Sivilima සිවිලිම
Tuesday, June 14, 2022
පොසොන් පෙහොය අදයි!
Saturday, June 11, 2022
ප්ලාස්ටික් කන සුපිරි පණුවන් ඕස්ට්‍රේලියානු විද්‍යඥ්යින් පිරිසක් සොයාගනී
ක්ෂුද්‍ර ජීවීන් ප්ලාස්ටික් බිඳ දැමීමේ හැකියාවේ පරිණාමයේ වැදගත් අවස්ථාවක් 2016 ජපානයේ කුණු කන්දෙන් සොයාගත් ප්ලාස්ටික් ජීර්ණය කරන පණුවන්ගෙන් පසු ප්ලාස්ටික් බිදදමන සුපිරි පණුවෙක් ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් සොයාගනී Zophobas morio මෙම විශේෂිත පණුවන් ‘සොෆෝබාස් මොරියෝ’ හෙවත් සුපිරි පණුවන් ලෙස හැඳින් වෙනවා. විද්‍යාඥයින් පවසන්නේ මෙම පණු විශේෂය ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා ඉතා වැදගත්වන බවයි මෙම පණුවන්ගේ ශරීරයේ ඇති එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව ප්ලාස්ටික් පරිසර හිතකාමී තත්ත්වයට පත්කිරීමට හැකිවන බවයි විද්‍යාඥයින් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. කුරුමිණි
Tuesday, June 7, 2022
දිලීර හෙවත් පුස් විවිධත්වය, සිවිලිමත් පුස් කයිද?
Monday, June 6, 2022
කූරගල පුදබිමේ ඉදිවුන i-panel සිවිලිම
Sunday, June 5, 2022
ස්වාභාවික දැවමය නිමාවෙන් යුක්ත i-panel මිලදීගෙන ශ්‍රී ලංකාවේ විනාශවන වන සම්පත රැක ගැනීමට වර්ග අඩියකින් හෝ දායක වූ ඔබ සැමට සිවිලිම අපගේ හෘදයාංගම ස්තූතිය!
ස්වාභාවික දැවමය නිමාවෙන් යුක්ත i-panel මිලදීගෙන ශ්‍රී ලංකාවේ විනාශවන වන සම්පත රැක
ගැනීමට වර්ග අඩියකින් හෝ දායක වූ ඔබ සැමට සිවිලිම අපගේ හෘදයාංගම ස්තූතිය!
සිවිලිම අම්පාර 075 925 2025
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
නො11, ඩී.එස්.
සේනානායක වීදිය,
පන්සල හන්දිය, අම්පාර.
☎ 0759252025 ☎ 0632051193
කලවැද්දා, උගුඩුවා, තලගොයා, වදුරා සහ සිවිලම
කලවැද්දා, උගුඩුවා,
තලගොයා, වදුරා
සහ සිවිලම
සිවිලිමක් ඉදිකරන ඔබට වැදගත් සතුන් කිහපයක් තමයි
කලවැද්දා, උගුඩුවා, තලගොයා
සහ වදුරා, මේ සත්තු එලවන්න සිවිලිමේ රතිඤ්ඤා පත්තු කලාද,
සිවිලිමට කරන්ට් වයර් ඇල්ලුවද, සිවිලිමේ සත්තු මැරෙන්න වහ තිබ්බද, සිවිලිමේ ලයිට් පත්තු කලාද, සිවිලිමට මිරිස් දුම ඇල්ලුවද? සිවිලිමේ අමනුෂ්‍ය දෝෂ මකන්න කට්ටඩියො ගෙනාවද මේ
මොකකින්වත් මේ සත්තු එලවන්න බැරි වුනා නේද?
මේ සතුන් ඔබේ සිවිලමට ඇතුල් වුනොත් ඔබේ ජීවිතය
පවා අප්‍රසන්න එකක් බවට පත්වෙනවා. වසර 05ක්
පැරණි අම්පාරේ එකම සිවිලිම ප්‍රදර්ශනාගාරයට සිවිලිමක් ඉදිකරගැනීමට පැමිනෙන ඔබට මෙම
සතුන්ගෙ කරදරය හා ඊට සූදානම් වන ආකාරය පිළිබඳ දැනුවත් භාවයක් හදනවා.
