Tuesday, June 14, 2022

පොසොන් පෙහොය අදයි!



සිවිලිම 0759252025
පොසොන් පෙහොය අදයි!
බුද්ධ වර්ෂ 236දී අද වැනි පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක මිස්සක පව්වේ සිට දේවානම් පියතිස්ස මහරජු ඇමතු මිහිඳු හිමියන්ගේ මධුර ස්වරයත් සමග ලක්දිව බුදු සසුන ආරම්භ විය.

එදා සිට බෞද්ධ සැදැහැවතුන් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය සමරන්නේ බුදුමග දෙසූ අනුබුදු හිමියන් සැදැහැ සිතින් සිහි කරමිනි.

පොසොන් පොහෝ දිනයේ සිදු වූ

 අසිරිමත් සිද්ධියක් වන්නේ, බුදු හිමියන් සම්බුද්ධත්වයට පත් වී සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරද්දී ප්‍රථම වරට බුදු සිරුරෙන් සවනක් ගණ බුදුරැස් විහිදීමයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 218කට පසුව ධර්මාශෝක රජ සමයේ රාජානුග්‍රහය ඇතිව 3වන ධර්ම සංඝායනාව පැවැත් විය.

රටවල් 9 ක බුදු දහම ව්‍යාප්ත කර ඇත්තේ, මොග්ගලීපුත්තතිස්ස මහ රහතන්වහන්සේගේ අනුශාසනා පරිදී පැවැත් වු එම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙස ය.

අශෝක අධිරාජයා, සිය පුතනුවන් වූ මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවීමට සියලු කටයුතු සැලසුවේ ඇසින් නොදුටු
මිතුරෙකු වු දේවානම් පියතිස්ස රජුට අනුග්‍රහයක් වශයෙනි.

බුද්ධ වර්ෂ 236දී ඉත්ථිය, උත්ථිය, සම්බල, බද්ධසාල හිමිවරුන්, සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසකතුමා ඇතුළු ධර්ම දූතයින් පිරිවරාගත් මිහිඳු මහ රහතන් වහන්සේ අනුරාධපුරයේ මිස්සක පර්වත මස්තකයට වැඩම කළේ ය.

මුව දඩයමේ යමින් සිටි දේවානම් පියතිස්ස රජු හා මිහිඳු හිමි අතර එදා ඇති වූ සංවාදය ලොව සුවිශේෂී බුද්ධි පරීක්ෂණයක් ලෙස ප්‍රකටවේ.

දේවානම් පියතිස්ස රජු මිහිඳු හිමියන් දෙසූ චුල්ල හත්ථි පදෝපම සූත්‍රයෙන් ධර්මාවබෝධය ලබා රට වැසියන් යහමගට ගැනීමට පියවර ගත්තේ ය.

එතැන් පටන් ශ්‍රී ලංකාවට නිර්මල බුදු දහම සමග මුසු වූ අසිරිමත් සංස්කෘතියක්, කලා උරුමයක්, වාරි රටාවක්, කෘෂිකාර්මික ප්‍රබෝධයක් මෙන්ම ධාර්මික ශීෂ්ඨාචාරයක් ද දායාද වුණි.

අරිට්ට කුමරු ප්‍රමුඛ පිරිස බුද්ධ ශාසනයට ඇතුළු වී මෙරට භික්ෂු ශාසනය ආරම්භ කිරීමත් කලා ශිල්ප ශ්‍රේණි 18ක පිරිසක් සමග සිරිමා බෝ ශාඛාව රැගෙන සංඝමිත්තා තෙරණිය මෙරටට පැමිණිමත් සිදු වුයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසිනි.

පොසොන් පොහෝ දිනයේ මිහින්තලය ‍මෙන් ම අශෝක යුගයට සම්බන්ධ ස්ථානයක් වන ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරයජ ද වැදගත්වේ.

මිහිඳු මහ රහතන් වහන්සේ සහ සංඝමිත්තා තෙරණිය සාංචි චේතියගිරි විහාරස්ථානයේ පසුකාලීනව වැඩවිසු බවත්, මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවේ මිහින්තලයට වැඩම කළේ එම ස්ථානයේ සිට බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ.

❤️ස්වභාව ධර්මයට එකඟ සිවිලිම, 
✅පරිසරය සුරකින නිසා,
✅පරිසරයට හානියක් නොකරන නිසා,
✅පරිසරයට වාසි ගෙනෙන නිසා,
✅සෞඛ්‍ය ආරක්ෂිත නිසා,
❤️හිතට එකඟ සිවිලිම!
👉i-panel සිවිලිම!
👉විශ්වාසයෙන් පැමිනෙන්න.
👉අපගේ සේවාවන් හා ප්‍රතිලාභ අත්විදින්න.
🔴සිවිලිම අම්පාර 
☎ 0759252025
☎ 0632051193
Email-sivlima.lk@gmail.com
Web- https://www.sivilima.blogspot.com
          https://sivilimaampara.business.site/

Youtube   https://youtu.be/7oM66xZ4IfU
Pinterest https://pin.it/7yoplua
#sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය

No comments:

Post a Comment