Sunday, August 19, 2018

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11

2017 සහ 2018 අයවැය යෝජනා මල්ඵල ගන්වමින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ හා පෞද්ගලික බැංකු, විදේශීය මුල්‍ය සහයෝගිතා ආයතන -හා අනෙකුත් සහභාගීත්ව ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලාංකිකයින් ඈත අතීතෙය් පටන් ලෝකය සමඟ වාණිජ කටයුතුවල නිරත වූ ජාතියක් වූ අතර ඒ හරහා ප්‍රසිද්ධ දේශීය ව්‍යාපාරික ප්‍රජාවක් ද බිහිවිය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සතුව පැවති සහජ ව්‍යවසායික නිපුණතාවය ප්‍රයොජනයට ගනිමින් ව්‍යවසාය පාරාදීසයක් ගොඩනැංවීම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන තුළින් අපේක්ෂා කෙරේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මූල්‍යහා මූල්‍ය නොවන පහසුකම් ලබාදෙන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබා දී ඇති අතර ඒ අනුව, බැංකු විසින් අදාළ පහසුකම් ලබාදීම මේ වන විටත් ආරම්භ කර ඇත.
මෙම ණය යෝජනා ක්‍රම සඳහා 2018 වසර තුළ පොලී සහනාධාර ගෙවීමට රජය විසින් රු. මිලියන 5,250 ක් වෙන්කර ඇති අතර එම සමස්ථ මුදල උපයෝගී කරගනිමින් ආර්ථිකය තුළ රු.මිලියන 60,000 කට ආසන්න ප්‍රාග්ධන සම්පාදනයක් සිදුකළ හැක. එමඟින්, නව රැකියා අවස්ථා 50,000 ක් පමණ ඇති කිරීමට අපේක්ෂා කෙරේ. සමස්ථ “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන” යෝජනා ක්‍රම 16 කින් සමන්විත වන අතර පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11 ක්, විදේශ ණය ආධාරමත ක්‍රියාත්මක වන ප්‍රතිමූුල්‍ය ණය යෝජනා ක්‍රම 3 ක් හා මූල්‍ය හා මූල්‍ය නොවන පහසුකම් සැලෙසන වැඩසටහන් 2 ක් ඒ් තුළ අන්තර් ගත වේ.

1. පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම




“රන් අස්වැන්න​” ණය යෝජනා ක්‍රමය


කෘෂිකර්මාන්තයේඵලදායීතාවයඉහළනැංවීමසහවාණිජකරණයටපහසුකම්සැපයීමේ අරමුණින්මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වන අතර​මෙමඟින්ගොවීන්, ගොවි සංවිධාන​, කෘෂි ආශ්‍රිත සැකසුම්කරණ කාර්යයන්හි නියලි ආයතන සඳහා ඵලදායීතාවය ඉහළ නැංවීමට අවශ්‍ය තාක්‍ෂණය​හඳුන්වාදීමටත්,පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට ගොවීන් සමඟ පෙර ගිවිසුම් මත පදනම් වූවාණිජ මට්ටමින් කරනු ලබන මහා පරිමාණ ගොවිපොළ ආරම්භ කිරීම සඳහාත්,සහල් මෝල් හිමියන්ටනවීන තාක්‍ෂණයෙන් යුක්ත ගබඩා පහසුකම් ඉදිකිරීම සඳහාත්,විසිතුරු මත්ස්‍ය වගාවේ නියැලෙන ව්‍යාපාරිකයින්ට හා විසිතුරුමල් වගාකරුවන්ටතම ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සඳහාත්, සහන පොලී අනුපාතිකයක් යටතේ ණය ලබා දෙනු ලැබේ.


​ලංකා බැංකුව, මහජන බැංකුව​, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව​, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව​, හැටන් නැෂනල් බැංකුව​, කොමර්ෂල් බැංකුව හා සම්පත් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, කාගීල්ස් බැංකුවඑ හා නිවාස සංවර්ධධ මූල්‍ය සංස්ථාව හරහා මෙම ණය ලබා ගත හැකිය.


මෙම ණය යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 750ක් දක්වා උපරිම ණය මුදලක් ලබා ගත හැකි අතර ණය ආපසු ගෙවීමේ උපරිම කාල සීමාව වසර 5 කි. පොලී අනුපාතිකයෙන් සියයට50 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශවය විසින් වාර්ෂිකව ගෙවියයුතු පොලී අනුපතය සියයට 6.75 කි. රජය මේ යටතේ පොලී සහනාධාර ගෙවීම සඳහා 2018 වර්ෂය සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 925 කි.
“ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය​


පැළෑටි බද්ධ කිරීම, පැළ සිටුවීම​, වල් පැල නෙලීම​, අස්වැන්න නෙලීම,කෘෂි ඉඩම් සකස් කිරීම වැනි කෘෂිකාර්මික කාර්යයන් සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය දිරිගැන්වීම තුළින්සුළු පරිමාණ කෘෂිකර්මාන්තය යාන්ත්‍රීකරණය කිරීම තුළින් නිෂ්පාදන පිරිවැය අවම කර​මූල්‍යමය වශයෙන් සුළු පරිමාණ ගොවීන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. මෙම ණය යෝජනා ක්‍රමය මඟින් සුළු පරිමාණ​​ ගොවීන්ට හා ගොවි සංවිධාන සඳහා ණය ලබා දෙන අතර එකී පුද්ගලයෙකුට හෝ ගොවි සංවිධානයකට ලබා දෙන උපරිම ණය සීමාව රු. 500,000 කි. නැවත ගෙවීමේ කාලය වසර 5 කි.