සිවිලිම මෝස්තර රටා අනුකරණය තහනම්
i-Panel නිෂ්පාදනයන්හි පහත සඳහන් මෝස්තර සඳහා බුද්ධිමය
දේපල පනත යටතේ සැලසුම් නිර්මාණයන්ට අදාල හිමිකම් බලපත්‍ර (Patent) හිමිව තිබේ, මෙම
මෝස්තර අලෙවි කිරීමේ එකම බලයලත් නියෝජිත ලෙස කටයුතු කරනුයේ සිවිලිම ප්‍රදර්ශනාගාර
ජාලයයි. මෙම මෝස්තර පිටපත් කරමින් ව්‍යාජ ලෙස භාණ්ඩ අලෙවි
කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව කරුණාවෙන් සලකන්න.
නිවැරදි i-Panel නිෂ්පාදනයන්
මිලදී ගන්න අම්පාර සිවිලිම ප්‍රදර්ශණාගාරයට එන්න.
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය
අඩි අගල් එකට ගුණ කරලා වර්ග අඩි ගණන හදන්න ගියාම
අඩි අගල් එකට ගුණ කරලා වර්ග අඩි ගණන හදන්න ගියාම
හොර කරනවා!
දන්නවා වගේ ඉන්නවා!
දශම සංඛ්යා
වගේ වැඩි කරනවා!
කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නෑ
මේ කැල්කියුලේටරෙන් පුලුවන් පටලවා ගන්නේ නැතුව
වර්ග අඩි ගාන හොයා ගන්න.
https://www.calculatorsoup.com/calculators/construction/feetandinches.php?do=pop
ඇසුරුම් (Packing) නොමැතිව කර්මාන්ත අකර්මණ්‍ය වෙද්දී I-panel ඉතා නැවුම් ඇසුරුම් වලින් තවමත් ලැබෙන්නේ ඇයි?
සිවිලිම සදහා ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිමැවුන වෙනත් තැනක සොයා ගැනීමට අපහසු නිෂ්පාදනයක් ලෙස I-panel හැදින්විය හැකියි. ශ්‍රී ලංකාවේ වෙළද පොළේ සිවිලිම සදහා විවිධ නිෂ්පාදන හදුන්වා දුන්නද I-panel තරම් සාර්ථක විසදුමක් වෙළදපොළ තරග කාරිත්වය තුල වසර ගනනාවක් තුල තවම ලැබී නැත. මේ නිසා I-panel අලෙවිය සදහා විශාල තරගකාරීත්වයක් පවතී. කොරෝනා වසංගතය ව්‍යාප්තිය සමග සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය නතර වී ඇති අතර සුඛොපභෝගී නිෂ්පාදනයක් වූ සිවිලිම් පැනල් ආනයනය සම්පූර්ණයෙන්ම නතර වී ඇත. නමුත් ශ්‍රී ලංකා වාසීන්ට අඛණ්ඩව සිවිලිම් පැනල් තවමත් ලැබෙන්නේ ශ්‍රී ලංකාව තුල මෙම සිවිලිම් පැනල් නිෂ්පාදනය කරන නිසාවෙනි. ශ්‍රී ලංකාවේ
පාඩම් ඉගෙන නොගන්නා අම්පාරේ සිවිලිම්
පාඩම් ඉගෙන නොගන්නා අම්පාරේ සිවිලිම්
අම්පාර නගරයේ පිහිටි පැරණි බස්නැවතුම්පොල මතකයන් ඔබට ඇත්නම් පමණක් මෙම ලිපිය තේරුම් යාවි. අම්පාර පැරණි බස්නැවතුම් පොල යනු කාක්කන් හා පරෙවියන්ගේ නැවතුම් පොලක් විය. ඉතා උසින් පිහිටි මෙහි බාල්ක මත හා බිත්ති කෙලවරවන ගේබල් හිඩැස මත තනාගත් කූඩු මත සිට පරෙවියන් හා කාක්කන් මලපහ කිරීම නිසා ඇතිවූ අපිරිසිදු කමත් හැමූ දුගදත් ඔබට මතක ඇති. මෙම කාක්කන් හා පරෙවියන්ගේ ගැටලුවට ප්රධානතම හේතුව වූයේ වහලයට යටින් අති බාල්ක හා පරාල වසා පැතලි සිවිලිමක් ඉදිනොකිරීමයි. නමුත් එවකට සැලසුම් කරුවන්
කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?
