Sunday, August 19, 2018

ඇප නැතිව ණයක් ගන්න තරුණ ඔබට අවස්ථාවක් ලගදීම

ලංකාවේ පළමු වරට තරුණ ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාර ආරම්භ කිරීමට ඇපයකින් තොරව බැංකු ණය දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ සඳහා මේ වන විටත් ව්‍යාපාර සැලසුම් 800කට ආසන්න ප්‍රමාණයක් සකස් කර ඇති අතර, ඊට අදාළ වැඩකටයුතු රැසක් මේ වන විට ඇරඹී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබේ.

‘තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් 12%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් ගත හැකි වේ. සාර්ථක ව්‍යාපාර අදහසක් පැවතුණද එය ආරම්භ කිරීමට ප්‍රාග්ධනයක් නැති තරුණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාළ ණය මුදලක් අයදුම් කිරීමේදී ඊට සාපේක්ෂව ඇපකර තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය ලබාගැනීමට නුසුදුස්සන් වූ අතර, මෙබඳු අවස්ථාවල ඔවුන්ට ණය ලබා දෙන ලෙස රජය මෙතෙක් බැංකු වෙතින් කළ ඉල්ලීම්ද බැංකු විසින් නොසලකා හළ බවත්, මේ තත්ත්වය අවබෝධ කරගෙන විභවයක් සහිත ව්‍යාපාර පිළිබඳ අදහස් ඇති ව්‍යවසායක තරුණ-තරුණියන් තෝරාගෙන, මේ ණය ලබා දීමට පියවර ගන්නා බවත් ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරියා සඳහන් කළේය.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11

2017 සහ 2018 අයවැය යෝජනා මල්ඵල ගන්වමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන -හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලාංකිකයින් ඈත අතීතෙය් පටන් ලෝකය සමඟ වාණිජ කටයුතුවල නිරත වූ ජාතියක් වූ අතර ඒ හරහා ප්‍රසිද්ධ දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් ද බිහිවිය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයොජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ගොඩනැංවීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මූල්‍යහා මූල්‍ය නොවන පහසුකම් ලබාදෙන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව, බැංකු විසින් අදාළ පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇත.

එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා ව්‍යවසායකයා

ශ්‍රී ලංකා ආර්ථිකයේ කොඳුනාරටිය බඳු , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයේ නියුතුවූවන් නගාසිටුවීම සඳහා මනා සම්බන්ධීකරණයෙන් යුක්ත ව්‍යවසායකත්ව සංවර්ධන මධ්‍යස්ථාන ජාලයක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා, ඒ ඔස්සේ දේශීය ව්‍යවසායක ප්‍රජාව බලගැන්විය යුතු බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනයේ විධායක කමිටු සාමාජික, සාර්ක් කලාපීය වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජික සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරුණ ව්‍යවසායක සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරයෙකු වූ ආචාර්ය ක්‍රිෂාන්ත විසෙන්තිගේ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇතිකරලීම උදෙසා වහා සිදු කළ යුත්තේ කුමක්දැයි කථිකාවේ සංවර්ධනාත්මක පියවරක් ලෙස රජය මෙය සලකයි.

සාර්ව්‍ථක යවසායකයකු වීමට සිහින දකින ඔබට වැදගත්ම කරුණු කිහිපයක්

රටක විවිධ පාරිසරික හා සමාජ තත්ත්වයන් යටතේ ව්‍යවසායකයන් බිහිවීම සහ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය වන අතර ව්‍යවසායකයා පිළිබඳ වැදගත් නිර්වචන කිහිපයක් පහත දැක්වේ.
ව්‍යවසායකයා යනු
ව්‍යවසායකයා අවධානම් දරන්නෙකි (Risk Taker) - Cantillon - 1775
ව්‍යවසායකයා සංවිධායකයෙකි (Organizer) - ව්‍යවසායකයා නිෂ්පාදන සාධක සංයෝග කරනු ලබන ආර්ථික නියෝජිතයෙකි. නැතිනම් සංවිධායකයෙකි - J B Say
ව්‍යවසායකයා නවෝත්පාදන සිදුකරන්නෙකි (Innovator) - ව්‍යවසායකයා යනු නවෝත්පාදන තුලින් ලාභ උපරිම කිරීමට උත්සාහ කරන ආරථික මිනිසෙකි - J A Schumpeter - 1991
ව්‍යවසායකයා නිතරම වෙනසක් සොයන ඊට ප්‍රතිචාර දැක්වීමෙන් එය තමන්ගේ වාණිජමය අවස්ථාවක් බවට පත්කර ගන්නෙකි - Peter Drucker

Saturday, August 18, 2018

ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය ලෝක Green Building Council හි සාමාජිකත්වය දරයි

හරිත ගොඩනැගිලි නිසා ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

අප ජීවත් වන නිවස හෝ රැකියාව කරන ස්‌ථානය ප්‍රියමනාප තැනක්‌ නම් එහි නිරතුරු රැෙදන්නට මෙන්ම කරන කාර්යය සතුටින් කරන්නට අපට සිතේ. ස්‌ථානයක්‌ ප්‍රියමනාප වන්නට භෞතික සාධක මෙන්ම අභෞතික සාධක ද බලපායි. මෙහි ලා අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ එවැනි එක්‌ භෞතිsක සාධකයක්‌ පිළිබදව ය. එය නම් ගොඩනැගිල්ලක්‌ හරිතකරණයට බදුන් කරවීමෙන් ලැබෙන ප්‍රයෝජන ය.

මීට කෙටි කලකට ඉහත දී එනම් 2018 වසරේ මුල් භාගයේ දී ඉන්දුනීසියාවේ Sumatera Utara විශ්වවිද්‍යාලයයේ H. Tamiami ඇතුළු පිරිස ඉතා අගනා අධ්‍යයනයක්‌ කළ හ.

එය නම් හරිත ගොඩනැගිලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවට සිදු කරන බලපෑම විමර්ශනය කිරීමයි. මූලික ව ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට එය හේතු වේ දැයි බැලීම මෙහි දී සිදු විය. මීට අදාළ අධ්‍යයනය Material Science and Engineering ජර්නලයේ නවතම කලාපයේ (2018 පළමු කාර්තුව) පළ වී තිබේ.