ලංකා බැංකුව, මහජන බැංකුව​, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව​, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව​, හැටන් නැෂනල් බැංකුව​, කොමර්ෂල් බැංකුව හා සම්පත් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව හා කාගීල්ස් බැංකුව හරහා මෙම ණය ලබා ගත හැක.


ණය ලබා ගන්නා ගොවීන් විසින් ගෙවිය යුතු ණය පොලී අනුපාතිකයෙන් සියයට75 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙලෙඳපොළ පොලී අනුපාතිකයන්ට අනුව ණය ලබා ගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට3.38 කි.රජය මෙමපොලී සහනාධාර ගෙවීම සඳහා 2018 වර්ෂය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රු. මිලියන 50 කි.
“රියශක්ති”ණයයෝජනාක්‍රමය


පාසල් ළමුන් සඳහා වඩාත් සුරක්ෂිත පාසල් ප්‍රවාහන සේවාවක් ලබා දීමේ අරමුණින් පාසල් වෑන් රථ හිමියන් අවම වශයෙන් ආසන 28ක් සහිත බස් රථ සඳහා මාරුවීම දිරි ගැන්වීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබු අතර, එමඟින් වඩාත් ඵලදායී හා සුරක්ෂිත පාසල් ප්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වේ.


ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් මෙම ණය ලබාදෙනු ලබන අතර එක් පාසල් වෑන් රථ හිමියකුට ලබා ගත හැකි උපරිම ණය සීමාව රු. මිලියන 4 කි. ණය ආපසු ගෙවිමේ කාලය වසර 5 ක් වන අතර ගෙවිය යුතු පොළියෙන් සියයට75 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් ණය ලබා ගන්නා පුද්ගලයා ගෙවිය යුතු පොලී අනුපාතය සියයට3.38කි.මෙම පොලී සහනය ගෙවීම සඳහා රජය විසින් 2018වර්ෂය සඳහා වෙන්කර ඇති මුදල රු. මිලියන 150 කි.
“රිවිබලසවි”ණයයෝජනාක්‍රමය


රජයේ “සූර්ය බල සංග්‍රාමය” වැඩසටහන යටතේ සෑම නිවාස ඒකකයක්ම බල ශක්ති උත්පාදන ඒකකයක් බවට පත් කිරීමේ අරමුණින් සූර්ය බල ශක්තිය උත්පාදනය දිරි ගැන්වීම සඳහා මෙම ණය ලබා දෙනු ලබන අතර, එමඟින් නිවාස හිමියන්ට තම බලශක්ති අවශ්‍යතාවය අඩු වියදමකින් සපයා ගත හැකි වන අතරම රටෙහි බලශක්ති පද්ධතියට තම නිවසේ සූර්ය කෝෂ පද්ධති මඟින් ජනනය කෙරෙන බලශක්තිය අලෙවි කිරීම තුළින් අමතර ආදායමක් උපයා ගැනීමටද හැකි වේ. මෙම ණය යෝජනා ක්‍රමය යටතේ නිවාස ඒකක1,000,000 ක්සූර්ය බල නිෂ්පාදන ඒකකයන් බවට පත් කිරීමට අපේක්ෂා කරන අතර, එක් නිවෙස් හිමියකු සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හරහා ලබාගත හැකි උපරිම ණය මුදල රු. 350,000 කි.


ලංකා බැංකුව, මහජන බැංකුව​, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව​, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව​, හැටන් නැෂනල් බැංකුව​, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව හා පෑන් ඒෂියා බැංකුව හරහා මෙම ණය ලබා ගත හැක.


ණය ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5 ක් වන අතර ණය ලබා ගත් පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂිකපොලී අනුපාතය සියයට6.75කි. රජය විසින් තවත් සියයට6.75ක්සහනාධාර ලෙස බැංකුවවෙත ගෙවනු ලබන අතර, ඒ වෙනුවෙන් 2018වර්ෂය සඳහා වෙන් කර ඇති මුළු මුදල රු. මිලියන 1,500 කි.
“දිරි සවිය” ණය යෝජනා ක්‍රමය​


ග්‍රාමීය ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීමත් ගුණාත්මකභාවයෙන් යුතු කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන රට පුරා ව්‍යාප්ත කිරීමත් හා නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන්සඳහා කුකුළු මස් ආශ්‍රිත නිෂ්පාදන ගුණාත්මක අයුරින් ගබඩා කර තබා ගැනීමේ අවස්ථා වර්ධනය කිරීමත්, ඔවුන්ගේ තොග හානි අවම කර ආදායම් මට්ටම්ඉහළ නැංවීමත්,අරමුණු කරගෙන කුකුළු මස් නිෂ්පාදන වෙළෙඳපොළට අමතර අධිශීතකරණ 15,000ක් ලබා දීමමෙම ණය යෝජනා ක්‍රමයේ අරමුණ වේ.


