Monday, May 28, 2018

වාස්තු විද්‍යා රහස් කිහිපයක්


ඉන්දීය වාස්තු විද්‍යාවට හා ෆෙන්ෂුයි ශාස්ත්‍රයට අනුව ඔබට ඔබේ නිවසට වාසනාව ගෙන එන කාරනා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්නට අපි හිතුවා.

ගෙවත්තේ පිටුපසට හෝ වම් කෙලවරට වන්නට සුලං පෙත්තක් සවි කිරීම මගින් නිවැසියන්ට ධනය ආකර්ෂණය වනවා.

ඔබේ නිවසට කෙනෙක් ඇතුල් වෙද්දීම හොඳ හැඟීමක් දැනෙන්නට ඕනෑ. ඇතුල් වන දොරකඩ නිල පාට පාපිස්නාවක් තැබීම වාසනාව ගෙන එනවා.

අන්නාසි කියන පලතුර වාසනාව විහිදෙන පළතුරක් ලෙස සැලකෙනවා. මේ නිසා ඇත්ත අන්නාසි ගෙඩියක් නැත්නම් ප්ලාස්ටික් වලින් හදපු එකක් හෝ ගෙදර මේසයක් උඩ තැබීම වාසනාවන්තයි. අන්නාසි තිබෙන රූප බිත්තියේ එල්ලීමත් හොඳයි. මේ මගින් මුදල් වාසනාව වැඩි කරනවා.

වතුර හෝ වතුර සම්බන්ධ පින්තුර මගින් ගෙදරට ශක්තිය ගලා එනවා. එවිට රැකියාව දියුණු වෙනවා. දිය ඇලි වල පින්තුර සාලයේ තැබීම වාසනාව ගෙන එන ලකුණක්. ඒ වාගේම ගෙවත්තේ වතුර නාස්ති වෙන ආකාරයේ කාන්දු වන කරාම ආදිය තැබීම ගෙදරට අවාසනාව ගෙන එනවා.

නිවසේ මාලු ටැංකි තැබීම වාසනාව ඇති කරනවා. ක්‍රියාශීලි නිරෝගී වර්ණවත් මසුන් සහිත මාලු ටැංකියක් සාලයේ තැබීම සහ එය පිරිසිදුවට පවත්වා ගැනීම මගින් නිවැසියන්ට වාසනාව ගෙන එනවා. නිවසේ සාමාජිකයින්ගේ ගන්නට සමාන මසුන් ගණනක් එකතු කරන්නට සැලකිලිමත් වන්න. ඒ වාගේම මාලුවෙක් මියගියොත් තවත් අලුත් මාලුවෙක් එකතු කරන්න. මාලු ටැංකි වල බුබුළු දමමින් ඔක්සිජන් බට සම්බන්ධ කරන්න. එය ගෙදරට ධනය ගලා ඒම පෙන්නුම් කරනවා.

හිස් මල් පෝච්චි ගෙවත්තේ තබන්නට එපා. ඒවායේ සරු පල හිටවන්නට හෝ ඒවා අනෙත් පැත්ත හරවා වත්තේ අයිනකට වන්නට තබන්නට ඕනා. හිස් භාජන වලින් මුදල් හානි වීම් පෙන්වනවා. අවාසනාව ගෙන එනවා.

කටු සහිත පතොක් වැනි ගස් වර්ග ගෙවත්තේ වැවීම සුබ නැහැ. ඒ වෙනුවට හොඳින් වැඩුණු බට පඳුරු සරු පල දරන පළතුරු පැල නිවසට වාසනාව ගෙන එනවා.

ඔබේ වත්තේ උතුරු පැත්තට වන්නට හොඳින් මල් පිපෙන පැල තැබීම මගින් වාසනාව ගෙන එනවා. මෙහි පිරිසිදු ජලය තැබීම මගිනුත් ජීවනෝපාය පිලිබඳ වාසනාව වැඩි වනවා.

උතුරු පැත්තෙන් හා නැගෙනහිර පැත්තෙන් වඩා උස ගස් පිහිටීම ධන හානියට හේතු වනවා. ඒ වගේම පලතුරු ගස් පවා නිවසේ දොරකඩ ඉදිරියේ සිටුවීම සුබ නැහැ. නිවැසියන්ට රෝග ඇති කරන්නට එය හේතු වනවා.

ඉදිරියේදීත් වාස්තු විද්‍යානුකුලව නිවසට වාසනාව ගෙන්වා ගන්නට පුළුවන් වෙන තවත් රහස් අපි ඔබට ගෙන එනවා.

No comments:

Post a Comment