Sunday, August 19, 2018

සාර්ව්‍ථක යවසායකයකු වීමට සිහින දකින ඔබට වැදගත්ම කරුණු කිහිපයක්

රටක විවිධ පාරිසරික හා සමාජ තත්ත්වයන් යටතේ ව්‍යවසායකයන් බිහිවීම සහ ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනය වන අතර ව්‍යවසායකයා පිළිබඳ වැදගත් නිර්වචන කිහිපයක් පහත දැක්වේ.
ව්‍යවසායකයා යනු
ව්‍යවසායකයා අවධානම් දරන්නෙකි (Risk Taker) - Cantillon - 1775
ව්‍යවසායකයා සංවිධායකයෙකි (Organizer) - ව්‍යවසායකයා නිෂ්පාදන සාධක සංයෝග කරනු ලබන ආර්ථික නියෝජිතයෙකි. නැතිනම් සංවිධායකයෙකි - J B Say
ව්‍යවසායකයා නවෝත්පාදන සිදුකරන්නෙකි (Innovator) - ව්‍යවසායකයා යනු නවෝත්පාදන තුලින් ලාභ උපරිම කිරීමට උත්සාහ කරන ආරථික මිනිසෙකි - J A Schumpeter - 1991
ව්‍යවසායකයා නිතරම වෙනසක් සොයන ඊට ප්‍රතිචාර දැක්වීමෙන් එය තමන්ගේ වාණිජමය අවස්ථාවක් බවට පත්කර ගන්නෙකි - Peter Drucker