ඒ අනුව, මහා පරිමාණ කුකුළු මස් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන ග්‍රාමීයව/ප්‍රාදේශීය වශයෙන් අලෙවි කිරීමට සම්බන්ධ වන නව ස්වයං රැකියාලාභී වෙළෙඳුන් 15,000 ක් සඳහා අධිශීතකරණ ලබා දීම පිණිස එක් අධිශීතකරණයක් සඳහා උපරිමය රු. 50,000 කට යටත්ව ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් මෙම ණය ලබාදෙනු ලබන අතර ණය ආපසු ගෙවිමේ කාලය වසර 4 කි.මෙම ණය යෝජනා ක්‍රමය යටතේකුකුළු මස් නිෂ්පාදකයින්විසින් දැරිය යුතුපොලී වියදම මුළුමණින්ම රජය විසින් දරනු ලබන අතර එම පොලී සහනය ගෙවීම සඳහා රජය විසින් 2018වර්ෂය සඳහා වෙන්කර ඇති මුදල රු. මිලියන 75 කි.
“ජය ඉසුර​” ණය යෝජනා ක්‍රමය


කෘෂිකර්මය​, ධීවර කර්මාන්තය​, පශු සම්පත්, මල් වගාව​, ගෙවතු වගාව​, ලුහු ඉංජිනේරු, මුද්‍රණ, සංචාරක ව්‍යාපාරය​, අත්කම්, ඇඟළුම්,තොරතුරු තාක්‍ෂණ ව්‍යාපාරික මට්ටමින් සූර්ය බලශක්ති උත්පාදනය හා නිෂ්පාදන කර්මාන්ත​ වැනි ක්‍ෂේත්‍ර වල නියලි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් ඒ ඒ ව්‍යාපාරයේ වෙළෙඳ පිරිවැටුම් සහ සේවක සංඛ්‍යාව මත පදනම්ව ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් වැඩිදියුණු කර ගැනීම හා නව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලබාදීම මගින් සුළු හා මධ්‍ය පරිමාණව්‍යාපාර​ ක්‍ෂේත්‍රය​ සවිබල ගැන්වීමමෙම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණ වේ.


ඒ අනුව​, උක්ත ක්‍ෂේත්‍රයන්හි නියැලී සිටිනු ලබනවාර්ෂික පිරිවැටුම රු. මිලියන 10 සිට​රු. මිලියන 250 අතර​ හාසේවක සංඛ්‍යාව 5සිට50 අතර වන සුළු පරිමාණ ව්‍යවසායකයින් සඳහාවසර 5 කින් ගෙවා නිම කළ හැකිවන පරිදිරු.මිලියන 50 ක උපරිමයක් දක්වාණය මුදලක්ලබාගත හැකි අතර, මෙකී සුළු පරිමාණ​ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතු වල නිරත වන්නේ නම් රු. මිලියන 100 ක උපරිමයක් දක්වාණය මුදලක් ද ලබා ගත හැක​.පොලී අනුපාතයෙන් සියයට50 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාතය අනුව ණය ලබා ගන්නා පාර්ශවය විසින් වාර්ෂිකව ගෙවියයුතු පොලී අනුපාතය සියයට6.75 කි.


එසේම​​, උක්ත ක්‍ෂේත්‍රයන්හි නියැලී සිටිනවාර්ෂික පිරිවැටුම රු. මිලියන 250 සිට​රු. මිලියන 750 අතර​ හාසේවක සංඛ්‍යාව 51 සිට​ 300 අතර වන මධ්‍ය​ පරිමාණ ව්‍යවසායකයින් සඳහාවසර 5 කින් ගෙවා නිම කළ හැකිවන පරිදිරු. මිලියන 200 ක උපරිමයක් දක්වාණය මුදලක්ලබාගත හැකි අතර, මෙකී මධ්‍ය​ පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළෙඳ කටයුතු වල නිරත වන්නේ නම් රු. මිලියන 400 ක උපරිමයක් දක්වා​ ණය මුදලක්ද ලබා ගත හැක​.පොලී අනුපාතයෙන් සියයට25 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් වර්තමාන වෙළෙඳපොළ පොලී අනුපාත අනුව ණය ලබා ගන්නා පාර්ශවය විසින් වාර්ෂිකව ගෙවියයුතු පොලී අනුපාතය සියයට10.12 කි.


