1970 වර්ෂයේ සිට මිහිතලය සුරැකීම සඳහා විවිධ පාරිසරික තේමාවන් ඔස්‌සේ ගෝලීය ප්‍රජාව විසින් සැම වර්ෂයක ම අප්‍රේල් මස 22 වැනි දින ලෝක මිහිතල දිනය සමරනු ලබයි. මෙවර එහි තේමාව "පාරිසරික හා දේශගුණික සාක්‌ෂරතාව" වේ.රටක උන්නතියෙහි පදනම ඉහළ සාක්‌ෂරතාවයි. දේශගුණික විපර්යාස හා ඉන් මිහිතලයට එල්ල වන පෙර නො වූ විරූ පාරිසරික තර්ජන පිළිබඳව ගෝලීය ප්‍රජාව ගේ දැනුවත්භාවය වඩාත් හොඳින් ඉහළ නැංවීම, ඒවා අවම කරගැනීමට මහෝපකාරී වේ. පරිසරය ආරක්‌ෂා කිරීම පිළිබඳ අවධානය හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ධෛර්යවත් කිරීම සඳහා සියලු ලෝකවාසී ප්‍රජාව දැනුමින් සවිබල ගැන්වීම කාලීන අවශ්‍යතාවකි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම නිසා සිදු වන දේශගුණ විපර්යාස මිනිසා ගේ පැවැත්මට ඇති ප්‍රධාන අභියෝගය ලෙස මේ වන විට හඳුනාගෙන තිබේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වායුගෝලයට එකතු වන හරිතාගාර වායුවල ප්‍රතිඵලයක් වේ.
වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ සහභාගිත්වය ඇති ව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා වෙනත් පාර්ශ්ව ගණනාවක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා UN-REDD වැඩසටහන මගින් සකසන ලද ජාතික REDD+ ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්‌ම (NRIFAP), ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීම පසුගිය සතියේ (09 දා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි.
තාක්‌ෂණය දිනෙන් දින දියුණු වන්නේ නො සිතන තරම් ශීඝ්‍රයෙනි. එහෙත් එකී තාක්‌ෂණයේ ප්‍රතිලාභ රටේ දියුණුවට හා දීර්ඝකාලීන යහපැවැත්මට ඵලදායී ලෙස අප යොදාගන්නේ ද යන්න නැවත වරක් සිතාබැලිය යුතු ය. මේ ලිපිය දිගහැරෙන්නේ පුරාවිද්‍යා ස්‌මාරක සංරක්‌ෂණය උදෙසා මෑතක දී අප රටට හඳුන්වා දුන් දියුණු තාක්‌ෂණික ක්‍රමවේදයක් ගැන ඔබව දැනුවත් කිරීමට ය.