Saturday, October 9, 2021
වාස්තු විද්‍යාවෙන් ලැබෙන ශක්තිය ඔබේ නිවසට එක්කරන්න. අවශ්‍ය සෙවන නම් සුදුසුම I-panel සිවිලිමක්,
Thursday, February 20, 2020
කොන්ක්‍රීට් වහලයෙන් රත්වන නිවසට ලාංකික විද්‍යාඥයාගෙන් විසදුම්
දිවා කාලයේදී ගොඬනැගිලි තුළ ඇතිවන අධික උණුසුම හේතුවෙන් ඔබත් අපහසුතාවයට පත් වී තිබෙනවාද? ගෝලීය උණුසුම ඉහළ යෑමත් සමඟ මෙලෙස ගොඬනැගිලි ඇතුළත උණුසුම් වීම වැළක්විය නොහැකියි. විශේෂයෙන්ම වර්තමාන ඉදිකිරීම් වලදී භාවිතා කරන පැතලි කොන්ක්‍රීට් වහල (ස්ලැබ්) නිසා එම ගොඬනැගිලි වල අභ්‍යන්තර උෂ්ණත්වය සැළකිය යුතු මට්ටමකින් ඉහළ යෑමට හේතූ වනවා. මේ නිසා එම ගොඬනැගිලිවල වාසය කරන්නන් අපහසුතාවයට පත් වනවා මෙන්ම ගොඬනැගිලි ඇතුළත සුදුසු උෂ්ණත්වයක පවත්වාගෙන යෑමට අමතර පිරිවැයක් දැරිය යුතුයි. අද ශ්‍රී ලාංකීය පර්යේෂණ පිටුව වෙන් වන්නේ මේ ප්‍රශ්නයට දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සාර්ථක විසඳුමක් ලබා දීමට සමත් වූ
ලෝක මිහිතල දිනය 2020 පාසල් චිත්‍ර තරගය
Sunday, July 28, 2019
Monday, December 10, 2018
චීනය ප්ලාස්ටික් ආනයනය තහනම් කරයි
පසුගිය වර්ෂයේ දී චීන රජය එරටට ආනයනය කරනු ලබන ඇතැම් පසුභාවිත අපද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ ය. 1980 දශකයේ පමණ සිට චීනය ප්ලාස්‌ටික් ඇතුළු ද්විතීයික අමුද්‍රව්‍ය හෙවත් භාවිත කරන ලද ද්‍රව්‍ය ආනයනය කිරීමේ යෙදී සිටියේ ය. ඒවා යොදාගන්නා ලද්දේ ප්‍රතිචක්‍රීකරණය මඟින් විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි දේ ලබාගැනීම සඳහා ය. එමඟින් සම්පත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ආනයනය කරන රටවල් අතර මුල් තැන චීනයට හිමි විය. සංඛ්‍යාලේඛන ආශ්‍රිත ව දක්‌වන්නේ නම්, 1992 වර්ෂයේ සිට 2016 දක්‌වා ගත වූ කාලයේ දී ලෝකයේ එක් රටකින් තවත් රටකට අපනයනය කරන ලද ප්ලාස්‌ටික් අපද්‍රව්‍ය අතරන් 45%ක් පමණ ආනයනය කර ඇත්තේ චීනයයි.
Tuesday, September 25, 2018
ගැල්වනයිස් කළ යකඩ තහඩුවක් සීරූවිට මල නොබැදේ. නමුත් ටින් ආලේපිත යකඩ තහඩුවක් සීරූ විට එම යකඩ තහඩුව මල බැදේ
➧ ගැල්වනයිස් කිරීම යනු යකඩ [Fe] මත සින්ක් [Zn] ආලේප කිරීමයි.
➧ සින්ක්, යකඩ වලට වඩා සක්‍රීය වේ.
➧ සීරුණු විට දී වන්නේ සින්ක් ඉලෙක්ට්‍රෝන පිටකරමින් ඔක්සිකරණය වීමයි.
➧ මෙහි දී සින්ක් විඛාදනයට ලක්වන අතර යකඩ විඛාදනය නොවේ.
➧ යකඩ කැතෝඩීය ආරක්ෂාවට ලක්වේ.
➧ එමනිසා යකඩ මල නොබැඳේ.
➧ යකඩ තහඩු වටා ටින් [Sn] ආලේප කරන්නේ යකඩ මල බැඳීමෙන් ආරක්ෂා කිරීම සඳහාය.
➧ යකඩ ටින් වලට වඩා සක්‍රීය ලෝහයකි.
Friday, September 7, 2018
ප්ලාස්‌ටික් බීම බටවලට එරෙහි ව යම් සමාජ මතයක් තැනීම
"මෙය එක් බීම බටයක් පමණයි"
බිලියන 8ක ජනතාවක් එසේ පැවසූ හ.
