Monday, August 17, 2015

බටහිර සිවිලිම් කලාවේ සන්ධිස්ථානයක් වූ සිස්ටීන් දෙව් මැදුරේ සිවිලිම

ලොව සිවිලිම් කලාව සංවර්ධනය වීමේදී ආගමික ආයතන විශාල කාර්යභාරයක් සිදු කළා. යුරෝපයේ ඇතිවූ පුනරුදය සමග පාප් වහන්සේගේ කාර්යභාරය තීරනාත්මක විය. ඉන් 11වන ජුලියස් පාප් වහන්සේගේ කාර්ය භාරය තීරනාත්මක එකක් විය.  මෙම රණශූර පාප් වහන්සේ තම ආගමික මතවාදය හා තම ලෞකික බලය පෙන්නුම් කරන සිතුවම් මාලාවක් තම පාලනය යටතේ පල්ලිවල නිර්මාණය කරවූවා. මේ සදහා එවකට ලෝ ප්‍රසිද්ධ කලාකරුවන්  සහභාගී කරවා ගැනීමට පාප් වහන්සේ සමත් වුනා. සීස්ටන් දෙව් මැදුරේ සිවිලිමේ සිතුවම් වැදගත් තැනක් ගන්නේ
ලෝ ප්‍රසිද්ධ කලාකරු මයිකල් ආන්ජලෝද මෙම සිතුවම් සදහා දායක වුන නිසායි.

රෝමයේ සිට පලා ආ මයිකල් ආන්ජලෝ සීස්ටන් දෙව් මැදුරේ සිවිලිමේ සිත්තම්වල දාර්ශනික අදහස් ගැබ්කිරීමට සමත් වීම සිවිලිම් කලාවේ සන්ධිස්තානයක් වුනා. මෙම සිවිලිම නිර්මාණය කිරීමේදී  ඉදිකල පලංචි වල විශේෂයක් තිබුණා. එම පලංචි වල  සලකුණු අදටත් දැකිය හැකියි. සිවිලිමට යටින් වැඩ කිරීම තහනම් කරමින් මෙම පලංචි ඉදිකලා.  මයිකල් ආන්ජලෝ පැනවූ නීතිය නිසා තමන් ශාරීරික ඉතා අපහසුතාවයට පත්වූ බව පසුව ප්‍රකාශ කළා. මුලින් තැවරූ ප්ලාස්ටරය තෙත වැඩි වූ නිසා නැවත එය ගලවා ප්ලාස්ටර් කොට සිවිලිම නිර්මාණයේදී එහි වැඩකල පිරිස් විරෝධය දැක් වූවා. නමුත් මෙහි වැඩ කල වෘත්තීය සිවිලිම් කරුවන් සහයෝගයෙන් තබා ගැනීමට ඇන්ජලොගේ දාර්ශනික අදහස් බලපෑවා.  කෙසේ නමුදු ලොව විශිෂ්ඨතම සිවිලිමක් වූ  සීස්ටන් සිවිලම  සිවිලිම් කලාවට හා සිවිලිම් වෘත්තියට මහගු සේවයක් ඉටු කරනු ලබයි.

No comments:

Post a Comment