ලංකා බැංකුව, මහජන බැංකුව​, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව​, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව​, හැටන් නැෂනල් බැංකුව​, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ඩි එෆ් සී සී බැංකුව, සෙලාන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, කාගීල්ස් බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා යුනියන් බැංකුව හරහා මෙම ණය ලබා ගත හැක. රජය මේ ණය යෝජනා ක්‍රමයේ සහනාධාර ගෙවීම සඳහා 2018 වර්ෂයේ වෙන් කර ඇති මුදල රු. මිලියන 750 කි.
“මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය ​


මෙම ණය යෝජනා ක්‍රමය මගින්අසීරු වාතාවරණයක් යටතේ තම රාජකාරි කටයුතු සිදුකරන ලියාපදිංචි මාධ්‍යවේදීන්ට තම රාජකාරී කටයුතු කරගෙනයාම සදහා අවශ්‍ය මාධ්‍ය උපකරණ මිළදී ගැනීම සඳහා රු.300,000 ක ණය මුදලක් පොලී රහිතව ලබාදෙන අතර, මාධ්‍ය උපකරණ වැඩිදියුණු කිරීමසඳහා රු. 150,000 ක ණය මුදලක් සියයට6.75 ක වාර්ෂික පොලී අනුපාතයක් යටතේ ලබා දේ.ප්‍රධාන රාජ්‍ය බැංකුවක්වන මහජන බැංකුව මඟින් මෙම ණය ලබාදෙනු ලබන අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 5 කි. රජය විසින් මේ සඳහා 2018 වසරේ දී රු. මිලියන​ 25ක් වෙන්කර ඇත​.
“සොදුරුපියස”​ණය යෝජනා ක්‍රමය ​


දැනටමත් ඉදිකිරීම් ආරම්භ කර ඇති එහෙත් ස්වශක්තියෙන් තම නිවාස සම්පූර්ණකර​ ගැනීමටහැකියාවක් නොමැති අඩු ආදායම්ලාභී ජනතාවගේ හිසට සෙවනක් ලබාදීමේ අරමුණින් බිම් වර්ගඵලය වර්ග අඩි 1,000 ට අඩු නිවාස පුළුල් කිරීම හෝ සම්පූර්ණකර ගැනීම සඳහා අවශ්‍ය වන අයට ණය ලබාදීමේ අරමුණෙන් මෙම ණය යෝජනා ක්‍රමය හදුන්වාදෙනු ලැබේ.


ලංකා බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා මෙම ණය ලබා ගත හැක. මේ යටතේඑක් පවුලකට​ ලබාදෙන උපරිම ණය මුදල රු. 200,000 ක් වන අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 7 කි.ණයකරු විසින් ගෙවියයුතු පොලියෙන් සියයට50 ක් රජය විසින් සහනාධාර ලෙස ගෙවන අතර, වර්තමානවෙළෙඳපොල පොලී අනුපාතය අනුව ණය ලබාගන්නා පුද්ගලයා විසින් ගෙවිය යුතු වාර්ෂික පොලී අනුපාතය සියයට6.75 කි.මෙම පොලී සහනාධාර ගෙවීම සදහා රජය විසින් 2018 වසර සඳහා අයවැයෙන් වෙන්කර ඇති මුදල රු.මිලියන 1,000 කි.
“හරිත ණය” (Green Loan)


2018 වසරේ ජනවාරි මස 01 වන දින සිට පොලිතීන් තහනම ක්‍රියාත්මක වන බැවින් තහනම් කරන ලද පොලිතීන් වෙනුවට භාවිතා කළ හැකි දිරාපත් වන අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන සඳහා දේශීය ව්‍යාපාරිකයින් උනන්දු කරලීමේ අරමුණින් මෙම “හරිත” ණය යෝජනා ක්‍රමය හදුන්වාදෙනු ලැබේ. මෙමඟින්, පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන අධෛර්යමත් කිරීම තුළින් පරිසර දූෂණය අවම කිරීමට බලාපොරොත්තු වේ. රසායනික පොහොර භාවිතය නිසා විශාල වශයෙන් ජල දූෂණය වීම නිසා විශේෂයෙන් කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත්වන ජනතාව බෝ නොවන රෝගයන්ට මුහුණ දීමට සිදු වී ඇත. මේ සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස කාබනික කෘෂිකර්මාන්ත කෙරේජනතාව යොමු කිරීම සඳහා රජය විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, කාබනික පෙහොර සඳහා රට තුළ විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතින බැවින් කාබනික පොහොර නිෂ්පාදනය විධිමත්ව කිරීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හරහා සහන ලබාගත හැක.


එමෙන්ම, සංචාරකයින්ට සේවා සපයන කුඩා පරිමාණ හෝටල් හිමියන්ට හා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේලියාපදිංචි නිවාස හිමියන්ට සංචාරක සත්කාරක නිවාස (Home Stay) ව්‍යාපෘතියක් පවත්වාගෙනයාම සඳහා ඔවුන්ගේ නිවාස අදාළප්‍රමිතීන්ට අනුවසකස් කිරීම වෙනුවෙන් ද මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය පහසුකම් ලබාගත හැක. මෙම සංචාරක සත්කාරක නිවාස වැඩසටහන සඳහා තම නිවාස සකස් කිරීමේ දී හරිත සංකල්පය (Green Concept) අනුව අදාළ නිවාස අලුත්වැඩියා කිරීම හා ඉදිකිරීම කළ යුතු අතර විශේෂයෙන්ම එහිදී හරිත බලශක්ති භාවිතය සඳහා යොමු කිරීම අපේක්ෂා කෙරේ.


