Sunday, June 5, 2022

කලවැද්දා, උගුඩුවා, තලගොයා, වදුරා සහ සිවිලම

කලවැද්දා, උගුඩුවා, තලගොයා, වදුරා සහ සිවිලම

සිවිලිමක් ඉදිකරන ඔබට වැදගත් සතුන් කිහපයක් තමයි කලවැද්දා, උගුඩුවා, තලගොයා සහ වදුරා, මේ සත්තු එලවන්න සිවිලිමේ රතිඤ්ඤා පත්තු කලාද, සිවිලිමට කරන්ට් වයර් ඇල්ලුවද, සිවිලිමේ සත්තු මැරෙන්න වහ තිබ්බද, සිවිලිමේ ලයිට් පත්තු කලාද, සිවිලිමට මිරිස් දුම ඇල්ලුවද? සිවිලිමේ අමනුෂ්‍ය දෝෂ මකන්න කට්ටඩියො ගෙනාවද මේ මොකකින්වත් මේ සත්තු එලවන්න බැරි වුනා නේද?
මේ සතුන් ඔබේ සිවිලමට ඇතුල් වුනොත් ඔබේ ජීවිතය පවා අප්‍රසන්න එකක් බවට පත්වෙනවා. වසර 05ක් පැරණි අම්පාරේ එකම සිවිලිම ප්‍රදර්ශනාගාරයට සිවිලිමක් ඉදිකරගැනීමට පැමිනෙන ඔබට මෙම සතුන්ගෙ කරදරය හා ඊට සූදානම් වන ආකාරය පිළිබඳ දැනුවත් භාවයක් හදනවා.


