Monday, December 10, 2018

චීනය ප්ලාස්ටික් ආනයනය තහනම් කරයි

පසුගිය වර්ෂයේ දී චීන රජය එරටට ආනයනය කරනු ලබන ඇතැම් පසුභාවිත අපද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ ය. 1980 දශකයේ පමණ සිට චීනය ප්ලාස්‌ටික්‌ ඇතුළු ද්විතීයික අමුද්‍රව්‍ය හෙවත් භාවිත කරන ලද ද්‍රව්‍ය ආනයනය කිරීමේ යෙදී සිටියේ ය. ඒවා යොදාගන්නා ලද්දේ ප්‍රතිචක්‍රීකරණය මඟින් විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි දේ ලබාගැනීම සඳහා ය. එමඟින් සම්පත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ආනයනය කරන රටවල් අතර මුල් තැන චීනයට හිමි විය. සංඛ්‍යාලේඛන ආශ්‍රිත ව දක්‌වන්නේ නම්, 1992 වර්ෂයේ සිට 2016 දක්‌වා ගත වූ කාලයේ දී ලෝකයේ එක්‌ රටකින් තවත් රටකට අපනයනය කරන ලද ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරන් 45%ක්‌ පමණ ආනයනය කර ඇත්තේ චීනයයි.