මෙම යෝජනා ක්‍රමය යටතේ රු. මිලියන 5 ක උපරිමයකට යටත්ව ණය ලබාගත හැකි අතර ණය ආපසු ගෙවීමට ලබාදෙන උපරිම කාලය වසර 7 කි. ගෙවිය යුතු පොලී අනුපාතිකයෙන් සියයට 50 ක් රජය විසින් ගෙවනු ලබන බැවින් ණය ලබාගන්නා පාර්ශවයන් විසින් ගෙවිය යුතු පොලී අනුපාතිකය 6.75 කි. සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණින් සංචාරක සත්කාරක නිවාස වැඩසටහන සඳහා ලබාදෙන ණය සඳහා පමණක් සියයට 6 ක විශේෂ පොලී අනුපාතයක් අයකෙරේ. මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව,පෑන් ඒෂියා බැංකුව හා සෙලාන් බැංකුව හරහා මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරේ. මෙම ණය යෝජනා ක්‍රම යටතේ ලබා ගන්නා ණය සඳහා අදාළ පොලීසහන ගෙවීමට රජය විසින් 2018 වසර සඳහා වෙන් කර ඇති මුදල රු. මිලියන 60 කි.


1.10 “ඇරඹුම” ණය යෝජනා ක්‍රමය









විශේෂයෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හරහා උපාධිය සම්පූර්ණ කරන උපාධිධාරීන්ගෙන් වැඩි පිරිසක් රාජ්‍ය රැකියා අවස්ථා බලාපොරොත්තු වීම නිසා රාජ්‍ය අපහසුතාවය පත්වීමන් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීම සඳහා විවිධ රජය විසින් කටයුතු කිරීම නිසා රාජ්‍ය අංශය අනවශ්‍ය ලෙස පුළුල් වී ඵලදායීතාවය පහළ ගොස් ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නවක උපාධිධාරීන් ව්‍යාපාරික ක්ෂේත්‍රය සඳහා යොමු කරලීමේ අදහසින් මෙම ණය යෝජනා ක්‍රමය හදුන්වාදෙන ලදී.


ඒ් අනුව, පිළිගත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් සම්පූර්ණ කර ඇති වයස අවුරුදු 35 ට අඩු උපාධිධාරීන් සඳහා මෙමඟින් ණය ලබාගත හැක. මෙම ණය යෝජනා ක්‍රමය අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) හරහා ක්‍රියාත්මක කරනු ලැබේ.


නවක උපාධිධාරීන්ට බැංකු හරහා ණයක් ලබාගැනීමේ දී මුහුණ දීමට සිදුවන ප්‍රදාන අභියෝගයවනුයේ බැංකුව විසින් ඉල්ලුම් කරනු ලබන ප්‍රමාණයටඇප සුරැකුම් සොයාගැනීමයි. ඒමනිසා, මෙම ක්ෂේත්‍රය යටෙත් උපාධිධාරීන් සඳහා ලබාදෙන ණය සඳහා රජයේඇප ආවරණයක් ලබාදෙන බැවින් මූල්‍ය ප්‍රවාහය (Cash Flow) මත පදනම්ව බැංකු විසින් ණය ලබා දිය යුතුය.


මේ යටෙත් ඒක් උපාධිධාරියකුට ලබාගත හැකි උපරිම ණය මුදල රු. මිලියන 1.5 ක් වන අතර පොලීරහිත ණයක් ලෙස මෙය ක්‍රියාත්මක වන අතර ණය ආපසු ගෙවීමේ කාලය වසර 7 ක් වේ. ඒනම්, රජය විසින් සියයට 12 ක් සම්ප්‍රදායික පොලී අනුපාතිකය අදාළ බැංකු වෙත ගෙවනු ලැබේ. මහජන බැංකුව හා ලංකා බැංකුව වෙතින් මෙම ඇරඹුම ණය යෝජනා ක්‍රමය යටෙත් ලබා ගන්නා ණය සඳහා පොලී සහනාධාර ගෙවීමට රජය විසින් රු. මිලියන 25 ක්2018 වසර සඳහා වෙන්කර ඇත.




මධ්‍යම ආදායම්ලාභී නිවාස ණය යෝජනා ක්‍රමය (Middle Income Housing Loan Scheme)


රටේ මැදි ආදායම්ලාභී කණ්ඩායම්වල සීඝ්‍ර වර්ධනය හා නාගරීකරණය නිසා නාගරික ප්‍රදේශවලින් සාධාරණ මිලකට නිවාස මිල දීි ගැනීම සඳහා වන ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. එම නිසා නිවාස මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර සාමාන්‍ය පොලී අනුපාතයන් යටතේ බැංකු ණයක් ලබාගෙන නිවසක් මිල දී ගැනීම විශේෂයෙන්ම රටේ තරුණ කොටස් සඳහා විශාල අභියෝගයක් වී ඇත. එමනිසා, මෙම ගැටළුව විසඳීමට රජයේ මැදැහත්වීමක් අවශ්‍ය වේ.