මේ වැකියෙන් දැක්‌වෙන්නේ සැලකිය යුතු පිරිසක් අතර ඇති එක්‌තරා පොදු හැඟීමකි. වරක් භාවිතයෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික් බීම බට (ස්‌ට්‍රොa) එසේ ඉවත දැමීම නිසා සැලකිය යුතු පරිසර දූෂණයක් ඇති වෙයි. මේ පිළිබඳ සාමාන්‍ය ජනතාව අතර ඇති හැඟීමක් වන්නේ මා භාවිත කරන්නේ එක බීම බටයක් පමණයි යන අදහසයි. එහෙත් බොහෝ දෙනා එසේ සිතා ප්ලාස්‌ටික් බීම බට භාවිත කරන විට පරිසරයට එකතු වන බීම බට ප්‍රමාණය අති විශාල ය. තම තමන් පෞද්ගලික ව පරිහරණය කරනු ලබන්නේ එකක් පමණක් වුව ද, සියලු දෙනා එසේ පරිහරණය කිරීමෙන් සමස්‌තයක් ලෙස පරිසරයට එකතු වන අපද්‍රව්‍ය ප්‍රමාණය ගැන අවබෝධයක් නොමැති වීම මෙයට නිදසුනකි. මෙය අදාළ වන්නේ ප්ලාස්‌ටික් බීම බටවලට පමණක් නො වෙයි. වරක් භාවිතයෙන් පසු ඉවත ලන බොහෝ ප්ලාස්‌ටික් නිෂ්පාදනවලට ද මෙය අදාළ ය.
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු දැවැන්ත අන්තර්ජාතික සමුළුව සයිටීස්
ශ්‍රී ලංකාවේ මේ වන විට විශාල උත්සව හා සමුළු පැවැත්වී තිබෙනවා. 2013 වසරේ පැවැති පොදු රාජ්‍ය නායක සමුළුව එවැන්නක්. එහෙත් ලබන වසරේ මැයි මාසයේ 23 වැනි දා සිට ජූනි මාසයේ 03 වැනි දා දක්‌වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ව ඇති සයිටීස් සමුළුව එතෙක් මෙතෙක් ලංකාවේ පැවත්වෙන අති දැවැන්ත ම සමුළුව වීමට නියමිතයි. එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කරනු ලබන මෙවැනි සමුළුවක සත්කාරක රට වීමේ අවස්‌ථාව තවත් දශක ගණනාවකට පසුව වත් අප වැනි රටකට නැවත හිමි වනු ඇත් ද යන්න අවිනිශ්චිතයි. එබැවින් ජාතියක් වශයෙන් එහි ඇති වටිනාකම හා එය හා සබැඳී ඇති අවස්‌ථාවල ඇති විභවය වටහාගෙන ඉන් උපරිම ඵල ප්‍රයෝජන නෙළාගැනීමට සමස්‌ත ශ්‍රී ලාංකික පුරවැසියන් වන අප සියලු දෙනා ම එකාවන් ව පෙළගැසිය යුතුයි.
Sunday, August 19, 2018
ඇප නැතිව ණයක් ගන්න තරුණ ඔබට අවස්ථාවක් ලගදීම
‘තුරුණු දිරිය’ නමින් ක්‍රියාත්මක වන මේ ණය යෝජනා ක්‍රමයෙන් 12%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් ලක්ෂ 5ක් දක්වා උපරිම ණය මුදලක් ගත හැකි වේ. සාර්ථක ව්‍යාපාර අදහසක් පැවතුණද එය ආරම්භ කිරීමට ප්‍රාග්ධනයක් නැති තරුණ ව්‍යාපාරිකයන් තම ව්‍යාපාරය ආරම්භ කිරීමට අදාළ ණය මුදලක් අයදුම් කිරීමේදී ඊට සාපේක්ෂව ඇපකර තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය ලබාගැනීමට නුසුදුස්සන් වූ අතර, මෙබඳු අවස්ථාවල ඔවුන්ට ණය ලබා දෙන ලෙස රජය මෙතෙක් බැංකු වෙතින් කළ ඉල්ලීම්ද බැංකු විසින් නොසලකා හළ බවත්, මේ තත්ත්වය අවබෝධ කරගෙන විභවයක් සහිත ව්‍යාපාර පිළිබඳ අදහස් ඇති ව්‍යවසායක තරුණ-තරුණියන් තෝරාගෙන, මේ ණය ලබා දීමට පියවර ගන්නා බවත් ආර්ථික කටයුතු අමාත්‍යාංශ නිලධාරියා සඳහන් කළේය.
එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන, පොලී සහනාධාර ණය යෝජනා ක්‍රම 11
එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා ව්‍යවසායකයා
සාර්ව්‍ථක යවසායකයකු වීමට සිහින දකින ඔබට වැදගත්ම කරුණු කිහිපයක්
ව්‍යවසායකයා යනු
ව්‍යවසායකයා අවධානම් දරන්නෙකි (Risk Taker) - Cantillon - 1775
ව්‍යවසායකයා සංවිධායකයෙකි (Organizer) - ව්‍යවසායකයා නිෂ්පාදන සාධක සංයෝග කරනු ලබන ආර්ථික නියෝජිතයෙකි. නැතිනම් සංවිධායකයෙකි - J B Say
ව්‍යවසායකයා නවෝත්පාදන සිදුකරන්නෙකි (Innovator) - ව්‍යවසායකයා යනු නවෝත්පාදන තුලින් ලාභ උපරිම කිරීමට උත්සාහ කරන ආරථික මිනිසෙකි - J A Schumpeter - 1991
ව්‍යවසායකයා නිතරම වෙනසක් සොයන ඊට ප්‍රතිචාර දැක්වීමෙන් එය තමන්ගේ වාණිජමය අවස්ථාවක් බවට පත්කර ගන්නෙකි - Peter Drucker
Saturday, August 18, 2018
ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය ලෝක Green Building Council හි සාමාජිකත්වය දරයි
අප ජීවත් වන නිවස හෝ රැකියාව කරන ස්‌ථානය ප්‍රියමනාප තැනක් නම් එහි නිරතුරු රැෙදන්නට මෙන්ම කරන කාර්යය සතුටින් කරන්නට අපට සිතේ. ස්‌ථානයක් ප්‍රියමනාප වන්නට භෞතික සාධක මෙන්ම අභෞතික සාධක ද බලපායි. මෙහි ලා අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ එවැනි එක් භෞතිsක සාධකයක් පිළිබදව ය. එය නම් ගොඩනැගිල්ලක් හරිතකරණයට බදුන් කරවීමෙන් ලැබෙන ප්‍රයෝජන ය.
මීට කෙටි කලකට ඉහත දී එනම් 2018 වසරේ මුල් භාගයේ දී ඉන්දුනීසියාවේ Sumatera Utara විශ්වවිද්‍යාලයයේ H. Tamiami ඇතුළු පිරිස ඉතා අගනා අධ්‍යයනයක් කළ හ.
එය නම් හරිත ගොඩනැගිලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවට සිදු කරන බලපෑම විමර්ශනය කිරීමයි. මූලික ව ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවන රටාවේ ගුණාත්මක බව ඉහළ නැංවීමට එය හේතු වේ දැයි බැලීම මෙහි දී සිදු විය. මීට අදාළ අධ්‍යයනය Material Science and Engineering ජර්නලයේ නවතම කලාපයේ (2018 පළමු කාර්තුව) පළ වී තිබේ.
Sunday, July 8, 2018
පොඩි පොඩි වෙනස්කම් කරල වාස්තු දෝෂ මග හැරගන්න කරගන්න පුළුවන් දේවල් 09ක්
තමන්ගෙම කියල නිවසක් ගොඩ නගා ගන්න හීනෙ හැබෑ කරගන්න තබන පලවෙනි පියවර තමයි තමන් කැමති විදියට නිවාස සැලස්මක් ඇඳගන්න එක. හැබැයි ඉතින් ගෘහ නිර්මාණ ශිල්පියෙක්ට කියල සැලැස්මක් ඇඳගත්තට පස්සෙ ලංකාවේ අපේ සිරිත ඕක වාස්තු විද්‍යාඥයෙක් ලඟට අරන් ගිහින් වාස්තු දෝෂ බලවන එක. කොහොම වාස්තු බලල හැදුවත් අපි කරන සමහර වැරදි නිසා නිවසේ අර කලින් කිව්ව ධනාත්මක ශක්තිය ගිලිහිලා යන පොඩි පොඩි වැරදි අපි අතින් වෙන්න පුළුවන්. මේ කියන්නෙ එහෙම දේවල් කීපයක්. ඔබත් වාස්තු පිලිගන්න කෙනෙක් නම් මේ උපදෙස් ඔබට වටීවි.