Wednesday, September 2, 2015

ඔබේ සිවිලිමත් අමනුෂ්‍ය වාසභවනක්ද? නිවෙසට සිවිලිම සවිකරන නිවැරැදි ක්‍රමය වාස්තු විද්‍යාත්මක ඇසකින්

ඔබගේ නිවෙස තුළ දුකශෝකයමානසික ආතතිය රෝග පීඩාහිත් රිදවීම්රණ්ඩු සරුවල්සතුරු කරදර වැනි අයහපත් දෑ නිතර සිදුවන්නේ නම් මෙන්ම නිතර නිවෙස අපිරිසුදු වන්නේ නම් එවැනි තත්ත්ව සඳහා හේතු වන වාස්තු ශිල්පීය පැතිකඩ පිළිබඳ ඔබ දැනුවත් කිරීම මෙම ලිපියේ අරමුණ වේ. වාස්තු ශිල්පය තුළ පෙන්වා දෙන පරිදි ඔබගේ ගෘහය තුළ බලවත් වන්නා වූ ප්‍රධාන කොටස් දෙකක් සිටින බව හඳුන්වා දිය හැකියි.

• සම්‍යදෘෂ්ටික භූමිගත හා රුක්‍ෂගත භූමි වාසී දෙවිවරු
• අමනුෂ්‍යප්‍රේත හා භූත පිරිස්
ඔබගේ ගෘහය තුළ බලවත් වන්නේ දෙවියන්ද නැත්නම්

අමනුෂ්‍යප්‍රේත හෝ භූත කොටස්ද යන්න තීරණය වන්නේ ඔබගේ ගෘහයේ ආරක්‍ෂා වී ඇති වාස්තු සිද්ධාන්තවල ස්වරූපය අනුව බව කිව යුතුයි. ඔබගේ ගෘහය තුළ වාස්තු සිද්ධාන්ත නිසි ලෙස ආරක්‍ෂා වී ඇත්නම් එම පරිශ්‍රය ඔබට ආරක්‍ෂාකාරී ක්‍ෂේම භූමියක් වන අතර එය භූමි වාසි දෙවියන්ට ප්‍රියමනාප පරිශ්‍රයක් වන අතර දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිතැතින් ලැබෙනු ඇත. එසේම ඔබගේ ගෘහයේ වාස්තු දෝෂ බලවත් වී ඇත්නම් එය අමනුෂ්‍යප්‍රේත සහ භූත කොටස්වලට ප්‍රියමනාප කිලි භූමියක් ලෙස බලවත් වනු ඇත. ඔබගේ භූමිය කිලි භූමියක් ලෙස බලවත් වී ඇති විටෙක ඔබගේ නිවෙස තුළ නිතර දුකශෝකයමානසික පීඩනයරෝග පීඩාහිත් රිදීම්රුධිරයරණ්ඩු සරුවල්සතුරු කරදර මෙන්ම ජරාවාස වීමද බලාපොරොත්තු විය යුතුයි.

 

නිවෙසේ දුක බහුල කරන සිවිලිම
නිවෙසේ වහලයට යොදන සිවිලිම
ඔබගේ නිවෙසේ වහලය නොපෙනන පරිදි යොදන සිවිලිම තුළ හිස් අවකාශයක් නැත්නම් අඳුරු පරිශ්‍රයක් ගොඩනැඟෙන අතර එම පරිශ්‍රය ඔබ විසින් සාදා දෙන්නේ ප්‍රේතභූත නැත්නම් අමනුෂ්‍ය කොටස්වලට බව ඔබ දන්නවාදනිසි පරිදි විශ්ව ශක්ති නොලැබෙන නිවෙසක සිවිලිම සහිත කොටස තුළ අයහපත් ජීවී කොටස් රජ කරවන බව ඔබ දන්නවාදඔබගේ නිවෙස තුළ ඇති සතුටසාමයසහජීවනයනිදහස ටිකින් ටික නැති කරමින් නිවෙස තුළ දුකවෛරයකේ‍රා්ධයඊර්ෂ්‍යාවරුධිරය වපුරවමින් ඒවා ආහාර කොටගෙන මෙම කොටස් ජීවත් වන බව ඔබ දන්නවාදවාස්තු ශිල්පයට අනුව ගෘහයක වහලය සඳහා සිවිලිම යෙදීමේදී පෙර කල යොදාගත් වාස්තු ශිල්පීය ක්‍රමවේදයන් නූතනයේදී බැහැර කරමින් යොදන සිවිලිම නිසා බොහෝ ගෘහයන් තුළ අමනුෂ්‍ය දෝෂ බලවත් වී ඇති බව ප්‍රායෝගිකව පෙනී යනවා. ඔබගේ ගෘහය සඳහා සිවිලිම යෙදීමේදී සෑම විටම වහලයට සමාන්තර පරිදි සිවිලිම යෙදීම කළ යුතු අතර ඒ තුළින් හිස් අවකාශයේ ප්‍රමාණය අවම කර ගත හැකි වෙනවා. ඒවාගේම දැව යනු මරණයට පත්වූ දෙයක්. මේ මියයන දැව ආශිතව ඉතා පහසුවෙන් මිනිසාටඅහිතකර ජීව කොටස්වලට පැවතිය හැකියි.