ඒ අනුව, දැනටමත් මැදි ආදායම්ලාභීන් ඉලක්ක කරගත් නිවාස ව්‍යාපෘති ගණනාවක් නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් බොරැල්ල, කොට්ටාව, වාද්දුව, හෝමාගම හා රාගම යන ප්‍රදේශවල ආරම්භ කර ඇති අතර මෙම නිවාස ව්‍යාපෘති තවදුරටත් රටේ අනෙකුත් නගර සඳහා ද පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. මෙම නිවාස ව්‍යාපෘතිවලින් ප්‍රථමවරට නිවසක් මිලට ගන්නා තරුණ තරුණියන්ට මෙම ණය යෝජනාක්‍රමයයටතේ ණය ලබාගත හැක.ජාතියේ නිවාස බැංකුව වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා මෙම ණයයෝජනා ක්‍රමය ක්‍රියාත්මකකරනු ලබන අතර ලබාගත හැකි උපරිම ණය මුදල රු. මිලියන 5 කි. ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර 25 ක උපරිම කාලසීමාවක් ලබා දී ඇති අතර පළමු වසර පහ සඳහා සියයට 7 ක විශේෂ සහනදායී පොලී අනුපාතයක් අයකෙරේ. පොලී සහන ලබාදීම සඳහා රජය විසින් 2018 වසර සඳහා වෙන්කර ඇති මුදල රු. මිලියන 500 කි. මෙම ණය යෝජනා ක්‍රමය හරහා තරුණ තරුණියන් 10,000 ක් නිවාස හිමියන් බවට පත්කිරීමට අපේක්ෂා කෙරේ.




2. විදේශ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක වන ප්‍රතිමූල්‍ය ණය පහසුකම්




පවිත්‍ර ගංගා ණය යෝජනා ක්‍රමය


රටේ බොහෝමයක් ජලාශ හා ගංගාවල ජල දූෂක මට්ටම් පෙර නොවු විරු ලෙසඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම කර්මාන්තශාලාහිමියන් විසින් තම කර්මාන්තශාලාවල අපද්‍රව්‍ය පිරිසිදු කිරීමකින් තොරව පවතින පාරිසරික නීතිරීතිවලට පටහැනිව යමින් සෘජුවමජල මාර්ගවලට බැහැර කිරීම නිසා පානීය ජලසැපයීමේ මූලාශ්‍රන් ලෙස භාවිතා කරුණු ලබන බොහෝමයක් ගංගාවන් දුෂණයට ලක් වී ඇත. ඒ අතරින් සමස්ථ කොළඹ දිස්ත්‍රික්කයට පානීය ජලය සපයන කැළණි ගඟ ප්‍රධාන තැනක් ගන්නා බැවින් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රථමයෙන් කැළණි ගඟට අපද්‍රව්‍ය බැහැර කරනු ලබන කම්හල්වලට පරිසර හිතකාමී අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ණය ලබාදෙනු ලැබේ.


කලපු ආශ්‍රිත පරිසර පද්ධතියන් විදේශ සංචාරකයින් ආකර්ශනය කර ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර බොහෝමයක් කලපු ආශ්‍රිතව පිහිටා ඇති හෝටල් සහ කර්මාන්තශාලා විසින් අපද්‍රව්‍ය කලපුවලට සෘජුවම බැහැර කිරීම නිසා කලපු ආශ්‍රිත ජෛව විද්‍යාත්මක පරිසර පද්ධතියන් ද විනාශ වී ඇත. මෙම තත්ත්වය සංචාරක කර්මාන්තය සඳහා අහිතකර බලපෑමක් ඇති කරයි.


මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමන් ඉදිරි වසර කිහිපය තුළ ප්‍රධාන ගංගා හා කලපුවලට අපද්‍රව්‍ය බැහැර කිරීම පාලන කිරීම සඳහා පරිසර හිතකාමී අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති අදාළ කර්මාන්තශාලා හා හෝටල් තුළ ස්ථාපිත කිරීම සඳහා මෙම යෝජනා ක්‍රමය තුළින් ණය ලබාදෙනු ලැබේ. මෙම ණය යෝජනා ක්‍රමය පරිසර හිතකාමී චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය III ට සමඟාමීව ක්‍රියා කරනු ලබන අතර මේ යටතේ උපරිම රු. මිලියන 3 ක මුදලක් සියයට 6.5වැනි සහනදායී පොලී අනුපාතයක්යටතේ ලබාදෙන අතර ණය ආපසු ගෙවීිමේ කාලය වසර 10 කි. මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, සෙලාන් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, එල් ඕ එල් සී හා පීපල්ස් ලීිසින් ආයතන හරහා මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කෙරේ. රජය විසින් 2018 වසරේ මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන්කර ඇති මුදල රු. මිලියන 1,000කි.
සුළු හා මධ්‍යපරිමාණ ව්‍යවසායණයයෝජනා ක්‍රමය (SMELoC)


ආර්ථික සංවර්ධනය හා නව රැකියා අවස්ථා උත්පාදනයේ ප්‍රධාන මූලාශ්‍රයක් ලෙස සැලකෙන සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය තවමත් තම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමේ දී විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වී ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ලබාදෙන ණයවල අවධානම හා පරිපාලන වියදම් සාපේක්ෂවඉහළ මට්ටමක පැවතීම නිසා සාම්ප්‍රදායික බැංකුකරුවන් විසින් එම ක්ෂේත්‍රය සඳහා ණය ලබාදීමට මැලිකමක් දක්වයි. ඒ අනුව, තම ව්‍යාපාරික කටයුතු දියුණු කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන පහසුකම් සපුරාගැනීමට නොහැකි වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවශ්‍ය ණය පහසුකම් ලබාදීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා එක්ව මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙම යෝජනා ක්‍රමය සඳහා ලබා දී ඇති මුදල රු. මිලියන 28,000 ක් පමණ වේ.