සිවිලිමක සත්තු ගැන කියද්දී අපිට සාමාන්‍යයෙන් සිහිවන්නේ මීයා සහ ලේනා, නමුත් මේ සතුන් කරන හානියට වඩා නරකම හානියක් සිවිලිමට කරනන්නේ කලවැද්දා, උගුඩුවා , තලගොයා සහ වදුරා. නිවසේ සනීපාරක්ෂාව විනාශ කරනවා පමනක් නොව සිවිලිම කඩා බිද දැමීමටද මොවුනට හැකියි. මෙහි විශේෂත්වය වන්නේ ඕනෑම ශක්තිමත් සිවිලිමක් කඩා බිද දැමීමට මෙම සතුන්ට ඇති හැකියාවයි. මෙම සතුන්ගේ ගර්භණී සමයේ සිවිලිමට ඇතුල් වුවහොත් ඔබේ සිවිලිම කඩා බිද දමනවා පමනක් නොව සත්ව වාසස්ථානයක් බවට ඔබේ නිවස පත්වෙනවා.
සිවිලිමට ඇතුල්වන උක්ත සතුන්ගේ මල මුත්‍රා විෂ සහිත වන අතර ඔබ දරුණු ආසාදනයකට පවා ලක් විය හැකියි. ඒ වගේම සිවිලිම ඉහලින් ඇති දැව යකඩ කොටස් ඉක්මනින් දිරා යෑමට මෙම බහිසුාවී ද්‍රව්‍යයන්ට හැකියි. නිවස තුල ගදක් වහනය වන අතර පෙරේත ගද කියාද මිනිසුන් මෙම ගද හදුන්වනවා. නිවසකින් බලාපොරෙත්තුවන ප්‍රීතිමත් ජීවිතය ඔබේ නොසැලකිලිමත් කම නිසා විනාශවී යනවා.
අපි දැන් කථා කරමු මීට විසදුම්, මීට විසදුම් 05ක් දෙන අතර ඒවා තම නිවස ඉදිකරන්නට හිතා ඉන්න අයටත් සිවිලිමක් ඉදිකිරීමට හිතා ඉන්න අයටත් ඉදිකල මොනම හෝ සිවිලිමේ මෙවැනි ගැටලු තියන අයටත් පොදු කරුණු 5ක් වේවි.
1. නිවාස සැලැස්ම සෑදීමේදී ගෘහනිර්මාණ ශිල්පියාට සතුන් වහලේ පදිංචි වීමට අවකාශයක් නොලැබෙන ලෙස වහල නිර්මාණය කරන්න උපදෙස් දෙන්න. උදාහරණයක් ලෙස වදුරන් වැඩපුර ගැවසෙන ප්‍රදේශයකදී ෆිනිෂ්න් වහලක් ඉදිකල විට නිවසට වදුරන්ට පහසුවෙන් ඇතුල් විය හැකියි.
2. උද්‍යන අලංකරනය නැත්නම් ඔබගේ වත්ත සැලැස්මක් සහිතව නඩත්තු කිරීමට සැලැස්මක් සාදා ගන්න. කුඩා ඉඩම වුවත් ඔබ සිටුවන පැලයක් පවා සැලැස්මකට සිටුවන්න. වහලයට නැමෙන අතු වලින් තමයි සත්තු ප්‍රධාන වශයෙන් නිවසට ඇතුල් වන්නේ.
3. නිවසට විදුලිය ගැනීම, cctv කැමරා පද්ධතිය, රූපවාහිනී cable, දුරකථන වයර් sola panel ආදිය නිවසක වහලය හරහා ගමන් කරන දේවල් මේවා සවිකිරීම් වලදී වහලය පලුදුවීම් සිදුවිය හැකි අතර ඒවා වසා දමීම අනිවාර්ය දෙයක්. මෙවැනි දෙයක් කරද්දි තමා ගෙහිමියා බාස් ලගට වෙලා බලා ඉන්න ඕනේ සිදුරු නිවැරදිව වැහෙනවද කියා. ඒවගේම මේ පද්ධති වල ඉතා හොද සැලැස්මක් ඔබට තිබිය යුතුයි. වටිනම ටයිල් අල්ලලා වටිනම සිවිලිමක් ගහල වටිනම තීන්ත ගාලා සාලෙ මැදින් TV වයර් එක යනවා, සාලෙ මැද රෙදි වැලැක් එල්ලලා වගේ, මේ වගේ කම්මැලි වැඩ නිසා මුලු ගෙදරම අනාරක්ෂිත වෙනවා.
4. අපේ නිවෙස් එක වරම හදලා ඉවර කරන්නේ නෑනේ, කොටස් වශයෙන් තමා හැදෙන්නේ සාමාන්‍යයෙන් වහලෙ ගහලා බිත්ති කපරාරු කරලා ඉවර කරලා පදිංචියට එන්න කල්පනා කරන නිවාස තමයි ගොඩාක් තියෙන්නේ, එහෙම වුනාම වෙන්නේ නිවසක පදිංචිවය අත්‍යවශ්‍යම වුනු සිවිලිම ඉදි නොවී පොලව ටයිල් කිරීමට යෑමයි. ටයිල් කරලා නිවසේ අලංකරනයට සිවිලිම් ගහනවා, මේක වැරදි ක්‍රමයක්, ඔබ නිවසේ පදිංචියට යනවනම් හිතන්න ඕන පලමු දේ වඩිම්බුව සකස් කිරීමයි. වඩිම්බුව සකස් කිරීමේදී තමයි නිවසට සතුන් අතුල් වන ප්‍රධාන කුහරය නිර්මාණය වන්නේ. වඩිම්බුව සහ වහලයට යොදන පුවරුව අතර ඇතිවන හිඩස වසා දැමීම මගින් ඔබට ඇතිවන වාසිය ගැන කවුරුත් නොකියාවි. මෙය අනිවාර්යෙන් වසා දමන්න ලේනා මීයාගේ පවා වහලයට ඇතුල්වන තැන් මෙමගින් වැසී යයි. ඔබ වහල ඉදිකරන්නේ සිවිලිම ප්‍රදර්ශනාගාරයකින් ලබාගත් i-roof හෝ වීරා ෂීට් වලින් නම් මෙම ගැටලු විසදන උපාංග බොහොමයක් ඒවායේ ඇති අතර ඒවා සිවිලිම ප්‍රදර්ශනාගාරයන්ගෙන් විමසා ලබා ගන්න.