Tuesday, September 25, 2018

ගැල්වනයිස් කළ යකඩ තහඩුවක් සීරූවිට මල නොබැදේ. නමුත් ටින් ආලේපිත යකඩ තහඩුවක් සීරූ විට එම යකඩ තහඩුව මල බැදේ


➧ ගැල්වනයිස් කිරීම යනු යකඩ [Fe] මත සින්ක් [Zn] ආලේප කිරීමයි.
➧ සින්ක්, යකඩ වලට වඩා සක්‍රීය වේ.
➧ සීරුණු විට දී වන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝන පිටකරමින් ඔක්සිකරණය වීමයි.
➧ මෙහි දී සින්ක් විඛාදනයට ලක්වන අතර යකඩ විඛාදනය නොවේ.
➧ යකඩ කැතෝඩීය ආරක්ෂාවට ලක්වේ.
➧ එමනිසා යකඩ මල නොබැඳේ.
➧ යකඩ තහඩු වටා ටින් [Sn] ආලේප කරන්නේ යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කිරීම සඳහාය.
➧ යකඩ ටින් වලට වඩා සක්‍රීය ලෝහයකි.
➧ සීරුණු විට යකඩ වාතයට නිරාවරණය වී විඛාදනයට ලක්වේ.


එබැවින් යකඩ විඛාදනය වේ.

No comments:

Post a Comment