රජයේ හා පෞද්ගලික අංශයේ වාණිජ බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව සහ සෙලාන් බැංකුව හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක ක‍ෙරේ. ණය ලාභියෙකු වෙනුවෙන් ලබාගත හැකි අපරිම ණය මුදල රු. මිලියන 50 ක් වන අතර සියයට 11- 14 ත් අතර පොලී අනුපාතයක් යටතේ මෙම ණය හිමි වේ.මෙම ණය යෝජනා ක්‍රමය යටතේ උක්ත බැංකු විසින් ලබාදෙන සමස්ථ ණය සංඛ්‍යාවෙන් අවම වශයෙන් සියයට 20 ක ප්‍රමාණයක් කාන්තා ව්‍යවසායකයින්ට තවත් සියයට 20 ක ප්‍රමාණයක් ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින්ටත් ලබාදීම අනිවාර්ය වේ. කාන්තා ව්‍යවසායකයින් හා නවක ව්‍යවසායකයින් දිරිමත් කිරිමට මෙම කොන්දේසි හඳුන්වා දී ඇති අතර කාන්තා ව්‍යවසායකයින් තවදුරටත් දිරිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් තවත් රු. මිලියන 2,000 ක් පමණ කාන්තා ව්‍යවසායකයින්ට ආධාර වශයෙන් ලබාදීමට එකඟ වී ඇත. ඒ අනුව, මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබාගනු ලබන කාන්තා ව්‍යාවසායිකාවන්විසින් ලබාගනු ලබන ණයමුදලෙන් සියයට 20 ක මුදලක් ආධාරයක් වශයෙන් ලබාදෙනු ලැබේ. ඌන සංවර්ධන ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතු කරන කාන්තා ව්‍යාවසායිකාවන් දිරිමත් කිරීම සඳහා ඔවුන් විසින් ලබාගනු ලබන ණය මුදලෙන් සියයට 30 ක මුදලක් ආධාර මුදලක් ලෙස හිමි වේ. මෙමඟින් කාන්තා ව්‍යවසායිකාවන් විසින් ලබාගනු ලබන ණය සඳහා වන පිරිවැය අවම කිරීමට අපේක්ෂා කෙරේ.




ගොඩනැගිලිමතසවිකරනසූර්යබලපද්ධතිමඟින් සූර්ය බලශක්තිය උත්පාදනය කිරීෙම් ව්‍යාපෘති සඳහා වන ණය යෝජනා ක්‍රමය


සෑම නිවසකම, ව්‍යාපාරික ගොඩනැගිල්ලකම හෝ කර්මාන්තශාලාවකම වහල මත සූර්යබල ශක්තිය උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම තුළින් වසර 2020 වන විට මෙගා වොට් 200 (MW) ක් හා 2025 වන විට මෙගා වොට් 1,000 ක් (MW) ජාතික විදුලි පද්ධතියට ඒක් කිරීමේ මූලික අරමුණ ඇතිව ක්‍රියාත්මක වන රජයේ සූර්ය බල සංග්‍රාමය වැඩසටහන සඳහා සහාය වීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ.නිවාස හා වාණිජ මට්ටමේ ව්‍යාපාරික ගොඩනැගිලි/කර්මාන්තශාලා මත සවි කරනු ලබන සූර්ය බල පද්ධති සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් මෙම ණය යෝජනා ක්‍රමය යටෙත් ලබා දෙනු ලැබේ.


මහජන බැංකුව, ලංකා බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ඩී.ඒෆ්.සී.සී. බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා සෙලාන් බැංකුව යන බැංකු හරහා මෙම ණය ලබා දීමට සැලසූම් කර ඇති අතර රු. මිලියන 8,000 ක (ඇමරිකානු ඩොලර් මිලියන 50 ක) පමණ මුදලක් මේ සඳහා ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත. ඒමෙන්ම, පළමු අදියරේ කාර්ය සාධනය සලකා බලා ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් දක්වා අතිරේ ප්‍රතිපාදන ලබා දීමට ද ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇත.


මෙම ණය යෝජනා ක්‍රමය යටෙත් සියයට 8 ක වාර්ෂික පොලී අනුපාතයකට යටත්ව නිවාස මත ඉදි කරනු ලබන සූර්ය බලශක්ති පද්ධති සඳහා රු. මිලියන 7.5 ක උපරිම ණය මුදලක් ද කර්මාන්තශාලාවල වහල මත ඉදි කරනු ලබන සූුර්ය බල පද්ධති සඳහා උපරිම ණය සීමාවක් නොමැතිව ද ණය ලබා ගත හැකි වන අතර ණය ආපසු ගෙවීමේ උපරිමය කාලය වසර 10 කි.


