Sunday, January 10, 2016

සිවිලිම් විදුලි පංකා සඳහා ලොව පළමු වරට ටයිමරයක්‌ නිපදවූ අපේ මහාචාර්යවරයාට මේ වසරේ නව නිපැයුම්කරුවන් ගේ කොමිසම විසින් පිරිනමනු ලබන දසිස්‌ සම්මානයෙන් පිදුම් ලබයි

සිටුවා තබන වර්ගයේ විදුලි පංකාවල ඇති, සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් දක්නට නැති විශේෂාංගයක් වන්නේ ටයිමර් ක්රියාකාරිත්වයයි. ටයිමරයකින් කෙරෙන්නේ පංකාව ක්රියාත්මක විය යුතු කාලය පරිපථයක් මාර්ගයෙන් කල් තබා පංකාවට දැනුම් දීමකි. එවිට පංකාව අවශ් වේලාව තුළ පමණක් ක්රියාත්මක වී ඉබේ නතර වෙයි.

විදුලිය පිරිමැසීම සඳහාත්, භාවිතයේ පහසුව සඳහාත් මෙය ඉතා ආකර්ෂණීය විශේෂාංගයක් වුවත් සීලිං විදුලි පංකාවල සාමාන්යයෙන් මෙය ඇතුළත් නො වන්නේ ඇයි?


අප මේ ප්රශ්නය යොමු කළේ මහාචාර්ය කේ. කේ. වයි. ඩබ්ලිව්. පෙරේරා ශූරීන් වෙත . මෙරට සිටින කීර්තිමත් ඉංජිනේරුවරයකු හා නව නිපැයුම්කරුවකු වන මහතා සීලිං විදුලි පංකා සඳහා ලොව පළමු වතාවට පහසුවෙන් සම්බන්ධ කළ හැකි ටයිමර් ඒකකයක් හඳුන්වා දීමෙන් මේ වසරේ නව නිපැයුම්කරුවන් ගේ කොමිසම විසින් පිරිනමනු ලබන දසිස් සම්මානයෙන් පිදුම් ලබා සිටියි.

"
දැනටත් සීලිං පංකා සඳහා ටයිමර් ඒකක මිල දී ගැනීමට තිබුණත් ඒවා පංකා ක්රියාකාරිත්වයට සම්බන්ධ කරන්නට නම් සාමාන් ගෘහස් විදුලි රැහැන් දිවෙන පිළිවෙළේ වෙනසක් කරන්න සිදු වනවා. එය අපහසු කාර්යයක්. මේ නිසයි මේ දක්වා සීලිං පංකා සඳහා ඇති ටයිමර් උපකරණ ප්රචලිත වී නැත්තේ. මෙය පහසුවෙන් කළ නො හැකි දෙයක් තිබෙන්නේ සීලිං පංකාවේ රෙගියුලේටරය එහෙම නැත්නම් ස්විචය හරහා (ගොඩැගිල්ලක බිත්තිවල ඇති වෙනත් ස්විච හරහා වගේ ) සජීවී රැහැන (Phase/Live wire) පමණක් ගමන් කරන නිසයි. ටයිමරයක් යෙදීමට නම් මෙවැනි තැනකට රැහැන් දෙකක සම්බන්ධතාවක් අවශ් වනවා. කියන්නේ සජීවී රැහැනට අමතරව උදාසීන රැහැනත් (Neutral wire) මේ හරහා ගමන් කළා නම් මෙය කළ හැකි වන්නට තිබුණා. එහෙත් ගෘහ විදුලි පරිපථයක සම්මත ස්වභාවය අනුව එවැනි රැහැන් සබඳතාවක් (එනම් උදාසීන රැහැන ස්විචය හරහා යන) බිත්තියේ සවි කරන ස්විචයක් ආශ්රිතව පවතින්නේ නැහැ." මහාචාර්යවරයා ගේ පැහැදිලි කිරීමයි.

මහාචාර්යවරයා මේ ගැටලුවට පිළියම් ලෙස, විදුලි රැහැන් දිවෙන පිළිවෙළෙහි වෙනසක් නො කර ක්රියාත්මක කළ හැකි විශේෂ පරිපථ ක්රියාකාරිත්වයක් නිර්මාණය කරන්නේ . ටයිමරයක් ලෙස ක්රියාත්මක විය හැකි solid state IC උපාංගයකට අවශ් කරන 5V සරල ධාරා විදුලියක් ලබා දීම සඳහා ස්ථාවර විදුලි සැපයුමක් (Stabilizer power supply) ඔහු මේ සඳහා සැලසුම් කළේ .

"
සාමාන්යයෙන් අඩු පංකා භ්රමණ වේගයක් ලබාගැනීමට ප්රතිරෝධක යෙදීම වැනි උපක්රමයක් අවශ් වන නමුත් මේ ක්රමයේ දී මේ පරිපථය හැසිරෙන්නේ active circuit එකක් විදියට. කියන්නේ විදුලියට බාධා කිරීමකින් නෙමෙයි මෙය ක්රියාකාරී වන්නේ. ප්රතිරෝධක යෙදුවා නම් තාප හානිය වගේ ප්රතිඵල ඇති වී උපකරණයේ පලදායක බව පහළ යනවා." මහාචාර්යවරයා පැහැදිලි කරයි.

