Sunday, June 5, 2022

පාඩම් ඉගෙන නොගන්නා අම්පාරේ සිවිලිම්

 

පාඩම් ඉගෙන නොගන්නා අම්පාරේ සිවිලිම්

අම්පාර නගරයේ පිහිටි පැරණි බස්නැවතුම්පොල මතකයන් ඔබට ඇත්නම් පමණක් මෙම ලිපිය තේරුම් යාවි. අම්පාර පැරණි බස්නැවතුම් පොල යනු කාක්කන් හා පරෙවියන්ගේ නැවතුම් පොලක් විය. ඉතා උසින් පිහිටි මෙහි බාල්ක මත හා බිත්ති කෙලවරවන ගේබල් හිඩැස මත තනාගත් කූඩු මත සිට පරෙවියන් හා කාක්කන් මලපහ කිරීම නිසා ඇතිවූ අපිරිසිදු කමත් හැමූ දුගදත් ඔබට මතක ඇති. මෙම කාක්කන් හා පරෙවියන්ගේ ගැටලුවට ප්රධානතම හේතුව වූයේ වහලයට යටින් අති බාල්ක හා පරාල වසා පැතලි සිවිලිමක් ඉදිනොකිරීමයි. නමුත් එවකට සැලසුම් කරුවන්

කල්පනා කරන්නට ඇත්තේ අම්පාර වැනි වියලි දේශගුණයකදී හොද වාතාශයක් සංසරණය වීම පවත්වා ගැනීමට වුවත් එම බාල්ක මත කූඩු තනා ගන්නා කුරුල්ලන් ගැන නොසිතන්නට ඇති. මෙම පසුගාමී අත්දැකීම එලෙසම තිබියදී අම්පාරේ අලුතින් ඉදිවුන නව බස්නැවතුම්පොලඅම්පාර සෝමරත්න ක්රීඩාංගනයේ ක්රීඩා මණ්ඩපය හා අම්පාර වැවඅසල උද්යානයේ ශාලාවේද මෙම ගැටලුව එලෙසම පැවතීම කණගාටුවට කරුණකි. මෙම ස්තාන 3ම නැවත වරක් කුරුල්ලන්ගේ අසූචි වලින් අපිරිසිදු වීමත් ගද ගැසීමත් සිදුව ඇත. මෙම ගැටලු වලට එකම විසදුම හිඩැස් රහිත පැතලි #සිවිලිමයි.

අම්පාර නගරයේ ඉදිකිරීම්වලදී මෙම ගැටලුව අවදානයට ගැනීමට ගෘහ නිර්මාණ ශීල්පීන් යොමු කරවීම අනිවාර්ය කරුණකි.

අම්පාර සිවිලිම ප්රදර්ශණාගාරය ආරම්භයේ සිටම ප්රදේශයේ කාලගුණික හා ස්වභාවික තත්වයන්ට ගැලපෙන ලෙස ඉදිකිරීම් කටයුතු සදහා මග පෙන්වීම් සිදු කරන අතරනිවාස ඉදිකිරීමේදීද මෙවැනි ගැටලු වලට විසදුම් ඉදිරිපත් කොට ඇත.

අම්පාර 2කණුව පන්සල හා අම්පාර ගල්මඩුව රජමහා විහාරයේද මෙම ගැටලුව ඇති වුන අතර ගල්මඩුව රජමහා විහාරයේ මෙම ගැටලුව තවම විසදී නැත.

ඔබගේ නිවාස ඉදිකිරීමේදී සිවිලම සදහා හොදම විසදුම් ඉදිරිපත් කිරීමට අප සමත්ව ඇති අතර නිවාස සැලසුම් කිරීමේදී සිවිලිම සදහා මග පෙන්වීමක් අපට සිදු කල හැකිය. ඒ සදහා අම්පාර පන්සල් හන්දියේ පිහිටි සිවිලිම ප්රදර්ශණාගාරයට පිවිසෙන්න

සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

Email-sivlima.lk@gmail.com

Web- https://www.sivilima.work

https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU

Pinterest https://pin.it/7yoplua

#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය






No comments:

Post a Comment