ඒ වගේම නිවසක මුලින්ම ඉදිවිය යුත්ත තමා නිවස වටා සිවිලිම, වඩිම්බු පුවරුව හා වහලය අතර පරතරයත් වැසී වඩිම්බු පුවරුව වටා සිවිලිම ඉදිවන්නේනම් ඔබේ නිවසට සතෙකුට ඇතුල් විය හැකි සියලු අවස්ථාවන් මග හැරී යයි. එම නිසා නැවතත් කියන්නේ නිවස වටේ සිවිලිම ඉදිකිරීමට මූලිකත්වයක් දෙන්න. මෙම ඉදිකිරීම නිවෙස හිමියා තරමක් මග හරින්නේ එයට වියදම් කරන තරමක් පෙනුමක් නොඑන නිසා. ඒ වගේම මෙය ඉදිකරන බාස් මෙයට අකමැති වන්නේ ඉදිකිරීම් දුෂ්කරතාවයත්, ගෙහිමියා මහන්සියේ තරමට ගෙවීමට අකමැති වීමත් නිසයි. නියම i-panel සිවිලිමක් නිවස වටා ඉදිකොට ගත හැකිනම් වැඩි වියදමක් යන්නේ නෑ.
5. නිවස වටේ බිත්ති කපරාරු නොකර තිබුනාම තලගොයා වගේ සත්තු වහලෙට ඇතුල් වෙනවා. මේකට විසදුමක් ලෙස නිවස වටා බිත්ති කපරාරු කිරීම වැදගත්.
සමහරු සත්තු එලවන්න සතුන්ගේ නහය ආශිත රෝම වල සංඛ්‍යතයට ගැපෙන තරංග නිකුත් කරන උපකරණ වහලේ සවිකරනවා. නමුත් මෙයත් සාර්ථකම ක්‍රමයක් වෙලා නෑ.
ඉතිං මේ විදිහට සිවිලිමක් ඉදිකලොත් සත්තුන්ගෙන් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුලුවන්. මෙම ගැටලුව ලංකාවේ අපි විතරක් නොවේ මුහුනදීලා තියෙන්නේ. ඔබ පරිවර්තන සාහිත්‍ය කෘති අධ්‍යයනය කරන්නෙක් නම් සිවිලිමේ ඇවිදින සතුන්ගේ තාලයන් , සිවිලිමේ සත්තු කරදරේ නිසා නින්ද නොයනා චරිත ආදී රසවත් කතන්දර ලෝකය පුරා කථා මතක ඇති. අනික වෙන රට වල මෙවැනි අවස්ථාවලට විසදුම් ඉදිරිපත් කරන ආයතන තියෙනවා. ලංකාවෙනම් එහෙම ආයතන හැදෙන එකක් නෑ, මිල ගැටලු නිසා.
කොහොම වුනත් සිවිලිමක් ඉදිකිරීමේදී පලපුරුදු ආයතනයක සේවාවක් ලබා ගන්නේ නම් ඔබට කලින්ම මෙම ගැටලු ඉදිරිපත් කොට ඔබට සාධාරණ යක් කරනු නොඅනුමානයි. සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරය ආරම්භයේ සිටම මෙම කරුණු පාරිභෝගිකයන් දැනුවත් කල අතර, සතුන් කඩා දැමූ සිවිලිමක් අපට මුන ගැසෙන්නේ නැති තරම්. අප පාරිභෝගිකයා දැනුවත් නොකොට කිසිදු අවස්ථාවක සිවිලිමක් ඉදිනොකරයි.
සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරයසිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය

නො11, ඩී.එස්. සේනානායක වීදිය,

පන්සල හන්දිය, අම්පාර.

0759252025 0632051193

Email-sivlima.lk@gmail.com

Web- https://www.sivilima.work

https://sivilimaampara.business.site/

Youtube https://youtu.be/7oM66xZ4IfU

Pinterest https://pin.it/7yoplua

#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය

 

No comments:

Post a Comment