ඔබගේ ගෘහයේ දැනටමත් ඇත්තේ වැරැදි ක්‍රමයේ සිවිලිමක් නම් ඔබ එවැනි නිවාස සඳහා මහා වාස්තු ආරක්‍ෂිත ක්‍රමවේදයක් යෙදීම තුළින් අමනුෂ්‍ය කොටස්වල බලය හීන කිරීමේ උපක්‍රම යෙදීම කළ යුතු වෙනවා.
අමනුෂ්‍ය කොටස්වල
බලය හීන කිරීමේ
ආරක්‍ෂිත උපක්‍රමයක්....


ඒ සඳහා ඔබට සිදුකළ හැකි එක් ආරක්‍ෂිත උපක්‍රමයක් කියා දෙන්නම්. ඒ තුළින් එවැනි හිස් අවකාශ බහුල සිවිලිම් කොටස් තුළ සිටින අමනුෂ්‍ය කොටස්වල ශක්තිය දුර්වල කොට ඔවුන් පලවා හැරීමේ හැකියාව ලැබෙනු ඇත.
• තඹ පතක් ගෙන ඒ මත විශ්ව ශක්ති ස්වස්ථික යන්ත්‍ර 04ක් නිසි පරිදි සටහන් කර ගන්න.
• පිරිසුදු මුහුදු වැලිවලට කපුරු කුඩු හෝ කපුරු තෙල් මිශ්‍ර කරන්න.
• ඉහත විශ්ව ශක්ති යන්ත්‍ර 04 කපුරු තෙල් සහ මුහුදු වැලි සහිත මැටි මංජුසාවක තැන්පත් කරන්න.
• කෙම්මුර දිනයන විෂ්ණු දේවාලයට ගොස් එම මංජුසා 04 පේ කර ගන්න.
• මස් මාංසවලින් වැළකී අපර භාග නැකැතකට එම පේ කරගත් වාස්තු මංජුසා 04 ඔබගේ ගෘහයේ ඊශානගිනිකොනනිරිතවයඹ ආදී වශයෙන් දක්‍ෂිණාවෘත්තව වහලයේ සතර කොන තැන්පත් කරන්න.


ඔබගේ ගෘහයේ සිවිලිම නිසා බලවත් වන්නා වූ අමනුෂ්‍ය කොටස් පලවා හැරීම සඳහා ඉහත මහා වාස්තු ආරක්‍ෂිත උපක්‍රම භාවිත කිරීම ඔබට මහත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. මෙම ආරක්‍ෂිත මංජුසා යෙදූ පසුව ගෘහයට හරක් මස් හෝ උෟරු මස් රැගෙන ඒමෙන් එහි බල බිඳෙන බව මතක තබා ගන්න.
ඔබගේ නිවෙසේ දුකශෝකය සහ අසහනය මෙන්ම රෝග පීඩාවන් සඳහා ඔබට බලපෑම් කරන සියුම් ශරීර සහිත කොටස් හඳුනාගෙන එම කොටස් ගෘහය තුළ වාසස්ථාන සකස් කර ගනු ලබන පරිශ්‍රයක් හඳුනාගෙන එම ස්ථාන ආරක්ෂා කිරීම තුළින් ඔබගේ නිවෙසට යහපත උදාවන බව කිව යුතුයි. විශේෂයෙන් නිවෙසේ සිවිලිම ප්‍රධාන කොට ඇති හිස් අවකාශ මෙම අමනුෂ්‍ය කොටස්වල වාසභූමි බව ඔබ හඳුනා ගන්න. සිවිලිමට අමතරව පඩිපෙළ යට ඇති හිස් පරිශ්‍රනිතර වසා ඇති කබඩ්වසා ඇති අඳුරු ගබඩා කාමර වැනි පරිශ්‍රයන්ද මෙම කොටස් ප්‍රියකරන ස්ථාන බව හඳුනා ගන්න.

 


ආරක්‍ෂිත උපක්‍රම යෙදූ පසුව නිවෙසේ උදේසවස කපුරු සුවඳ බලවත් වන ලෙස සුවඳ දුම් අල්ලා පිරිත් සජ්ජායනා ශ්‍රවණයට සලස්වා විශ්ව ශක්තිය බලවත් කිරීම තුළින් දෙවියන්ගේ ඇල්ම බැල්ම බලවත් කිරීම කළහැකි වෙනවා. එවිට ගෘහයේ අයහපත ඇති කරන කොටස් පලවා හැරිය හැකි අතර ඔබගේ ගෘහයේ එතෙක් පැවති දුකශෝකයමානසික අසහනයරෝග පීඩාහිත් රිදවීම්රණ්ඩු සරුවල්සතුරු කරදර වෙනුවට සතුටසැනසීමනිරෝගිකමසාමය වැනි යහපත් දෑ ඔබගේ ගෘහයට ලැබෙනු ඇත.

උපුටා ගැනීම මව්බිම පුවත්පත.

සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

Email-sivlima.lk@gmail.com

Web- https://www.sivilima.work

https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU

Pinterest https://pin.it/7yoplua

#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය

No comments:

Post a Comment