Wednesday, September 2, 2015

නිවාස ණයක් ගැන හිතන ඔබට සම්පත් සෙවණ නිවාස ණය

තමන්ට අයත් නිවසක පදිංචි වන්නේ කවදාද කියන සිහිනයක්‌ සමඟ ජීවත් වන සෑම කෙනකුටම ඒ සිහිනය සැබෑ කර ගැනීමේදී මතුවන ලොකුම ගැටලුව වන්නේ ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමාණවත් මුදලක්‌ තමන් ළඟ නොතිබීමයි.

නමුත්, ඒ ගැටලුවෙන් මිදී සිතට සැනසුමක්‌ ලැබෙන හිසට සෙවණක්‌ තනා ගැනීමේ හැකියාව ඇති කරගන්නට නම් ඔබ ගත යුතු නිවැරදිම තීරණය වන්නේ සම්පත් බැංකුව විසින් හඳුන්වාදී ඇති සම්පත් සෙවණ ණය යෝජනා ක්‍රමයේ ඔබගේ ආදායම මෙන්ම ජීවන රටාවටත් වඩා ගැලපෙන ණය ක්‍රමය තෝරා ගැනීම පමණි.

සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මෙහෙයුම් හා ශාඛා ණය, සමන් හේරත් මහතා පුවත්පතකට දැක්වූ අදහස්.

ප්‍ර. සම්පත් සෙවණ නිවාස ණය ලබාගත හැක්‌කේ කුමන අවශ්‍යතාවයන් සඳහාද?



පි. නිවසක්‌ මිලදී ගැනීමට හෝ ඔබට අයත් ඉඩමක නිවසක්‌ ඉදිකිරීමට, හිස්‌ ඉඩමක්‌ මිලදී ගෙන පදිංචියට සුදුසු නිවසක්‌ තනා ගැනීමට, අඩක්‌ වැඩ නිමකළ නිවසක ඉදිකිරීම් නිමකිරීමට, දැනටමත් පදිංචි වී සිටින නිවස අලුත්වැඩියා කිරීමට, නවීකරණය කිරීමට හෝ අලුතින් කොටසක්‌ එකතු කිරීමට, නිවසක්‌ ඉදිකිරීමට සුදුසු ඉඩමක්‌ මිලදී ගැනීමට වැනි ඕනෑම අවශ්‍යතාවක්‌ සඳහා නිවාස ණය මුදලක්‌ ලබාගැනීමට පුළුවනි.

ප්‍ර. සම්පත් සෙවණ නිවාස ණය ලබා ගත හැක්‌කේ කාටද?

පි. පිළිගත හැකි ස්‌ථිර ආදායමක්‌ ලබන ඕනෑම ශ්‍රී ලාංකිකයකුට තනිවම හෝ හවුල්ව ණය මුදලක්‌ ලබා ගැනීමට පුළුවන්.

ප්‍ර. එක්‌ පුද්ගලයකුට ලබාගත හැකි උපරිම ණය මුදල කොපමණද?

පි. උපරිම ණය මුදලේ සීමාවක්‌ නොමැති අතර ලබා ගත හැකි ණය මුදල තීරණය වන්නේ ණය මුදල පියවීමේ ඔබ සතු හැකියාව සහ ඔබ විසින් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන දේපළෙහි වටිනාකම අනුවයි. සාමාන්‍යයෙන් නිවසක්‌ මිලදී ගැනීමේදී එම නිවසේ තක්‌සේරු වටිනාකමින් 70% ක්‌ දක්‌වා මුදලක්‌ ණය වශයෙන් ලබාදීමට සම්පත් බැංකුව සූදානම්ය. ඒවාගේම ඔබගේ ඉඩමක නිවසක්‌ ඉදිකිරීමේදී ඒ සඳහා වැය වන මුදලින් 90% ක්‌ පමණ මුදලක්‌ ණය වශයෙන් ලබාදීමට පුළුවන්.

ප්‍ර. ණය ලබා ගැනීමට ඇපකර අවශ්‍යද?

පි. මේ සඳහා මූලික වශයෙන් තමන් විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන දේපළ ඇපයට තැබීමට පුළුවන් නොඑසේනම්, ඔබ සතු වෙනත් නිශ්චල දේපළක්‌ වුවද, ඇපයට තැබීමේ හැකියාවක්‌ ඇත.

ප්‍ර. සම්පත් බැංකුවෙන් නිවාස ණය මුදලක්‌ ලබා ගැනීමේ දී ලැබෙන විශේෂ පහසුකම් ගැන සඳහන් කරන්න.

