Thursday, September 3, 2015

දුටු ගැමුණු රජ දවස රහතන් වහන්සේලාට සෙවන දුන් අම්පාර පියංගල වන සෙනසුන

අම්පාරේ සිට නුවර පාරේ සැතපුම් 30ක් පමණ දුර ගොස් බක්කිඇල්ල, රජගලතැන්න, පසු කර වම් පසට වෙන්නට පියංගල ආරණ් සේනාසනයේ නාම පුවරුව හමුවේ. අම්පාරේ සිට මහියංගනය, මහඔය, බිබිල යන බස්රථවලින්ද රජගලතැන්න, නුගේලන්ද, යන බස්රථවලින්ද ගොස් බක්කිඇල්ල, කඩමණ්ඩියෙන් බැස ටික දුරක් අම්පාර නුවර පාරේ ඉදිරියට යෑමෙන් පියංගල ආරණ් සේනාසන භූමියට පැමිණිය හැකිය.
කටාරම් කොටා බ්රහ්මීය අක්ෂර සදහන් ලේඛන සහිත ලෙන් 26 පමණ භූමිය පුරා විසිරි ඇත. . අතීතයේ කටාරම් කොටූ ලෙන් කීපයක්ම වරිච්චි
බිත්ති බැඳ කුටි බවට පරිවර්තනය කොට තිබේ. පළමුවෙන් හමුවෙන ලෙනේ බිත්ති බැඳ දාන ශාලාවක් ලෙසට පරිවර්තනය කර ඇත. බොහෝ ලෙන් ඉහළින් බ්රහ්මීය අක්ෂර සහිත ලේඛනයකි. උතරගුත තෙරණ ලෙනෙඋත්තර ගුප්ත තෙරුන්ගේ ලෙනේ, උත්තර ගුප්ත තෙරුන් වහන්සේ දුටුගැමුණු රජ සමයේ ප්රදේශයේ විසූ මහානුබල සම්පන්න තෙරුන් වහන්සේ නමක් ලෙස ප්රකටය.
එල්ලාවල මේධානන්ද හිමි මෙහි කාලාන්තරයක් රැදී සිටිමින් මෙම ලෙන් වල ඇති භ්රාහ්මීය අක්ෂර පිටපත් කොට පරිවර්ථනය කොට ඇත. උන් වහන්සේ පියංගල සම්බන්ධයෙන් පල කල කෘතියට අනුව දුටුගැමුණු රජ දවස රහතන් වහන්සේලා මෙම ලෙන් තුල වැඩ වාසය කොට ඇත. අතීත රහතන් වහන්සේලාට සෙවනදුන් මෙම ලෙන් සමූහය තවත් කාලයක් සුරැකේවායි අපේ පැතුමයි. 
අතීතයේ සිටම සිවිලිමක අවශ්‍යතාවය ක්‍රමානුකූලව වර්ධනය වන සැටි දිගාමඩුලු ඉතිහාසය පරීක්ෂා කිරීමෙන් අපට මනාව දැක ගත හැකියි. පියන්ගලදී කටාරමට යටින් වූ ප්‍රෙද්ශය විචිත්‍ර අන්දමින් ඉදිකිරීමට උත්සාහ කිරීමක් දැකගත නොහාකිියි.  
සිවිලිම අම්පාර

No comments:

Post a Comment