Friday, May 26, 2017

වන විනාශය හා වන හායනයෙන් සිදු වන හරිතාගාර විමෝචන අඩු කිරීම REDD+

වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ හා දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ සහභාගිත්වය ඇති ව වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් හා වෙනත් පාර්ශ්ව ගණනාවක සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා UN-REDD වැඩසටහන මගින් සකසන ලද ජාතික REDD+ ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්‌ම (NRIFAP), ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීම පසුගිය සතියේ (09 දා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදු කෙරිණි. 


2018-2022 අතර කාලය තුළ ක්‍රියාවට නැංවීමට නියමිත මේ සැලැස්‌ම වනාන්තර කේන්ද්‍රීය වූ තිරසර සංවර්ධනයක්‌ අරමුණු කරගත් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග 13කින් සමන්විත වැඩපිළිවළකි. මේ සඳහා කෙරෙන ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100කි.

වන විනාශය හා වන හායනයෙන් සිදු වන හරිතාගාර විමෝචන අඩු කිරීම, දේශගුණ විපර්යාසය පාලනය කිරීම සඳහා REDD+ මගින් හඳුනාගෙන ඇති යාන්ත්‍රණයකි.

ඡායාරූපයේ දැක්‌වෙන්නේ එක්‌සත් ජාතීන් ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක Una McCauley මහත්මිය විසින් ජාතික REDD+ ආයෝජන රාමුව හා ක්‍රියාකාරී සැලැස්‌මේ පළමු පිටපත ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කරන ලද අවස්‌ථාවයි. පරිසර අමාත්‍යංශයේ ලේකම් උදය සෙනෙවිරත්න මහතා ද ඡායාරූපයේ සිටියි.

No comments:

Post a Comment