පි. සම්පත් බැංකුවෙන් නිවාස ණයක්‌ ලබා ගැනීමේදී අද දින වෙළෙඳපොළේ පවතින ඉතාමත් තරගකාරී පොලී අනුපාත යටතේ ණය මුදලක්‌ විශේෂයෙන්ම අවුරුදු 25 ක පමණ උපරිම ගෙවීමේ කාලයකට යටත්ව ණය ලබා ගැනීමට පුළුවන්. ඒ වාගේම, ඔබගේ නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට මාස 6 ක පමණ සහන කාලයක්‌ ලබාදීමටත් පුළුවන්. මේ කාලය තුළදී ඔබට ගෙවීමට අවශ්‍ය වන්නේ ඒ සඳහා අදාළ පොළී අනුපාතිකය පමණි.

ප්‍ර. සම්පත් බැංකුවේ නිවාස ණය ලබාදීමේදී අනෙකුත් තරගකාරී බැංකුවලින් වෙනස්‌ වන්නේ කෙසේද?

පි. මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යයි. නිවාස ණය ලබා ගන්නා ගනුදෙනුකරුවන්ට ඉතාමත් සුහදශීලී පෞද්ගලික සේවාවක්‌ වෙළෙඳපොළේ තරගකාරී පොළී අනුපාත මත ලබා ගන්නට පුළුවන්. ඒ වාගේම, අවශ්‍ය ලිපිලේඛන තිබේ නම් දින 10 ක්‌ වැනි කෙටි කාල සීමාවක්‌ තුළදී ණය මුදල ලබාගැනීමට පුළුවන්. ඒ වාගේම, ණය මුදල අවුරුදු 25 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ තුළ ගෙවීමේ හැකියාවක්‌ ලැබෙනවා. ඊට අමතරව, අපිටම සුවිශේෂී වූ සම්පත් ණය සෙවණ දායාද ක්‍රමය යටතේ විශේෂිත නිවාස ණය ලබාගැනීමේ පහසුවත් අපගේ ගනුදෙනුකරුවන්ට ලැබෙනවා. ඒ වාගේම, ණය මුදල අදාළ කාලයට පෙර ගෙවා නිමකිරීමේදී කිසිදු අතිරේක ගාස්‌තුවක්‌ අය කරන්නේද නැත.

ප්‍ර. සම්පත් සෙවණ දායද ණය ක්‍රමය යනු කුමක්‌ද?

පි. ඔබ විශ්‍රාම යැමට ආසන්න වයසේදී පවා රැකියාවක නියුතු හෝ රැකියාවක්‌ කිරීමට සුදුසුකම් ඇති ඔබගේ පුතකු= හෝ දියණියක්‌ සමඟ එක්‌වී සම්පත් දායාද නිවාස ණයක්‌ අයදුම්කිරීමට පුළුවන්. එහි පළමු අදියරේදී ණය මුදල ආපසු ගෙවීමට ඔබ සතු හැකියාව මත ඔබට ගැලපෙන වාරික ක්‍රමයකට යා හැකිය. දෙවන අදියරේදී ඔබට ඔබගේ දියණිය හෝ පුතා සමඟ එක්‌වී වැඩි වටිනාකමක්‌ සහිත වාරික ඔස්‌සේ ණය මුදල ගෙවීමේ හැකියාව ලැබෙනවා. මීළඟ අදියරේදී ඔබගේ විශ්‍රාම වයස්‌ සීමාවට පැමිණි පසු ඔබගේ දුවට හෝ පුතාට ඔවුනට පුළුවන් වාරිකයක්‌ ඔස්‌සේ ණය මුදල ගෙවීමේ අවස්‌ථාව ලබාදීම සම්පත් දායාද ණය ක්‍රමයේ ඇති විශේෂත්වයයි. මේ යටතේ දීර්ඝ කාලීන ණය මුදලක්‌ තමන්ගේ ඉදිරි කාලයේ ගෙවීමේ හැකියාවන් මත ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

ප්‍ර. නිවාස ණය පිළිබඳ වැඩි විස්‌තර ලබාගන්නේ කෙසේද?

පි. මේ සඳහා දිවයින පුරා ව්‍යාප්ත වූ අපගේ ශාඛාවන් දෙසිය දහයෙන් ඕනෑම ශාඛාවක කළමනාකරු මුණගැසීමෙන් ලබාගැනීමට පුළුවන්. ඊට අමතරව, ඇමතුම් මධ්‍යස්‌ථානය සම්බන්ධ දුරකථන අංක 011-2303050 අමතා අවශ්‍ය ඕනෑම කාරණයක්‌ දැන ගැනීමට පුළුවනි.

  සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

Email-sivlima.lk@gmail.com

Web- https://www.sivilima.work

https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU

Pinterest https://pin.it/7yoplua

#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය


No comments:

Post a Comment