වඩාත් ගුණාත්මකභාවයෙන් හා උසස් සූර්ය බල පද්ධති සවිකිරීම තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් අදාළ සූර්ය ශක්ති පද්ධති මිල දී ගන්නා පාර්ශවයන්ට පමණක් මෙම ණය මුදල ලබා දෙන අතර ඊට අදාළ අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා විදුලි සමාගම, හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය දායක වේ.


දැනට විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ශුද්ධ මනුකරණය (Net metering), ශුද්ධ ගිණුම්කරණය (Net Accounting) හා නෙට් ප්ලස් (Net Plus) යන ගෙවීමේ ක්‍රමවලින් එකක් යටතේ මෙම ව්‍යාපෘතිය මඟින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම තුළින් පාරිභෝගිකයින්ට අතිරේක ආර්ථික ප්‍රතිලාභ ලබා ගැනීිමට ද ඉඩ ප්‍රස්ථා සැලසේ.


3.1 සුළු හා මධ්‍ය පරිමාණ සමාගම් ස්ථාපිත කිරීම (Formation of SME Companies)


බොහෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් තම ව්‍යාපාර කටයුතු පළපුරුද්ද මත පදනම්ව මෙහෙයවනු ලබන අතර වඩාත් වෘත්තීමය මට්ටමෙන් එම ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම තුළින් ලබාගත හැකි ප්‍රගතිය පිළිබඳ අවබෝධයක් නොමැත. එමෙන්ම, තරුණ ව්‍යවසායන්ට ඉතා ඵලදායී නව ව්‍යාපාරික අවස්ථාන් පිළිබඳව අදහස් පැවතිය ද මෙම නව අදහස් ව්‍යාපාරයක් බවට පත්කර ගැනීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය නොමැත.මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ස්ථාපිත කිරීිමට සහාය වීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් 2018/20 කාලය තුළ කෘෂි හා ධීවර සමාගම් 50 ක්, කාන්තාවන්ට වැඩි අයිතියක් හිමි සමාගම් 25 ක් හා තරුණ ප්‍රජාවකේන්ද්‍ර කරගත්නව ව්‍යාපාර 150 ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. ඒ අනුව, කණ්ඩායමක් වශයෙන් එකතු වී ව්‍යාපාරයක් කිරීමට කැමති තරුණයන්, කාන්තාවන් හෝ වෙනස් හැකියාවක් සහිත (differently abled) ව්‍යවසායකයින් විසින් අවම වශෙයන් 5 දෙනෙකු එකතු වී මෙම සමගම් ස්ථාපිත කළ හැකි අතර ඒම සෑම කොටස්කරුවෙකුම රු. 10,000/- ක අවම ප්‍රාග්ධනයක් ආයෝජනය කළ යුතුය.


කෘෂිකර්මාන්ත, ඇඟළුම් හා තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම සමාගම් පිහිටුවීමට අපේක්ෂා කරනු ලබන අතර එසේ ස්ථාපිත කරනු ලබන සමාගම්වල නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීමට අවශ්‍ය ණය පහසුකම් සුවිශේෂ සහනදායී කොන්දේසී යටතේ ලංකා බැංකුව හරහා ලබාදීමට කටයුතු කරනු ලැබේ. මෙසේ ලබාගන්නා ණය සඳහා වගකීම් භාරගන්නා ලිපියත් (Letter of Comfort)හෝ ඇපකරයන්රජය විසින් ලබාදෙන අතර අදාළ ණය මුදලේ වාරිකයෙන් සියයට 75 ක් රජය විසින් දරනු ලැබේ. එමෙන්ම, අදාළ සමාගම් කාන්තාවන් විසින් පාලනය කරනු ලබන සමාගම් නම් රජය විසින් දරණ ප්‍රමාණය සියයට 85 කි. එපමණක් නොව අදාළ සමාගම වෙනස් වූ හැකියාවන් සහිත පුද්ගලයින් විසින් පාලනය කරනු ලබයි නම් රජය විසින් දරණ ප්‍රමාණය සියයට 90 කි එනම්, අදාළ ණය පිරිවැයෙන් එම සමාගම විසින් දැරිය යුත්තේ සියයට 10 ක් පමණි.


එම මූල්‍ය පහසුකම්වලට අමතරව අදාළ සමාගම් ස්ථාපිත කිරිම සඳහා අවශ්‍ය නීතිමය සහාය, ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම, ගිණුම්කරණය පිළිබඳ අවබෝධය, ගිණුම් පොත්පත් පවත්වා ගෙනයාම, බදු ගණනය පිළිබඳ පුහුණූව යන මූල්‍ය නොවන ප්‍රතිලාභයන් ද මෙම වැඩසටහන යටතේ ආරම්භ කරන සමාගම් සඳහා රජයේ වියදමින් ලබා දෙයි. මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් (Pilot Project)ලෙස මොණරාගල දිස්ත්‍රික්කයේ ආරම්භ කරනු ලැබු අතර මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11 ක් නියෝජනය වන පරිදි සමාගම්/ආයතන 11 ක් ස්ථාපිත කිරීමට කටයුතු සැලසුම් කර ඇත. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය තාක්ෂණික සහය ජර්මානු සහෝගීතා ආයතනය (GIZ) විසින් ලබා දෙනු ලැබේ.

No comments:

Post a Comment