Tuesday, December 15, 2015

රජයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා ඇස්‌බැස්‌ටස්‌ යොදාගැනීම නවතියි

අලුතින් ඉදි කරනු ලබන රජයේ ගොඩනැඟිලි සඳහා ඇස්බැස්ටස් වෙනුවට සෞඛ් හිතකාමී විකල්ප යොදාගැනීම පිණිස ඉකුත් සතියේ ජනාධිපතිවරයා ගේ ප්රධානත්වයෙන් පැවැති විද්වත් හමුවක දී මූලික එකඟතාවකට පැමිණ ඇත.

මේ විද්වත් හමුවට සෞඛ් පරිසර යනාදී ක්ෂේත් නියෝජනය කරන රාජ් ආයතන ප්රධානීන් මෙන්ම ඇස්බැස්ටස් කර්මාන්තයේ නියෑළෙන්නන් නියෝජනය කරන පිරිස් සහභාගි වී ඇත.

2018 වසරේ පටන් මෙරටින් ඇස්බැස්ටස් තුරන් කරන බව ජනාධිපතිවරයා මින් පෙර ප්රකාශ කර තිබිණි.

පසුගිය සතියේ පැවැති හමුවේ දී සෞඛ් අමාත්යංශය විසින් ඇස්බැස්ටස් භාවිතය සම්බන්ධයෙන් සකස් කරන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට භාර දීම සිදු විය.

මීට අමතරව දැනට පවතින ගොඩනැඟිලිවල ඇති ඇස්බැස්ටස් ආරක්ෂා සහිතව ඉවත් කර ආදේශක සෙවිලි ක්රම යෙදීමේ හැකියාවක් තිබේ යන්න පිළිබඳව මේ හමුවේ දී සාකච්ඡා කෙරී ඇත.

කෙසේ වෙතත් කර්මාන්තයේ යෙදී සිටින්නන් මේ යෝජනා කෙරෙහි එතරම් සුබවාදී ප්රතිචාරයක් දක්වා නැති අතර ඔවුන් පවසා ඇත්තේ ඇස්බැස්ටස් සෞඛ්යාරක්ෂිතව භාවිත කළ හැකි අයුරින් නිෂ්පාදනය කෙරෙන බවයි. එහෙත් සෞඛ් අංශ එහි දී පෙන්වා දී ඇත්තේ ලෝකයේ රටවල් 67 මේ වන විට ඇස්බැස්ටස් භාවිතය තහනම් කර ඇත්තේ පිළිගත හැකි විද්යාත්මක සාක්ෂි පදනම් කරගෙන බව .

ඇස්බැස්ටස් භාවිතයෙන් ඇති වන සෞඛ් තර්ජන සම්බන්ධයෙන් ජනමාධ් හරහා ප්රමාණවත් මට්ටමින් ජනතාව දැනුවත් නො වීම පිළිබඳව මේ හමුවේ දී සාකච්ඡා කෙරී ඇත. මෙයට ප්රධාන හේතුවක් වන ජනමාධ්යවලට වෙළෙඳ දැන්වීම් ලබා දෙන්නන් ගෙන් එල්ල වන බලපෑම් මෙහි දී අවධානයට ලක් වී තිබේ. මේ කරුණ සැලකිල්ලට ගනිමින් ඉදිරියේ දී ඇස්බැස්ටස් පිළිබඳ ජනමාධ් වෙළෙඳ දැන්වීම් සඳහා සීමාවක් පැනවීමට ඇති හැකියාව අධ්යයනය කිරීමට මේ සාකච්ඡාවේ දී තීරණය වී තිබේ.

No comments:

Post a Comment