රටක සමෘද්ධිය උදෙසා ඉහත ආකාරයට ක්‍රියා කිරීම ව්‍යවසායකත්වය වන අතර, නවෝත්පාදන සිදුකිරීම, සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම, රැකියා ජනනය, පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීම, ආදායම් උත්පාදනය වැනි කරුණු නිසා ව්‍යවසායකයාට රටක හිමිවනුයේ අද්විතීය ස්ථානයකි. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය වැනි රටවල් ලෝක ආර්ථිකයේ බලවතකුවීමට ඇති රහස ව්‍යවසායකත්වයයි. එසේම වර්තමානයේ සංවර්ධිතභාවයට පත්වී ඇති කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව, හොංකොං වැනි රටවල්වල සාර්ථකත්වයෙහි රහස ව්‍යවසායකත්වය පිළිබඳව වැඩි නැඹුරුවකින් කටයුතු කිරීම වේ.
මේ ගුණාංග ඔබට තිබේද?
වෙහෙසවී වැඩ කිරීම - ව්‍යපාරයක් කරගෙන යාමට විශාල වශයෙන් ශක්තිය සහ උනන්දුව අවශ්‍ය වේ. මෙයට අවශ්‍ය විටදී වැඩි පැය ගණනක් වැඩ කිරීමට ඇති හැකියාව, දැඩි උත්සාහයකින් විශාල වශයෙන් වැඩ කිරීම සහ සාමාන්යන ප්රැමාණයට වඩා අඩු නින්දක් නිදාගැනීමට හැකියාව ඇතුලත් වේ.
ආත්ම විශ්වාසය - ව්‍යවසායකයින් ඔවුන් ගැන සහ ඔවුන් විසින් පිහිටවන ලද ඉලක්ක සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් සතු හැකියාව ගැන විශ්වාස කල යුතුය. ඔබට යම් දෙයක් අවශ්‍ය නම් එය ලබා ගැනීම සඳහා ක්‍රියාකිරීමට සූදානම් ඔබට සාමන්‍යයෙන් එය ලැබෙනු ඇත යන මතයක් පවතී.
අනාගතය සඳහා ගොඩනඟා ගැනීම - ඔවුන්ගේ හැකියාවන් පදනම් කරගනිමින් ඔවුන් වෙනුවෙන් සුරක්ෂිත රැකියාවක් සහ ආදායම් මාර්ගයක් ගොඩනඟා ගැනීම වඩා සාර්ථක ව්‍යපාරික පුද්ගලයන්ගේ අභිමතාර්ථය වේ. ව්‍යපාරයක ආදායම සැලකිය යුතු තත්ත්වයකට ගෙන ඒමට වසර කිහිපයක් ගත වන බව ව්‍යවසායකයින්ට යම් අවබෝධයක් අති බව මින් අදහස් කෙ‍රේ.
ලාභයට නැඹුරු - මුදල් උපයා ගැනීමට ඇති උනන්දුව, ව්‍යපාරයක හිමිකරුවෙකු වීමට ව්‍යවසායකයෙකු සතු සුදුසුකම පැහැදිලිව පෙන්නුම් කිරීමකි. ව්‍යපාරයට මුල් තැන දිය යුතු බව හඳුනාගැනීම මෙයින් අදහස් කෙරේ. ලාභ උපයා ගැනීමෙන් පසු එම ලාභය භාවිතා කරන්නේ කෙසේද? ව්‍යපාරය පුළුල් කිරීම සඳහා හෝ පෞද්ගලික භාවිතය සඳහාද යන්න ව්‍යවසායකයාට තීරණය කළ හැක.
ඉලක්ක නැඹුරු - යථාර්ථවාදී අරමුණු හෝ ඉලක්කයන් ස්ථාපිත කිරීම සහ ඒවා කරා ලඟාවීමට අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කිරීම මත ව්‍යපාරයක සාර්ථකත්වය රඳා පවතී. ඉලක්කයන් ස්ථාපිත කිරීමට (පුද්ගලයෙකු වටිනා යයි සිතන දේවල්) සහ ඒවා කරා ලඟා වීමට ක්‍රියාකිරීමට ඇති මෙම හැකියාව, ව්‍යවසායකයෙකු වීමේ මූලික අවශ්‍යතාවයක් වේ.
නොපසුබට උත්සාහය - ගැටළු සහ බලාපොරොත්තු කඩවීම සෑම ව්‍යපාරයකම පවතී. ගැටළු විසදීමේදී උත්සාහවන්තවීම සාර්ථක ව්‍යවසායකයෙකු වීමට ප්‍රධාන හේතුවකි.
අසාර්ථකවීම දරාගත හැකිවීම - සෑම ව්‍යපාරයකම බලාපොරොත්තු කඩවීම් සහ අසාර්ථකවීම් එමෙන්ම සාර්ථක වීම් ද නියත වශයෙන් පවතී. අසාර්ථකවීම් හඳුනාගැනීම, ඒවායින් ඉගෙන ගැනීම සහ නව අවස්ථාවන් සොයා ගැනීම, අසාර්ථකවීම් දරා ගැනීමෙහි ඇතුලත් වේ. මෙම ලක්ෂණ නොමැති වුවහොත් සිදුවන්නාවූ මුල්ම අසාර්ථකවීම් මගින්ම ස්වයං රැකියාවක් කිරීමට යම් පුද්ගලයෙකු ගන්නා උත්සාහයන් නිමාවේ.
ප්‍රතිචාරවලට ප්‍රතික්‍රියා දැක්වීම - ඔවුන් කෙතරම් සාර්ථකව කරගෙන යනවාද කියා දැන ගැනීමට සහ ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් අඛණ්ඩව කරගෙන යාමට වයවසායකයින් සැලකිලිමත් වේ. අන් අයගේ වටිනා ප්‍රතිචාරයන් සහ අවවාද ලබා ගැනීම ව්‍යවසායකයෙකු සතු තවත් වැදගත් ලක්ෂණයකි.
