එකිනෙකට සම්බන්ධ, කාලීන වශයෙන් ඉහළ වැදගත් කමක් ගන්නා,අංශ කිහිපයක් ගැන විග්‍රහ කිරිම මෙම ලියමනෙහි අරමුණයි. මිල කළ නොහැකි දායාදය වන පරිසරය, ජන දිවියේ ආධ්‍යාත්මය මුදුන් කරන ආගම දහම හා එම අංශ සම්බන්ධ කරමින් සම්මත සමාජයක් ගොඩනගා ගැනිම යන පරමාර්ථ මෙහිදි ප්‍රමුඛ වේ. වත්මන් සමාජය තුල විෂමාචාරයේ චිරස්ථිතියක් ස්ථාවර වෙමින් තිබේ.එයින් කියැවෙන්නේ බහුතර පිරිසකගේ අධ්‍යාත්මයේ වියවුලක් පවතින බවයි.මානසික වශයෙන් ආධ්‍යාත්මික සංවර්ධනය,මානව සම්පත තුල ගොඩ නැගෙන්නකි.එමෙන්ම එය සංවර්ධන අංශ වලින් උසස්ම සංවර්ධනය ද වේ.ආර්ථික අයහපත,සෞඛ්‍ය,පාරිසරික ඇතුළු භෞතික සංවර්ධනයට අයත් සියලු තන්ත්‍ර නිවැරදිව උස් තලයකට ගෙන ආ හැක්කේ ආධ්‍යාත්මික සංවර්ධනයේ එළියෙන් බව සැම තරාතිරමක පුද්ගලයෙකු කඩිනමින් හැදිනගත යුතු වේ.
මේ කෙටි පොදු පුර්විකාව ගෙන ආවේ,පරිසරය පුජනීය බවත්, එය සුරක්ෂිත කිරිමට වත්මන් සමාජය රිසියෙන්-නිසියෙන් ක්‍රියා නොකරන බවත් පැහැදිලි කිරිම පහසු කර ගැනිම පිණිසයි.
පරිසරය පෙරටුකොට, බිදියි මිනිසා පළමු, සිව්වන, සිල් පද