Sunday, June 5, 2022

කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද?



👀 කසල GI වලින් ගහන බාල සිවිලිමට ඔබත් රැවටුනාද? 👀 සිවිලිමක structural elements වැරදුනත් පෙනුම ලස්සනයි 👀 ගෙදරට සිවිලිමක් අවශ්‍යනම් මේ ගැන හිතන්න.... අප ජීවත්වන පරිසරයේ අපිට පෙනෙන හා නොපෙනෙන දේවල් ඇත. නොපෙනෙන දේවල් තිබුනත් දැනුම භාවිතයෙන් නොපෙනෙන දේ ගැන අදහසක් ගන්න පුලුවන්. ඉදිකිරීම් කර්මාන්තයේදීද මෙම පෙනෙන දේ සහ නොපෙනෙන දෙය අතර වටිනාකම නොදැන බොහෝ පාරිභෝගිකයන් අපහසුතාවයට පත්වන බව අපට පෙනී ගොස් තිබෙනවා. ඉතා ශක්තිමත් කල්පවතින ඉදිකිරීමක් යනු අත්දැකීම් සහ දැනුම එක්කරගත් විදිමත් සංවිධාන ක්‍රියාවලියකට කල හැක්කක් පමණයි. මෙම ඉදිකිරීම්වල ප්‍රමිතිය මැනීම සදහා රාජ්‍ය ආයතන තිබෙන අතර එම ආයතන ඉදිකිරීම් සමාගම්වල හැකියාව අනුව වර්ග කොට තිබෙනවා. නමුත් අපේ රටේ පාරිභෝගිකයන් ඉදිකිරීම්වලදී තම නොදැනුවත්භාවය මත වැඩි වියදම් සහ මක බාස් ඉදිකිරීම් කොට එහි ප්‍රමිතිය පහත් කොට ගන්නනවා. අපි අද ඉදිරිපත් කරන්නේ සිවිලිමක් ඉදිකිරීමේදී පාරිභෝගිකයා නෙත් පිනවන පෙනුමට (finishing) වශී වී මගහැර යන ව්‍යහාත්මක සංරචකවන්වල ගුනාත්මක භාවය පිළිබඳවයි. සිවිලිම ප්‍රදර්ශනාගාර ජාලයන් හදුන්වාදෙන 2x2 සිවිලිම finishing කිරීම සෑම පුද්ගයෙකුටම කල නොහැකිය. නමුත් බලා සිටීමෙන් ඉගෙන ගත හැකි සරලම සිවිලිමකි. මෙහි ව්‍යහයට යොදන grid හා ඒවා වහලයේ එල්ලීම මගින් මෙහි ශක්තිමත් භාවය හා කල් පැවැත්ම ගොඩනංවයි. මෙහිදී එල්ලන කමිබිය පිලිබද අවබෝධයක් නොමැතිව කරන ඉදිකිරීම් නිසා සහ කම්බිය නිවැරදිස්ථාන වලින් නොඑල්ලීමෙන් සිවිලිමේ ප්‍රමිතිය බාල වේ. ඊට අමතරව grid මගින් ශක්තිය ලබා ගැනීමේදී ඒවා කපන ආකාරය හා ඒවා හේත්තු කිරීමේදී ශක්තිය වැඩිවන අයුරින් සකස්කිරීමද බොහෝ විට මග හැරෙන දෙයකි. මෙම වැරදි විසදා ගැනීමට පාරිභෝගිකයා මනා ඉදිකිරීම් දැනුමකින් අධීක්ෂණ කල යුතුය. නොමැතිනම් වගකීම් සම්පන්න ආයතනයක් මෙම ඉදිකිරීමට මැදිහත් විය යුතුය. පැතලි i-panel සිවිලම ඉදිකිරීම සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද අංකාරව ඉදිකල හැකි සිවිලිමකි. නමුත් මෙහි ව්‍යහය ශක්තිමත් වීම හා නිවැරදිව සකස්කිරීම මෙම සිවිලිමේ ප්‍රමිතියට සම්පූර්ණයෙන්ම බලපායි. ඒවාගේම මෙම සැකිල්ලට යොදාගන්නා අමුද්‍රව්‍ය ඉතා වැදගත් වේ. සැකිල්ලේ පරතරය හා එය එල්ලන දුර සහ ඉතා වැදගත් නමුත් පාරිභෝගිකවයාටවත් ඉදිකිරීම් ශිල්පියාටවත් මෙසේ කරන්නේ ඇයිදැයි විද්‍යාත්මක අවබෝධයක් නෑ. ඒ නිසාම නිසි ප්‍රමිතියෙන් තොර ඉදිකිරීමක් සිදුවෙනවා. තරගකාරී වෙළද පොලේ පැතලි සිවිලිම් සදහා විවිධ දිග හා පලලින් සිවිලින් පැනල් සිවිලිම ප්‍රදර්ශනාගාරයන්ගෙන් හදුන්වා දෙනවා. මෙි එක් එක් පැනල් සදහා සැකිල්ලේ මිනුම් වෙනස්, එම නිසා ඔබත් මෙවැනි සිවිලිමක් ඉදිකරයි නම් අපට මෙම මිනුම් ලබාදිය හැකියි. සිවිලිමක ව්‍යහයේ සංරචකයන් ගැන සාමාන්‍ය බාස් කෙනෙකුට හෝ පාරිභෝගිකයෙකුට දැනුමක් නෑ. ඔවුන් විවිධ මිත්‍යා මත වපුරනව මෑතකදී මෙසේ සමාජගත වූ මතයක් තමයි .47mm ඝනකම ගැල්වනයිස් තහඩු වලින් හදපු සී බාර් එකෙන් ගහන සිවිලිම තමයි ශක්තිමත් අනෙක් ඒවා ශක්තිමත් නෑ කියලා. අහපු ගමන් මේක ඇත්ත වගේ පෙනුනනට මෙතන තියෙන්නේ කපටි වංචාවක්. වෙළදපොලේ .47mm ඝනකම වර්ණ ගැන්වූ ගැල්වනයිස් තහඩු වලින් හදපු සී බාර් එකක් ලොකු මුදලක් වෙනවා. නමුත් තහඩු නවන කර්මාන්ත ශාලා වල කසල ලෙස බැහැර කරන .47mm ඝනකම ගැල්වනයිස් කසල තහඩු තොග වශයෙන් ගෙනත් සී බාර් ලෙස නවා වෙළද පොලට එනවා. මෙම තහඩු මිල ඉතා අඩුයි. සිවිලිම ප්‍රදර්ශණාගාර තුල ඇති .3mm ගැල්වනයිස් තහඩු ඉතා උසස් ප්‍රමිතියෙන් ගැල්වනයිස් කල තහඩු ඒ නිසාම මෙම තහඩු ඉහල මිලක් වෙනවා. නමුත් පාරිභෝගිකයා ඝනකම පිළිබද තමාගේ ප්‍රායෝගික අත්දැකීම භාවිතයෙන් විද්‍යාත්මක අවබෝධයක් බැහැරකොට කූට වෙලෙන්දෙකුට රැවටෙනවා. ඔබ මෙම තහඩුවල වෙළදපොල මිල ගනන් බැලුවනම් මෙසේ රැවටෙන්නේ නෑ. මෙවැනි රැවටීමකින් මිදෙන්න කියා අපි ඔබෙන් ඉල්ලනවා. ඒ වගේම ඝනකම කියන මුලාවේ වැටි කසල තහඩු වලින් ඉදිකල සිවිලිම වසර 04.ක් 05ක් කාලයක් තුල දිරා යන බව ඔබ දැන සිටියාද. තහඩු රෝලක් තුලින් නිෂ්පාදනය කොට මහ හැරෙන තහඩු කසල වශයෙන් ඇති නිසා ඒවා ඉක්මනින් දිරා යන නිසා කිසිදු වැඩකට නොගනී. මීට හේතු බොහෝ ඇත. මෙවැනි දෙයකදී ඔබ නොසලකා හැරියේ මිල වුනත් ඇත්තටම .47mm තහඩුවලින් සිවිලිමක් ඉදිකරනවානම් පිරිවැය වැඩි වුනත් එහි ශක්තිමත් භාවය වැඩි වේවි. අනෙක මෙම ව්‍යහ සංරචකවන් පිලිබදව කලින් කලට අලුත් තාක්ෂනික දැනුම එකතු වන නමුත්, පාරිභෝගිකයාට හෝ සාමාන්‍ය කාර්මික ශිල්පීන්ට මෙම දැනුම ගලා ඒමට කල්ගත වේ. හෙල ඉදිකිරීම් කරමාන්තයේ ආභාෂය සහිත ඉතා දක්ෂ කාර්මික ශිල්පීන් මේ අතර කලාතුරකින් ඉතා ශක්තිමත් ව්‍යහයක් සහිත සිවිලිමක් ඉදිකරන අතර. මෙවැනි දැනුම සහිත සිවිලිම් ඉදිකරන්නන් සිවිලිම අම්පාර ප්‍රදර්ශනාගාරයෙන් ගොඩනංවා ඇති අතර, ඉදිරියේදීද උනන්දුවක් සහිත ඉදිකිරීම් ශිල්පීන්ට සිවිලිම් ඉදිකිරීම පිලිබද කෙටි කාලීන පාඨමාලා පවත්වනු ලබයි. සෑම විටකම සිවිලිමක ව්‍යහාත්මක සංරචකවලට මුල්තැන දෙන්න. ඒවගේම ඇස පිනනා එහි අවසන් නිමාව ගැනද ඔබ සැලකිලිමත් වන්න. මේ දෙකටම එකවිට මුල් තැනදෙන්න. එවිට වටිනා සිවිලිමක් ඔබට ලබාගත හැකියි. ................................................................................. සිවිලිම අම්පාර ප්‍රදර්ශණාගාරය නො11, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල හන්දිය, අම්පාර. ☎ 0759252025 ☎ 0632051193 Email-sivlima.lk@gmail.com Web- https://www.sivilima.work https://sivilimaampara.business.site/ Youtube https://youtu.be/7oM66xZ4IfU Pinterest https://pin.it/7yoplua #sivilima #Ampara #Ceiling #design #Ipanel #Srilanka #Construction #අම්පාර #அம்பாறை #இலங்கை #உச்சவரம்பு #uhana #උහන #வீரகொட #Hingurana #දමන #දිගාමඩුල්ල #Galoya #Digamadulla #ගල්ඔය

No comments:

Post a Comment