මූලාරම්භයන් ප්‍රදර්ශනය කිරීම - සාර්ථක ව්‍යවසායකයෙකු මූලාරම්භයන් ලබා ගන්නා බව සහ සාර්ථක වීමට හෝ අසාර්ථක වීමට පෞද්ගලිකව වග කියන බවට ඔවුන් පත්වන බව පර්යේෂණ වලින් පෙන්නුම් කර ඇත.
සවන්දීමට කැමති බව - සාර්ථක ව්‍යවසායකයෙකු ඇතුලත පමණක් බලන විට එමෙන්ම, බාහිර සම්පත් කිසිවක් භාවිතා නොකරන්නාවූ පුද්ගලයෙකු නොවේ. ස්වයං රඳාපැවැත්ම මගින් අවශ්‍ය විටකදී බැංකු නිලධාරීන්, ගණකාධිකාරීන් සහ ව්‍යපාරයක් සඳහා උපදෙස් දෙන්නන් වැනි පුද්ගලයින්ගෙන් උපකාර ඉල්ලීමට ඇති හැකියාව බැහැර නොකරයි. වෙනත් පුද්ගලයින්ගේ අවවාද වලට සවන් දීමට ඇති හැකියාව ව්‍යවසායකයෙකුගේ ප්‍රධාන ලක්ෂණයකි.
තමාගේම තත්ත්වන් ස්ථාපිත කිරීම - තමන්ගේ ක්‍රියාකාරකම් සඳහා තත්ත්ව මට්ටම් ස්ථාපිත කිරීම සහ ඒවා ඉටුකර ගැනීමට ක්‍රියාකාරීව සාර්ථක ව්‍යවසායකයෙකු හුවා දැක්වීමකි. මෙම තත්ත්ව මට්ටම් ආදායම, ගුණාත්මක බව, වෙළඳාම සහ නිෂ්පාදන පිරිවැටුම විය හැක. බොහෝ ව්‍යවසායකයන් හට සෑම වර්ෂයකදීම වඩා හොඳින් කිරීම සහ වර්ෂයක් වර්ෂයක් පාසා උසස් තත්ත්ව මට්ටම් ස්ථාපිත කිරීමට සහ ඒවා ඉටු කර ගැනීමට ක්‍රියා කිරීම අවශ්‍ය වේ.
අවිනිශ්චිත තත්ත්වයන් දරා ගත හැකි බව - ව්‍යවසාකයකයෙකු වීම රැකියාවක යෙදීමට වඩා අවිනිශ්චිත වේ. මෙම අවිනිශ්චිත තත්ත්වය බොහෝ දුරට පවතින්නේ පිරිවැටුම වන නමුත්, ද්‍රව්‍ය ප්‍රවාහනය සහ මිල ගණන්, බැංකු සහාය වැනි වෙනත් ක්ෂේත්‍ර වලද මෙය නිරන්තරව පවතී. වැඩි ආතතියකින් තොරව අවිනිශ්චිත තත්ත්වන් දරා ගැනීමට ඇති හැකියාව, ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය විශේෂ ලක්ෂණයකි.
කැපවීම - ව්‍යපාරයක් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම, කාලය, මුදල් සහ ජීවන රටාව වැනි කරුණු වල ව්‍යවසායකයෙකුගේ පූර්ණ කැපවීම මත සිදුවේ. මෙය ව්‍යවසායකයෙකු ජීවිතයේ ප්‍රමුඛතම ස්ථානයක් ගත යුතුය.
ශක්තිය මත ගොඩනැඟීම - ඔවුන් සතු දෑතේ හැකියාවන්, අන්තර් පුද්ගල සබඳතා පැවැත්වීමේ හැකියාවන්, විකුණුම් හැකියාවන්, සංවිධානය කිරීමේ හැකියාවන්, ලිවීමේ දක්ෂතාවයන්, විශේෂ නිෂ්පාදනයක් හෝ සේවාවක් සම්බන්ධ දැනුම, රක්ෂණයක යෙදී සිටින පුද්ගලයින් ගැන දැනුම සහ සම්බන්ධකම් ජාලයක් ගොඩනඟා ගැනීමට සහ භාවිතා කිරීමෙහි හැකියාව වැනි ශක්තීන් මත සාර්ථක ව්‍යපාරික පුද්ගලයින් ඔවුන්ගේ වැඩ ගොඩනඟා ගනී.
විශ්වාසනීයත්වය සහ අවංකභාවය - පොරොන්දු ඉටු කිරීම හා සම්බන්ධ අවංකත්වය, සාධාරණත්වය සහ විශ්වාසනීයත්වය වැනි ගුණාංග ව්‍යවසායකයෙකු හට අත්‍යවශ්‍ය ගති ලක්ෂණයන්ය.
අවදානම් දැරීම - ව්‍යවසායකයෙකු වීම යම් ප්‍රමාණයකට අවදානමකි. ව්‍යවසායකයින් හට ගණනය කළ අවදානම් තත්ත්වයන් දැරීමට හැකියාවක් ඇත. විය හැකි වියදම් සහ ආදායම් ගණන් බැලීම, සාර්ථක විමේ හැකියාව සහ අවදානමින් මිදීම සඳහා පුද්ගලයෙකු කෙරෙහි විශ්වාසය තැබීම මෙවැනි අවදානම් තත්ත්වයන්ට අයත් වේ. වෙනත් අයට අවදානම් තත්ත්වයන්ගෙන් අඩක් බාර ගැනීමට සලස්වා ව්‍යවසායකයින් තමන්ගේ අවදානම් අඩු කර ගන්නා බැවින්, ඔවුන් අවදානම් මඟ හරින්නන් ලෙස ඇතැම් විට සලකනු ලැබේ. බැංකුකරුවන්, සැපයුම්කරුවන් සහ පාරිභෝගිකයන් ව්‍යවසායකයින්ගේ අවදානම් බාරගන්නා අය විය හැකිය.
මෙම කුසලතා වලින් ඔබ පරිපූර්ණද?
ස්වයං මෙහෙයවීම
විමර්ශනශීලි බව
අන් අය සමඟ සබඳතා ගොඩනඟා ගැනීම
විශේෂිත වූ හැකියාවන්
නිර්මාණශීලීව ක‍ටයුතු කිරීම
නායකත්වය


එසේ නම් ඔබ සාර්ථක ව්‍යවසායකයෙකු වේ.

No comments:

Post a Comment