Saturday, August 8, 2015

ජලයෙන් හානිනොවන ලංකාවට ගැලපෙන I-panel

සිවිලිමක අවශ්‍යතාවය කල්පනා කරන අයෙකුට ප්‍රධාන වශයෙන්ම එහි සෞන්දර්යාත්මක අගයට මුල් තැනක් හිමි වේ. නමුත් එවැනි සෞන්දර්යාතමක පැත්තකින්ම පමනක් සිවිලිමක් සවි කරගැනීමේ ගැටලු රාශියක් ලාංකිකයන්ට තිබුනි. මූලිකවම එහි වියදම විශාල අගයක් ගත් නිසා කැත වසා ගැනීමේ අරමුනෙන් සිවිලිම් ගසා ගැනීමට ලාංකිකයන් පෙළබුනා. අද වන විට ඒ කැත වසා ගැනීමේ සිවිලිම් කලාව නිසා තම නිවසට ගැටලු ගනනාවක් එක් කර ගැනීමට අපට සිදු වෙලා. සිවිලිමක් සවි කිරීමේදී සැලකිය යුතු කරුණු ගනනාවක් ඇති අතර ඉන් ප්‍රධාන කරුණක් ලෙස ජලයෙන් සිදුවන හානිය සැලකිය යුතුයි. ඝර්ම කලාපීය රටක ජීවත්වන අපට පසුගිය කාලයේ යුරෝපයේ සිවිලිම් කලාවෙන් විශාල බලපෑමක් එල්ල කලා.


සීත රටවල සිවිලිමෙන් බළාපොරොත්තු වුනේ තාපය රදවා ගැනීම. නමුත් අපේ රටට අවශ්‍ය තාපය අවශෝෂණය කරන සිවිලිමක්. ඒකට හොදම  විසදුම අපේ රටේ තිබුණා. ඒ ගස් කපල ලී ඉරල සිවිලිමක් සාදා ගැනීම. නමුත් අද එය ආර්ථික වශයෙන් දුෂ්කර දෙයක් වගේම, විශාල පාරිසරික හානියක් බවට පත් වෙලා. ඒක නිසා යුරෝපයේ භාවිත කල වියදම් අඩු සිවිලිං අපේ රටේ ප්‍රචලිත වුනා.

ඒ අතරදී පාරිසරික හානියක් නොමැති වියදම් අඩු සෞන්දර්යත් රැකෙන සිවිලිං කලාව I-panel  ලංකාවට හදුන්වා දී තිබෙනවා. සීත රටවල හිම වැටෙන නිසා ඒ සිවිලිම් වලට ජලයෙන් සිදුවන හානිය ගැන තැකීම අඩුයි. ඒත් කාලයක් හොදට වැස්ස වහින අපේ රටට ජලයෙන් හානි නොවන I-panel  සිවිලිම විශේෂ වාසියක්. මාස 03ක් එක දිගට වැසි වැටෙන අම්පාර වගේ ප්‍රෙද්ශයකට I-panel  ඉතා වැදගත් වෙනවා.


වතුර වැටිල පිම්බෙන, කුඩු හැලෙන, අවපැහැවෙන සිවිලිම් අපි දැන් සවි කරගත යුතු නැහැ. අව්වට ඇබරෙන ඇද ගහන සිවිලිම් සවිකර ගැනීමත් දැන් අවශ්‍ය නැහැ. හොදම විකල්පය I-panel  දැන් හදුන්වා දී තිබෙන නිසා දැන් අපිට සිවිලිමෙන් නිවසට එක් කල හැකි සෞන්දර්ය ගැනත් කල්පනා කල හැකි යුගයක් උදා වෙලා. මේ සියල්ට යන වියදම අඩු නිසා I-panel  ඔබේ නිවසට පහසුවෙන්ම එකතු කරගන්න පුලුවන්.

No comments:

Post a Comment