Tuesday, September 25, 2018

ගැල්වනයිස් කළ යකඩ තහඩුවක් සීරූවිට මල නොබැදේ. නමුත් ටින් ආලේපිත යකඩ තහඩුවක් සීරූ විට එම යකඩ තහඩුව මල බැදේ


➧ ගැල්වනයිස් කිරීම යනු යකඩ [Fe] මත සින්ක් [Zn] ආලේප කිරීමයි.
➧ සින්ක්, යකඩ වලට වඩා සක්‍රීය වේ.
➧ සීරුණු විට දී වන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝන පිටකරමින් ඔක්සිකරණය වීමයි.
➧ මෙහි දී සින්ක් විඛාදනයට ලක්වන අතර යකඩ විඛාදනය නොවේ.
➧ යකඩ කැතෝඩීය ආරක්ෂාවට ලක්වේ.
➧ එමනිසා යකඩ මල නොබැඳේ.
➧ යකඩ තහඩු වටා ටින් [Sn] ආලේප කරන්නේ යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කිරීම සඳහාය.
➧ යකඩ ටින් වලට වඩා සක්‍රීය ලෝහයකි.

Friday, September 7, 2018

ප්ලාස්‌ටික්‌ බීම බටවලට එරෙහි ව යම් සමාජ මතයක්‌ තැනීම

ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව කටයුතු කරන එක්‌ ෆේස්‌බුක්‌ පිටුවක පළ වූ අපූරු දැන්වීමක්‌ මේ සමඟ ඇති ඡායාරූපයේ දැක්‌වෙයි. පෙනෙන ආකාරයට විදේශීය රටක අලෙවි සලක දැකිය හැකි වූ දැන්වීමක්‌ බව පෙනෙයි. එහි සඳහන් වැකියෙහි සිංහල අරුත මෙසේ ය.

"මෙය එක්‌ බීම බටයක්‌ පමණයි"

බිලියන 8ක ජනතාවක්‌ එසේ පැවසූ හ.

මේ වැකියෙන් දැක්‌වෙන්නේ සැලකිය යුතු පිරිසක්‌ අතර ඇති එක්‌තරා පොදු හැඟීමකි. වරක්‌ භාවිතයෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික්‌ බීම බට (ස්‌ට්‍රොa) එසේ ඉවත දැමීම නිසා සැලකිය යුතු පරිසර දූෂණයක්‌ ඇති වෙයි. මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව අතර ඇති හැඟීමක්‌ වන්නේ මා භාවිත කරන්නේ එක බීම බටයක්‌ පමණයි යන අදහසයි. එහෙත් බොහෝ දෙනා එසේ සිතා ප්ලාස්‌ටික්‌ බීම බට භාවිත කරන විට පරිසරයට එකතු වන බීම බට ප්‍රමාණය අති විශාල ය. තම තමන් පෞද්ගලික ව පරිහරණය කරනු ලබන්නේ එකක්‌ පමණක්‌ වුව ද, සියලු දෙනා එසේ පරිහරණය කිරීමෙන් සමස්‌තයක්‌ ලෙස පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය ගැන අවබෝධයක්‌ නොමැති වීම මෙයට නිදසුනකි. මෙය අදාළ වන්නේ ප්ලාස්‌ටික්‌ බීම බටවලට පමණක්‌ නො වෙයි. වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලන බොහෝ ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවලට ද මෙය අදාළ ය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු දැවැන්ත අන්තර්ජාතික සමුළුව සයිටීස්‌

සයිටීස්‌, (CITES) තවමත් ලාංකික අප බොහෝ දෙනෙක්‌ගේ මුවගට නුපුරුදු නමක්‌ විය හැකියි. එහෙත් ජාත්‍යන්තරයේ නම් එම වචනය පිළිබඳ ඇති පිළිගැනීම හා දැනුවත්කම ඉතා ඉහළයි. කෙසේ නමුත් දැන් අපේ ඒ නොදැනුවත්කම නිවැරැදි කරගැනීමට සුදුසු ම කාලය එළඹ තිබෙනවා. ඒ සයිටීස්‌ ලබන වසරේ මේ කුඩා දිවයිනේ නම, අන්තර්ජාතික තලයට ගෙන යන්නට පෙරමඟ තනමින් සිටින නිසා.

ශ්‍රී ලංකාවේ මේ වන විට විශාල උත්සව හා සමුළු පැවැත්වී තිබෙනවා. 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය නායක සමුළුව එවැන්නක්‌. එහෙත් ලබන වසරේ මැයි මාසයේ 23 වැනි දා සිට ජූනි මාසයේ 03 වැනි දා දක්‌වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ව ඇති සයිටීස්‌ සමුළුව එතෙක්‌ මෙතෙක්‌ ලංකාවේ පැවත්වෙන අති දැවැන්ත ම සමුළුව වීමට නියමිතයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙවැනි සමුළුවක සත්කාරක රට වීමේ අවස්‌ථාව තවත් දශක ගණනාවකට පසුව වත් අප වැනි රටකට නැවත හිමි වනු ඇත් ද යන්න අවිනිශ්චිතයි. එබැවින් ජාතියක්‌ වශයෙන් එහි ඇති වටිනාකම හා එය හා සබැඳී ඇති අවස්‌ථාවල ඇති විභවය වටහාගෙන ඉන් උපරිම ඵල ප්‍රයෝජන නෙළාගැනීමට සමස්‌ත ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සියලු දෙනා ම එකාවන් ව පෙළගැසිය යුතුයි.