තාප කළමනාකරණයක් අවශ් නො වන නිසා මේ ටයිමර් උපාංග කොටසේ වා සිදුරු තබා නැති අතර එනිසා ඇතුළත කොටස් මැනැවින් ආවරණය වී පවතියි. එය දුහුවිලි, ජල වාෂ්ප වැනි බාහිර අපද්රව්යවලින් උපාංගය ආරක්ෂා වීමට අනියමින් ආධාර වී ඇත.

සාමාන් සීලිං විදුලි පංකා ස්විචයක ප්රමාණයේ ඉඩකඩක ඇසිරිය හැකි වන සේ නිර්මාණය කර ඇති මේ ටයිමරය ඉලෙක්ට්රොනික උපකරණ 32කින් සමන්විත වේ. අභියෝගාත්මක කාර්යයක් වූ මේ කොටස සැලසුම් කිරීමට මහාචාර්යවරයාට සහාය වී ඇත්තේ විදුලි උපකරණ නිෂ්පාදන ව්යාපාරිකයකු වන රෝහණ ජයසිංහ මහතා . ඔහු මේ වන විට මේ උපාංගය මෙරට නිෂ්පාදනය කරන බලය ලත් නිෂ්පාදකයෙක් වේ. මේ කොටස් 32 පරිපථ පුවරුවක එකලස් කර ගිල්වුම් පෑස්සුම් ක්රමයට (පෑස්සුම් ද්රවය අඩංගු බඳුනක් තුළ ගිල්වා යළි ඉවතට ගැනීමෙන්) එක වර පාස්සාගත හැකි වන සේ ඔහු මෙය වැඩිදියුණු කර ඇත. නිෂ්පාදන කාලය හා පිරිවැය මෙමගින් විශාල වශයෙන් ඉතිරි වෙයි.

මේ වන විට මේ උපාංගයෙන් ඒකක 1000ක් නිපදවා ඇති අතර 800ක් පමණ අලෙවි වී ඇති බව ජයසිංහ මහතා පවසයි. එහෙත් ප්රචාරය මඳකම හේතුවෙන් මෙය මහා පරිමාණයෙන් නිපදවීමක් දැනට සිදු නො කෙරෙයි. මේ තත්ත්වය ව්යාපාරික වශයෙන් පලදායක නො වන නිසා ඔහු මෙහි නිෂ්පාදන කටයුතු ජපන් සමාගමකට පැවරීමට කටයුතු කරගෙන යන බව විදුසර හා පැවසී . අනුව ඉදිරියේ දී මේ උපකරණයට ලෝක ව්යාප්ත ප්රසිද්ධියක් හා ජනප්රියත්වයක් ලැබෙන්නට ඉඩ ඇත.

කෙසේ වෙතත් මෙය ලාභාංශ අපේක්ෂාවකටත් වඩා ජාතික මෙහෙවරක් වශයෙන් සිදු කළ නිර්මාණයක් බව මහාචාර්යවරයා පවසයි. මීට පෙර මේ ආකාරයේ නව නිර්මාණකරණයන්හි යෙදී ඇති මහතා උදෙසා මෙරට විද්යා ක්ෂේත්රයේ ලැබිය හැකි ඉහළ ජාතික සම්මානය වන විද්යාජ්යෙdති සම්මානයෙන් 1993 වසරේ දී පිදුම් ලැබී .

මේ වන විට මොරටුව විශ්වවිද්යාලයයේ කුලපති තනතුර හොබවන මහාචාර්ය කරන්නාගොඩ කංකානමලාගේ යසරත්න විඡේසුන්දර පෙරේරා එම විශ්වවිද්යාලයයේ ඉංජිනේරු පීඨයේ පළමු පීඨාධිපතිවරයා වෙයි. මහාචාර්යවරයකු ලෙස වසර 40 පමණ කාලයක් එම විශ්වවිද්යාලයයේ සේවය කර ඇති ඔහු විශ්වවිද්යාල මහාචාර්යවරයකු වීමට පෙර විදුලි දෙපාර්තමේන්තුවේ (අද විදුලිබල මණ්ඩලයේ) ඉංජිනේරුවකු වශයෙන් කටයුතු කර පසුව විදුලිබල මණ්ඩලයේ සභාපති තනතුරට අනතුරුව බලශක්ති අමාත්යංශයේ ලේකම් පදවියට පත් විය. මහතා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්යස්ථානයේ (NERD) පළමු සභාපතිවරයා වන අතර අද සුනිත් බලශක්ති අධිකාරිය ලෙස පරිණාමය වී ඇති බලශක්ති සංරක්ෂණ අරමුදලේ පළමු සභාපතිවරයා වෙයි.

No comments:

Post a Comment