහෝ රටවල රජයන් හා ජාත්‍යන්තර සංවිධාන ඇස්‌බැස්‌ටස්‌ වෙනුවට ගත හැකි ආදේශක ගැන තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවැනි ආදේශක පිළිබඳ තොරතුරු (ආරක්‌ෂිත නිෂ්පාදන ගැන) ජාතික හා ජාත්‍යන්තර සංවිධාන මගින් ලද හැකියි.
නිදසුනක්‌ දක්‌වත හොත් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය විසින් 2005 දී සිදු කරන ලද වැඩමුළුවට අදාළ ප්‍රකාශනය, එක්‌සත් රාජධානියෙන් හා යුරෝපීය කොමිසමෙන් හා යුරෝපයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය කාර්යාලය නිකුත් කළ ප්‍රකාශන ආදිය ගත හැකියි. ක්‍රිසොටයිල් වෙනුවට Unplasticized Polyvinyl Chloride (UPVC) වැනි ද්‍රව්‍ය භාවිත කළ හැකියි.
ඇස්‌බැස්‌ටස්‌වලට නිරාවරණය වීම රැකියාවේ යෙදෙන අයට පමණක්‌ අදාළ ගැටලුවක්‌ ද? ජනගහනයේ විශාල ප්‍රතිශතයකට මෙයින් බලපෑමක්‌ ඇති වන්නේ නැහැ නේ ද?


මීසොතෙලියොමා රෝගය ගැන වාර්තා වී තිබෙනවා, ඇස්‌බැස්‌ටස්‌ හා සේවය කරන අය ගේ පවුල්වලින්. එමෙන් ම ඇස්‌බැස්‌ටස්‌ කර්මාන්තය තුළ පරිපාලනමය මට්‌ටමේ ඉහළ රැකියා කරන අය ගේ පවුල්වල අය අතරත් මේ රෝගය බහුලව වාර්තා වෙනවා. ඇස්‌බැස්‌ටස්‌ පතල් අසල ජීවත් වන අය අතරත් මෙය බහුලයි. ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත කර්මාන්තශාලාවල සේවය කරන අය ගේ භාර්යාවන් හා ළමයින් වෙතින් මීසොතෙලියොමා රෝගය ගැන වාර්තා වී තිබෙනවා. ඕස්‌ටේ්‍රලියාවෙන් හා එක්‌සත් රාජධානියෙන් ලැබී ඇති දත්ත අනුව හෙළි වන්නේ වාහන තදබදය ඇති සමහර ප්‍රදේශවල වායුගෝලයේ ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති බහුල බවයි. එයට හේතුව වාහනවල බ්‍රේක්‌ වැනි ඝර්ෂක නිපැයුම්වලින් ඇස්‌බැස්‌ටස්‌ අපද්‍රව්‍ය බහුලව පරිසරයට නිකුත් වීමයි. මෝටර් රථ නඩත්තු කටයුතුවල දීත් මෙවැනි නිකුත් වීම් සිදු වෙනවා.


No comments:

Post a Comment