Monday, May 28, 2018

i-Roof විදෙස් වෙළඳපොල ජයගනී

වහලය සෙවිලිකිරීමේ පෙරළිකාර නිෂ්පාදනයක් ලෙස අයිඩියා සමූහ ව්‍යාපාරය (Idea Group) මෙරට පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් i-Roof විදෙස් වෙළෙඳපොල ජය ගනිමින් තම ප‍්‍රථම නිෂ්පාදන තොගය පසුගියදා අපනයනය කෙරුණි.

ඉන්දියාවේ බැංගලෝර් හි ප‍්‍රධාන ගොඩනැගිළි ද්‍රව්‍ය සමාගමක් වෙත අපනයනය කෙරෙන පළමු i-Roof තොගය පසුගිය පෙබරවාරී මස මුල් සතියේදී නැව්ගත කෙරුණි. තවත් විදේශ රටවල් කිහිපයකටම ඉදිරි මාස කිහිපයේදී i-Roof අපනයනය කෙරෙණු ඇත. i-Roof සඳහා දැනට ඇණවුම් ලැබී ඇති සෙසු විදේශීය රටවල් වන්නේ බංග්ලාදේශය, ඝානා, මලාවි, මැඩගස්කරය හා ඊජිප්තුවය.

වාස්තු විද්‍යා රහස් කිහිපයක්


ඉන්දීය වාස්තු විද්‍යාවට හා ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ඔබට ඔබේ නිවසට වාසනාව ගෙන එන කාරනා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට අපි හිතුවා.

ගෙවත්තේ පිටුපසට හෝ වම් කෙලවරට වන්නට සුලං පෙත්තක් සවි කිරීම මගින් නිවැසියන්ට ධනය ආකර්ෂණය වනවා.

ඔබේ නිවසට කෙනෙක් ඇතුල් වෙද්දීම හොඳ හැඟීමක් දැනෙන්නට ඕනෑ. ඇතුල් වන දොරකඩ නිල පාට පාපිස්නාවක් තැබීම වාසනාව ගෙන එනවා.

අන්නාසි කියන පලතුර වාසනාව විහිදෙන පළතුරක් ලෙස සැලකෙනවා. මේ නිසා ඇත්ත අන්නාසි ගෙඩියක් නැත්නම් ප්ලාස්ටික් වලින් හදපු එකක් හෝ ගෙදර මේසයක් උඩ තැබීම වාසනාවන්තයි. අන්නාසි තිබෙන රූප බිත්තියේ එල්ලීමත් හොඳයි. මේ මගින් මුදල් වාසනාව වැඩි කරනවා.

සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද?

සිවිලිම ගහපු දා ඉදලා කාඹරේ නිදාගන්න බැරිද
i-panel සිවිලිම නිසා ගෙදර රස්නෙ අඩුවෙනවා. ඊට හේතුව මේ පැනල් ලංකාවේ හදන්නේ ලංකාවේ අධික උෂ්නත්වය පවතින කළාප වලට වගේම නුවරඑළිය වගේ සීත කළාප වලටත් එකසේ ගැලවපන විදිහට. I-panel සිවිලිම ගැහුව කියන්නේ ගෙදර සිවිලිමට ඉහලින් තව සිවිලිමක් ගැහුව වගේ. මොකද i-panel නිර්මාණය කරලා තියෙන්නේ මැද කුහරයක් සහිතව. මේ කුහරය නිසා i-panel සිවිලිම් පැනලය හොද තාප පරිවාරකයක් වෙලා. තාප පරිවාරකයක් නිසා වහලෙන් යට රස්නෙ පහලට එන්නෙත් නෑ. කාබරයක උණුසුම සිවිලිමෙන් ඉහලට යන්නත් බෑ, ඒක නිසා සීත කලාප වල රස්නය රදවා ගන්නත් මේ සිවිලිම කදිමයි. තද රස්නෙ හොදටම මට්ටු කරන විසදුම් සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයෙන් තරම් කවුරුත් හදුන්වලා දීලා නෑ.

හරිත රසායනය (Green Chemistry) යනු කුමක්‌ ද?

රසායනික කර්මාන්ත බොහොමයක්‌ ආරම්භ වූයේ දෙවැනි ලෝක යුද සමය අවසානයේ ඇති වූ කාර්මික වර්ධනයත් සමඟ ය. ආරම්භයේ දී මේ කර්මාන්ත කිසිවක්‌ විසින් එම කර්මාන්ත හේතුවෙන් පරිසරයට ඇති විය හැකි බලපෑම පිළිබඳ අවධානයක්‌ යොමු නො කරන ලදි. එම නිසා එම කර්මාන්ත හේතුවෙන් ඇති වන අතුරු ඵල හා අපද්‍රව්‍ය කෙළින් ම පරිසරයට මුදාහැරීමක්‌ සිදු කරන ලදී. එහෙත් කාලයක්‌ ගත වත් ම මේ ඵල හා අපද්‍රව්‍ය හේතුවෙන් ඇති විය හැකි පාරිසරික