Wednesday, September 2, 2015

මාරාන්තික ඇස්බැස්ටෝස් සදහා විකල්පයක්

අඩු වියදමින් සිවිලිමක් නිර්මාණය කිරීමේදී ඇස්බැස්ටෝස් අපේ රටේ ජනප්‍රිය අමුද්‍රව්‍යයක් වුනා. ෆිනිෂින් වහල යනුවෙන් අපේ රටේ ප්‍රසිද්ධ වහල ක්‍රමයටද ඇස්බැස්ටෝස් භාවිතා කරනවා. ෆිනිෂින් වහලයකදී ලොව පුරා සම්මතය වුනේ දැව යොදා නිමා කිරීමයි. ආර්ථික හා පාරිසරික ගැටලු  නිසා වහලට දැව භාවිතා කිරීම අවසන් වෙද්දී විකල්පය වුනේ ඇස්බැස්ටෝස්.
මෙය ලංකාවේදී විකල්පයක් වුනාට යුරෝපා සංගමයට අයත් රටවල් සියල්ල ඇතුළු ජාතීන් 50 කට වඩා සියලුම ආකාරයේ ඇස්‌බැස්‌ටෝස්‌ තහනම් කලා. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ අඩුම තරමින් 107,000 කට ජනතාවක්‌ ඇස්‌බැස්‌ටෝස්‌ නිසා මියයන බවයි.

ලොව පුරාම වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ ඇස්‌බැස්‌ටෝස්‌වල ක්‍ෂුද්‍ර කෙඳි පෙනහලු ආශ්‍රිත පිළිකා සහ තවත් රෝග ගණනාවකට හේතු වන බවය. එහෙයින් ඇස්‌බැස්‌ටෝස්‌වල හානිදායක බව නොතකමින් භාවිතා කරද්දී ලංකා රජය 2018 සිට ඇස්බැස්ටොස් ආනයනය, ඇස්බැස්ටෝස් අමුද්‍රව්‍ය ආනයනය හෝ රටතුල ඇස්බැස්ටෝස් නිෂ්පාදනය සම්පූර්ණයෙන් තහනම් කලා.

අඩු වියදමකින් සිවිලිම නිර්මාණය කර ගැනීම සදහා ඇස්බැස්ටොස් භාවිතා කල අයටත් දැවමය ලක්ෂණ සහිත සිවිලිමක් නිර්මාණය කර ගැනීමට i-panel නිෂ්පාදන පෙලක් හදුන්වාදී තිබෙනවා. මෙම නිෂ්පාදනයේ ඇති විශේෂත්වය පරිසර හිතකාමී බව හා සෞඛ්‍ය ආරක්ෂිත බවයි.  ෆිනිෂින් වහල යනුවෙන් අපේ රටේ ප්‍රසිද්ධ වහල ක්‍රමයටත් සමතලා සිවිලිම සදහාත් සුදුසුම අමුද්‍රව්‍ය අඩුංගු i-panel සිවිලිම අද කාගේත් විශ්වාසවන්ත තෝරාගැනීමක් බවට පත්වෙලා. i-panel සිවිලිම හදුන්වා දීමේදී එය හැදින් වූයේ විශිෂ්ඨත්වයෙන් ඉහලම සිවිලිම යනුවෙනි. ඇත්තෙන්ම i-panel විශිෂ්ඨත්වයෙන් ඉහලම ලංකාවේ අංක 1 නේරීම වේ.

No comments:

Post a Comment